2023 ජුලි 08 වන සෙනසුරාදා

ලොවක් බලා සිටි රාජා සොයා ගිය හැරල්ඩ්ගේ උඩරට ගමන The Fine White Wine Man

 2023 ජුලි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 112

ඔන්න පහුගිය සතියේ මුළු Travel ලෝකයේම අවධානය නැවතත් ලංකාවට යොමු කරමින් Harald Baldr ලංකාවේ වැඩකට අත ගැහුවා. හැරල්ඩ් කියන්නෙ ට්‍රුවල් ලෝකෙ ලෙජන්ඩ් කෙනෙක්. එයාව නොදන්න ට්‍රුවල්වලට ආදරය කරන කෙනෙක් ලෝකයේ නෑ. මේ පාර ලංකාවේදී හැරල්ඩ් The Fine White Wine Man කියන වීඩියෝ එක කළා. මීට අවුරුදු හතරකට විතර කලින් ලංකාවේ සංචාරය කරන කොට බාර් එකක් ළඟදි හම්බවුණ රාජා කියන චරිතය තමා හැරල්ඩ් මේ විදිහට හොයාගෙන ගියේ.

අපේ රාජ කියන්නෙ මතට බර දෛනික කුලියක් මලියක් කරන ජීවත්වෙන හරි අපූරු මනුස්සයෙක්. හැරල්ඩ් එහෙමත් ඇල්කොහොල්වලට ටිකක් ළැදි කෙනෙක්. මේ දෙන්නා මුණගැහෙන්නෙ බාර් එකක් ළඟදි. එතනදි රාජා හැසිරිච්ච විදිහ සම්බන්ධ හැරල්ඩ් වගේ ලෝකෙ වටේ ඉන්න එයාගෙ ෆෑන්සල්ත් පුදුම වුණා. රාජා කෑවට බිව්වට අහිංසක හොඳ මනුස්සයෙක්. පස්සේ මේ දෙන්න ගැන ලෝකෙ පුරා මීම්ස් එහෙමත් හැදුණා.

ඉතින් මීට මාස හතරකට විතර හැරල්ඩ් ලංකාවට ඇවිල්ලා මෝටර් බයික් එකක් කුලියට අරගෙන රාජාව හොයාගෙන ගියා. හැමෝම හිතුවේ හැරල්ඩ්ට රාජාව හම්බවෙයි කියලා. ඒත් වැඩේ හරි ගියේ නෑ. ගෙදරට ගිහිල්ලා, බාර් ගාණේ ගිහිල්ලා මිනිසුන්ම හම්බවෙලා ඇවිදලා මහන්සි වෙලා කොච්චර උත්සාහ කළත් රාජාව හොයාගන්න බැරිවුණා. හැරල්ඩ් ලංකාවෙන් ගියේ දුකින්.

කොහොමහරි පහුගිය කාලේ නැවතත් හැරල්ඩ් තමන්ගේ ප්‍රේක්ෂකයන්ගෙන් අහලා තිබුණත් ලංකාවේ ලංකාට ගිහිල්ලා, රාජව හොයන්නද? කසිප්පු හොයන්නද? කියලා. කසිප්පු ගැනත් මෙයාට ලොකු ආසාවක් තියෙනවා. ඒකට හේතු වූ කොරෝනා කාලේ ලංකාවේ හිරවෙලා ඉන්නකොට හැරල්ඩ් බිව්වෙ කසිප්පු. කොහොමහරි ප්‍රේක්ෂකයෝ නම් කිව්වේ රාජව හොයන්න කියලා.

