මෑඩිලී රෝවර් කියන්නේ මේ දවස්වල ලංකාවට ඇවිල්ලා ඉන්න සුදු අයියා කෙනෙක්. ඔන්න මෙයා පහුගිය දවසක කොළඹ වටේ කරක් ගහන්න පටන් ගත්තා. ත්‍රීවීල් එකක නැගලා ඒ මේ අත කැරකිලා.
මෙයා කොලෝනියල් සීන් එක ගැන ලොකුවට උනන්දුවක් දක්වන කෙනෙක් වගේ තමා හැසිරුනේ. අපේ ත්‍රීවිල් අයියලාටත් බායි කියලා පයින්ම කොළඹ වටේ කරක් ගැහුවා. යනකොට දැක්ක බ්‍රිතාන්‍ය ගොඩනැගිලිවලට බැන්නා. අනේ මන්දා. අමුතු ජාතියෙ ඩයල් එකක්.
ඔන්න මෙයා වටේ කැරකිලා කැරකිලා අපේ ජනාධිපති මන්දිරයේ පැත්තෙ ගියා. හිස්ටොරිකල් සෙන්ටර් එකක් බලන්න යන කතාවක් කිය කියා තමයි අපේ යාළුවා ඉස්සරහට ගියේ. ඔන්න පොලීසියේ මහත්තයෙක් ඉස්සරහට ඇවිල්ලා සුහදශීලීව ඇහුවා කොහෙද යන්නේ කියලා. මෙයා පොඩ්ඩක් ආත බූත වෙලා අනම් මනං කිව්වා. ඒ අස්සේ තව මහත්තයෙක් ඇවිල්ලා මෙහෙම කිව්වා.
''සර් මේක ජනාධිපති මන්දිරය.... කින් පැලස් එක. මේ පැත්තෙන් යන්න බෑ.''
හිනාවෙලා අනම් මනම් කියපු සුදු අයියා මේක ආතල් එකකට ගත්තා. ඔරලෝසුවකුත් නැති අත දිහා බලලා මෙයා මෙහෙම කිව්වා.
''ආ... එහෙමද? අද නෙවෙයි මට හෙට ජනාධිපතිතුමත් එක්ක මීටින් එක තියෙන්නෙ...''
අපිට හිනාගියාට අපේ පොලීසියේ මහත්තුරුන්ට හරියට මෙයාගේ ජෝක් එක තේරුණේ නෑ. ඒත් කොහොම හරි මෙයා කට්ටියගෙන් විස්තර අහන කොළඹ වටේ කරක් ගහන වැඩේ ආයේ පටන් ගත්තා.
එංගලන්තෙන් ආවත් පුංචි එංගලන්තයට ඇතුළු වෙන්න බෑ අයියෝ....!
මහත්තයාවත් ත්‍රීවිල් එකේ දාගෙන පැදගෙන යන සුදු අක්කා ඔන්න නුවරඑළි ගිහිල්ලා. පහුගිය සතියේ මෙයාලා ගැන එක කතාවක් අපි කිව්වා. මේ පාර මෙයාලා නුවරඑළිය ගිහිල්ලා පුංචි එංගලන්තේ කියලා තියෙන තැනක් බලන්න ගිහින්. එංගලන්තෙ පැත්තෙන් ආපු නිසා මෙයාලා එංගලන්තෙ ගැන පොඩි උනන්දුවක් තිබුණා.
ඔන්න කොහොම හරි සුදු අයියා එතන සිකුරුටි අයියගෙන් ගිහිල්ලා ඇහැව්වා ඇතුළට යන්නා.
''සර් සමාවෙන්න මේක පෞද්ගලික දේපලක් අපිට ඇතුළු වෙන්න දෙන්න බෑ. අන්න අතන කඩයක් තියෙනවා එතනින් සර්ට පුළුවන් කෝපි එකක් බීලා මේ පැත්ත බලලා කරලා යන්න...''
