2023 ජුනි 24 වන සෙනසුරාදා

කමුද? බොමුද? ඕමි ගහමුද?

 2023 ජුනි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00 182

ඔන්න මචෝ අද සුපිරි Y Trend එකක් අරගෙන ආවා. මේක ගොඩක් දෙනෙක් නොදන්න, ඉතාම සීමිත පිරිසක් දන්න Y Trend එකක්. ඒත් තව ටික කාලයක් යද්දී මේ සීන් එක ගැන මුළු රටම දැන ගනී. මේක සූදුවක්. ඒත් Trend එකක්. මේකේ නම ත්‍රී කාර්ඩ්.

ආසි හේරෝ පොරෝ බූරු රජවෙලා තියෙන කුට්ටමෙන් කරන සෙල්ලම් ගැන සුදාලා දන්නවා නේද. මේක කූට්ටම භාවිත කරලා සිද්ධ කරන සෙල්ලම්. බූරු ගැසීම, ඕමි ගැසීම, ප්ලූටෝ ගැසීම වගේ ක්‍රීඩා ගැන නම් ගොඩක් දෙනෙක් දන්නවා. ඒත් මේ ක්‍රීඩාව ගැන සෑහෙන දෙනෙක් දන්නේ නෑ. ඒත් ත්‍රී කාර්ඩ් කියන්නෙ අපේ තරුණ පරම්පරාව අතර වේගයෙන් ජනප්‍රිය වීගෙන යන ක්‍රීඩාවක්.

කුළු හතර පස් දෙනෙක් නිතර නිතර සෙට් වෙන පොට් එකක සාමාන්‍යයෙන් කනවා බොනවා ආතල් දානවා. සමහරක් වෙලාවට ඕමියක් බලනවා, නැත්නම් කාඩ් කුට්ටමෙන් කරන්න පුළුවන් වෙනත් ක්‍රීඩාවක් කරනවා. ඒක මචෝ හරිම සාමාන්‍ය දෙයක්. ඒත් සමහරු මේ වැඩේ කරන ගමන් ඔට්ටු අල්ලනවා වගේම පුංචි සූදුවකුත් පටන් ගන්නවා. මේ සූදු සීන් කෝන් එක තමයි ත්‍රී කාර්ඩ් කියන සෙල්ලම සෙට්වෙලා තියෙන්නෙ.

දැන් අපේ රටේ සෙට් වෙන බජාර්වල සමහරු මේ වැඩේ කරනවා. මේක හරිම සරල ක්‍රීඩාවක්. රුපියල් විස්ස විස්ස වගේ දාල තමයි මුලින්ම මේ වැඩේ පටන් ගත්තා. පස්සේ පනහට සීයටත් සූදුව යනවා. බැලූ බැල්මට ගාණ පොඩි වුණාට ක්‍රීඩාකරන ප්‍රමාණයත් එක්ක අතට ලැබෙන ගාණ ලොකුයි. ලංකාව වටේ ගොඩක් කොල්ලො මේ සීන් එක පටන් අරගෙන තියෙනවා. ඇත්තටම මචෝ මේ Trend එක Beginner Level එකේ තියෙන්නේ.

ඇත්තටම අපේ සුදාලා ගොඩක් දෙනෙක් තාම සීන්කෝන් එක ගැන දන්නැතුව ඇති. ඒත් මචෝ මේ ක්‍රීඩාව ලොකු ලොකු සමාජශාලාවල තියෙන එකක්. ඔයාලා Films එහෙම බලනවා නම් මේ ක්‍රීඩාව ගැන අනිවාර්යෙන්ම දන්නවා. ඒත් මේ Three Card Poker කියන සෙල්ලම නෙවෙයි. ඊට සමාන ක්ලබ්වල සෙල්ලම් කරන ක්‍රීඩාවක්.

මේ ක්‍රීඩාවේ පොදුවේ දමන පිලට අමතරව කළු සුදු වැඩි හාරතය වගේ ඔට්ටු වර්ග කිහිපයක්ම තියෙනවා. ලොකු ලොකු ක්ලබ්වල මේ වැඩේට ලොකුවට මුදල් දැම්මත්, අපි මේ කියන Trend ඇතුළේ ගොඩක් වෙලාවට කොල්ලෝ රුපියල් විස්ස තමා වැඩේට යොදාගන්නෙ. ඉතාම වේගයෙන් ඉවර වෙන ක්‍රීඩාවක් නිසා ජයග්‍රහණය බලාගන්න පැය ගාණක් යන්නේ නෑ. ඒ නිසා ඕමි වගේ ක්‍රීඩාවලට ආදේශකයක් විදිහට මේ ක්‍රීඩාව දැන් ජනප්‍රිය වෙමින් තිබෙනවා.