ඔන්න ඊට පස්සේ මෙයා ලංකාවේදී කෝච්චියේ නැගලා. මේ පාර දිගේ හොඳ ආතල් එකක් දිදී The Fine White Wine Man ගමන ගියා. හොඳ හොඳ වැඩ මෙයාට අතරමගදී සිද්ධ වුණා. රාජාව හොයාගෙන ගෙදර ගියත් මේ පාරත් රාජ හිටියේ නෑ. අහල පහල සිංහල ආච්චි කෙනෙකුයි සීයා කෙනෙකුයි මෙයාට ගෙදරට එන්න කියල හොඳ ආතල් එකක් දුන්නා. පස්සේ මෙයා විස්තර හොයලා හොයලා පරණ හෝටලේටම ගිහිල්ලා නතර වුණා. කොහොමහරි හෙන ගේමක් දීලා අන්තිමට බාර් එකක් ළඟදි රාජව හැරල්ඩ්ට හම්බ වුණා.

රාජ බීලා. මේ ගමන පුරාවටම හැරල්ඩ් ඇඳගෙන ආවේ සරමයි ෂර්ට් එකයි මුල්ම දවසේ රාජා හම්බ වෙනකොට හිටපු විදිහටම. මේ දේවල් රාජාට පෙන්වන සතුටු වෙන්න තමයි එයාට ඕනෑ වුණේ. කොහොම හරි මෙයා ෂර්ට් එකක් එහෙම තෑගි ගෙනත් තිබුණා. හැරල්ඩ්ට ඕනෑ වුණේ රාජව හෝටලයට එක්කන් ගිහිල්ලා White Wine එක දෙන්න එක්ක බොන්න. ඒත් අතරමඟදී බාර් එක බලෙන්ම වගේ රාජ ගල් කාලක් ගුඩු ගුඩු ගලා දීලා දැම්මා. ඊටපස්සේ පහුවදා හම්බෙන හැරල්ඩ් රාජට සමුදෙන්න සිද්ධ වුණා.

(ඊළඟ වීඩියෝ එක ආවම රාජටයි හැරල්ඩ්යටයි වුණ දේ කියන්නම්)

අරාබිකරයේ සුන්දර ජනප්‍රිය හදවත Khalid ලංකාවට පෙමින් බැඳේ

Khalid Al Ameer කියලා සෝෂල් මීඩියාවල අතිශය ජනප්‍රිය චරිතයක්. මෙයා එක්සත් අරාබි එමීර් රාජ්‍ය ජීවත්වන කෙනෙක්. මෙයා සහ බිරිඳ ඉදිරිපත් කරන වීඩියෝ අතිශය ජනප්‍රියයි මිලියන ගාණක් දෙනා ඒවා බලනවා. මෙයා ට්‍රුවල් ලෝකෙත් කෙරුම්කාරයෙක්. පහුගිය දවස්වල ලංකාවට ඇවිල්ලා ලොකු වැඩ කිහිපයකටම අත ගැහුවා කියලා ආරංචි වුණා.

මුහුණු පොතට වීඩියෝ කිහිපයකුත් මුදාහැරලා තිබුණේ. කලීඩ් අල් අමීර් ලංකාවට ඇවිල්ලා කරපු ලොකුම ව්‍යාපෘතිය තමයි විනාඩි 53ක ලොකු වීඩියෝ එකක් නිර්මාණය කරපු එක. ඇත්තටම ඒක ශ්‍රී ලාංකිකයෙක් ඇසට කඳුළක් උනන්න තරම් ප්‍රබල වීඩියෝ එකක්. ලංකාවේ ප්‍රසිද්ධ Travel Women කෙනෙකුත් මේ වැඩේට උපරිම සහයෝගය ලබා දීලා තිබුණ.

ලංකාවට ඇවිල්ලා ලංකාව බලලා ගෝල්ෆේස් එකට ගිහිල්ලා, රතු පල්ලියට ගිහිල්ලා, රම්බොඩ ඇල්ල බලන්න ගිහිල්ලා තව ගොඩක් ගොඩක් දේවල් අමීර් කළා. හැමතැනම විනෝද. ඒ වගේම නුවර යන්න, පන්සල් යන්න, පල්ලි යන්න වගේම කෝවිල් යන්නත් ඔහු අමතක කළේ නෑ. දරුවන්ව බැහැදකින්න පෙරපාසලකටත් ගියා. ඒ හැම දෙයක්ම තුළ ලංකාව පිළිබඳ සුබවාදී පණිවුඩයක් ලෝකෙට අරගෙන යනු වුවමනාව තිබුණ කියන එක නම් හරිම පැහැදිලියි.