කලින් වතාවෙත් ලංකාවට ආපු ට්‍රුවල් අයියලා අක්කලා මෙතනට යනවා එනවා අපි දැකලා තියෙනවා. ඇත්තටම මෙතැනට ඇතුළු වෙන්න දෙන්නෙ නෑ. හැබැයි ඒ වුණාට මෙතන අය බොහොම සුහදශීලියි. ඕන කෙනෙක් එක්ක කතාබහ කරනවා.
''මොකද වුණේ ඇතුළුවෙන්න දෙනවද?
ත්‍රීවිල් එක ළඟ හිටපු සුදු අක්කා ඇහැව්වා.
''නෑ මම ඒගොල්ලන්ට කිව්වා අපි එංගලන්තේ ඉඳලා ආවේ. ඒ හින්ද පොඩ්ඩක් ඇතුළු වෙන්න දෙන්නෙ කියලා. අපිට ඇතුළු වෙන්න බෑලු. ඒක පෞද්ගලික දේපලක්ලු.''
පැය දෙකක් විතර ගෙවාගෙන ආපු මේ ගමන ගැන මේ දෙන්නට පුංචි කණගාටුවක් තිබුණ බව නම් පේන්න තිබ්බා. ආයෙ හැරිලා යන්න ඉස්සෙල්ලා සුදු අක්කා මාර ප්‍රශ්නයක් සුදු අයියගෙන් ඇහැව්වා.
''මොකෝ කියන්නෙ විශ්‍රාම කාලය අපි පුංචි එංගලන්තේ ගතකරමුද?''
මහා සෑ මළුවේ මුණගැසුණු හිමියෝ
Too happy to be homesick මේ චැනල් එක කරන්නේ ඉතාලි සුදු නෝනා කෙනෙක්. එයා තනියම ලෝකය වටේ කරක් ගහන ගමන් ඔන්න ලංකාවටත් ඇවිල්ලා. පහුගිය දවස්වල අනුරාධපුරේ පැත්තේ හොඳ චාරිකාවක නිරතවුණා. මෙයා ටිකක් වෙනස් ට්‍රුවලර් කෙනෙක්.
අපේ ලංකාවේ ගෙදර කට්ටියත් එක්ක එකතුවෙලා තමයි මේ චාරිකාව ගියේ. පූජා කරන්න කිරිබත් වගේ දේවලුත් මේ කට්ටිය උදේම හදාගෙන ගියා. කොහොම හරි මේ ගමන අතරතුරේදී මහා සෑය අද්දරදී මේ සුදු නෝනාට හම්බවුණා අපේ හිමිනමක්. උන්වහන්සේ ඉතාලි භාෂාව පවා දන්නා කෙනෙක්. දෙදෙනා අතරේ ඉංග්‍රීසි භාෂාවෙන් ඇතිවුණා බුදු දහම පිළිබඳ ඉතාම වටිනා සංවාදයක් ට්‍රුවල් වීඩියෝ එකක දකින්න නොලැබෙන පන්නයේ.
''බුදු දහම කියන්නේ අයැදීම් වැඳීම් පමණක් නොවේ.''
''මේක ආගමක් නෙවෙයි.''
''බුදු දහමේ භාවනා විධික්‍රම මේවා.''
“''යථාර්ථය පිළිබඳ ඉගැන්වීම්...''
මේ වගේ තේමා යටතේ ඉතාමත් සාරවත් සංවාදයක් චූටි කාලයක් ඇතුළත සිද්ධ වුණා. බුදු දහමේ ඇතැම් දේවල් සම්බන්ධව මේ නෝනටත් අවබෝධයක් තිබුණා. ස්වාමීන් වහන්සේත් බොහොම යථාර්ථවාදීව කරුණු පැහැදිලි කළා.
මේ වීඩියෝ එකේදි ඇය මෙහෙම සටහනක් තබලා තිබුණා.
''මම බොහෝ කලක සිට ප්‍රාර්ථනා කරා බෞද්ධ භාවනාව පිළිබඳ අධ්‍යයනය කරන්න හොඳ ගුරුවරයෙක් ලැබෙන්න කියලා. රුවන්වැලි මහා සෑය ළඟදී මට ඒ ගුරුවරයා මුණගැහුණා.''
I චමිඳු නිසල්