අපේ සුදාලා දන්නවද ලංකාවේ සමාජ ශාලාවලට අමතරව කාඩ් සෙල්ලම් වැඩිපුරම සිද්ධවෙන්නේ, ත්‍රීවීල් පාර්ක්වල. හැබැයි ගොඩක් වෙලාවට එයාලා සෙල්ලම් කරන්නේ කාලය ගෙවා දමන්න. ඕමි ප්ලූටෝ වගේ සෙල්ලම් තමා ත්‍රීවීල් පාර්ක්වල ජනප්‍රිය. ඒත් අපි මේ කියන අලුත් සෙල්ලමක් දැන් දැන් හිමිහිට ත්‍රීවීල් පාර්ක් වල Trend වෙන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි ඉතින් ඒක ගොඩක් දෙනෙක්ගේ අතේ තියන තුට්ටුවට කෙලවෙන වැඩක්.

අනෙක් අතට මේ ක්‍රීඩාවක් කරන ගමන් ගොඩක් කොල්ලෝ බජාර් සිගරට් එකක් කංසා ටිකක් භාවිත කරනවා. මේකත් එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. කොහොම වුණත් මචෝ මේ වෙද්දි හිමිහිට හිමිහිට රට පුරා මේ සීන්කෝන් එක පැතිරිලා යනවා. තාම ගොඩක් වෙනවා දෙන වදන් නැති වුණාට, දැනගත්ත ගමන් කාඩ් ක්‍රීඩාවන්ට ආස කරන අය හරිම ඉක්මනින් මේ ක්‍රීඩාවට සෙට් වෙනවා.

මේක මේ තරම් වේගයෙන් ජනප්‍රිය වෙන්න හේතු කිහිපයක්ම තියෙනවා. එක වටයක් සෙල්ලම් කිරීමට ගතවන කාලය අඩුවීම, සැලකිය යුතු පිරිසකට සෙල්ලම් කිරීමට හැකිවීම, ඔට්ටු ඇල්ලීමේ අවකාශය වැඩි වීම, සුළු මුදලකට වුණත් සෙල්ලම් කරන්නට හැකි වීම, ඒ අතරින් කිහිපයක්. කොහොම නමුත් මේ ඇතුළෙ සතුටක් විනෝදයක් ඇත්තෙම නෑ, හුදෙක්ම සූදුවක් විතරයි කියලත් කියන්න බෑ. මොකද මේ වැඩේ ගොඩක් දෙනෙක් කරන්නේ ආතල් එකට.

ඒ කොහොම වුණත් ත්‍රී කාර්ඩ් සෙල්ලම් කරන ගොඩක් දෙනා ටිකක් විතර සූදුවට බර අය. මෙයාලට ක්ලබ්වල සිද්ධවෙන සෙල්ලමක් ගෙදර ඉස්සරහ පුටු කිහිපයකුයි මේසකුයි තියාගෙන කරන එකත් වෙනමම සීන් එකක් තමා. ගොඩක් කොල්ලොන්ට එකෙක් පොඩි රෙස්පා එකක් තියෙනවා. ක්ලබ් එකේ නම් සල්ලි වෙනුවට භාවිත වෙන්නේ. ඒ වුණාට කොල්ලො ගොඩක් වෙලාවට මේ වැඩේ කරන්න භාවිතා කරන්න රුපියල් 20 කොළ.

හැබැයි මචෝ මේ සූදුව කරන විදිය නම් ඔන්න අපි සුදාලට කියලා දෙන්නෙ නෑ. කැමැති කෙනෙක්ට හොයාගන්න පුළුවන්. අකමැති කෙනෙක්ට අපි කියන මේ පසුබිම තේරුම් අරගෙන සීන්කෝන් එක බලාගෙන ඉන්න පුළුවන්. කොහොම නමුත් අනුන්ගේ සල්ලිවලට ආශා කරන මේ වැඩේ ඇතුළේ ගත යුත්තක් තියෙනවා කියලා නම් කියන්න බෑ. මේක හුදු ආතල් එකක් පිස්සුවක් විතරයි.

මේක මචං සිරාවටම පිස්සුවක්. හෙට අනිද්දට ඔයාලටත් මේ සීන්කෝන් එක දැකගන්න ලැබෙයි කියලා අපි හිතනවා. වැඩේ කියන්නේ අවසානෙදි, සුදු වේ හොඳ නරක ගුණ අගුණ අපිට කියන්න බැරි එක. සූදුව හොඳ වුණත් වුණත් නරක වුණත් සූදු කෙලින්න නීතියෙන් යම් යම් පරිමාවලින් අවස්ථාව නම් ලබා දීලා තියෙනවා. ඉතින් මචෝ නීති වුණත් අවස්ථාව ලබාදෙන දෙයක් නරකයි කියලා කියන්න අපිට අමාරුයි. ඒත් හොඳයි කියලා කියන්නත් අපිට බෑ.

I නිසල්