පාස්කු ප්‍රහාරය, අරගලය සහ විවිධ දේවල් නිසා ලංකාව පිළිබඳ ලෝකයේ තිබුණු ප්‍රතිරූපය වෙනස් කරන්න පුළුවන් විශාල බලපෑමක් සහිත වීඩියෝ එකක් බවට මේක පත්වුණා. පත්වුණා කියලා කියනවට වඩා ඔහු ඒක එහෙම වීඩියෝ එකක් බවට එක පත් කරලා තිබුණා. ලංකාවේ ගොඩක් දෙනෙකුත් මේ වැඩේට උදව් කළ බව නම් බොහොම පැහැදිලියි. ලංකාවේ ප්‍රතිරූපය සෑහෙන්න ඉහළට උස්සලා තියෙන්න මේ වැඩෙන් පුළුවන් නම් වුණා. කොමෙන්ටු බැලුවම ඒක තේරෙනවා.

ගුවන් විදුලි නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගි වුණා. ඒකත් ඉතාම විශේෂ අවස්ථාවක් බවට පත්වුණේ පාස්කු හාරය වෙලාවේ කලීඩ් ලංකාව වෙනුවෙන් පෙනී සිටි ආකාරය නිවේදිකාව මතක් කරලා සංවේදී වුණ නිසා. කොහොමහරි මෙයා මේ ගමනෙදි පාස්කු ප්‍රහාරය සිද්ධ වුණු පල්ලි වලටත් යන්න අමතක කළේ නෑ. පාස්කු දින සිදුවීම සහ ඒ හා සම්බන්ධ දේවල් ගැනවගේම, ලංකාවේ සංචාරක කර්මාන්තයට එල්ල වුණු බලපෑම ගැනත් කලීඩ් කතා කළා.

කොහොම හරි ලංකාවේ ජනතාවත් හම්බවෙන්න දවසක් වෙන්කර ගන්න මෙයා මතක කළේ නැහැ. විශේෂ වැඩ සටහනක් තිබ්බා මිනිස්සු මෙයාගෙන් ප්‍රශ්න ඇහුවා. ලංකාවෙත් මෙයාට ලොකු ෆෑන් බේස් එකක් තියනවා. ඒ නිසා විශාල පිරිසක් මෙතැනට ආවා. තමා විවෘත සංවේදී නිහතමානී මනුස්සයෙක් බව මෙතනදිත් ඔහු ඔප්පු කර. ඇත්තටම මේ වීඩියෝ එක ලංකාවේ කවුරුත් බලන්න ඕනෑ වීඩියෝවක්. ඒක නම් කරල තිබුණෙ I Discovered the REAL Sri Lanka  කියලා.
අන්තිමට Khalid Al Ameer මේ ගමන ඉවර කරේ මෙහෙම කියලා. 

''අපි කොහේ ගියත් අපි මොන වගේ අභියෝගවලට මුහුණ දුන්නත්. අපි අපි එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්නවා නම් අපිට ඕනෑම අභියෝගයක් හරහා යන්න පුළුවන්. එහෙම කරොත් අපිට ජයගන්න බැරි අභියෝගයක් නෑ. ලිහා ගන්න බැරි ගැටලුවක් නෑ. ලංකාවේ මිනිස්සු උදා වෙන හැම දවසකම ඒක ඔප්පු කරමින් ඉන්නවා. ආදරේයි ශ්‍රී ලංකාවට.''

I නිසල්