2023 අගෝස්තු 05 වන සෙනසුරාදා

සිංහල සිනමාවේ කිවිඳිය

 2023 අගෝස්තු 05 වන සෙනසුරාදා, ප.ව. 02:01 78

සිංහල සිනමාවේ කිවිඳය වූ සුමිත්‍රා පීරිස් මහත්මිය සිනමාවට පිවිසියේ සහය අධ්‍යක්ෂිකාවක හා සංස්කරණ ශිල්පිනියක ලෙසිනි. තම සැමියා වූ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ නිර්මාණවලට දායක වූ ඇය පසුකාලීනව ගැහැණු ළමයි චිත්‍රපටය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂණයට පිවිසියාය. ගැහැණු ළමයි, ගඟ අද්දර, යහළු යෙහෙළි, සාගර ජලය මදි හැඬුවා ඔබ හින්දා, මායා, ලොකු දුව, දුවට මවක මිස, සක්මන් මළුව, යහළුවෝ සහ වෛශ්නාවී ඇගේ නිර්මාණ අතර වෙයි. දෙස් විදෙස් සම්මාන රැසකට හිමිකම් කියූ සුමිත්‍රා පීරිස් මහත්මියගේ නිර්මාණ. ඕ.සී.අයි.සී, සරසවිය, ජනාධිපති යන මෙරට සියලු සම්මාන උළෙලයන්හිදීත් කාතේජ්, ලන්ඩන්, ටෝකියෝ, මොස්කව්, ෆිල්මෙක්ස්, නැන්ටස්, ෆුකෝකා, වැනි ජාත්‍යන්තර සිනමා උළෙල රැසකදීත් සම්මානයට පාත්‍ර විය. හොඳම සංස්කරණ ශිල්පිනිය ලෙස ගම්පෙරළිය, දෙලොවක් අතර, අහසින් පොළොවට සහ බක්මහ දීගේ යන චිත්‍රපට සඳහාද ගඟ අද්දර, යහඵ යෙහෙළි, මායා, සාගර ජලය, ලොකු දුව, දුවට මවක මිස යන චිත්‍රපට සඳහා හොඳම අධ්‍යක්ෂිකාව ලෙසද ඇය සරසවි, ජනාධිපති, ඔසීඅයිසී සහ විචාරක යන සම්මානයට පාත්‍ර වූවාය. ඒ හැර සන්නිවේදනය සඳහා වන ආතර් සී ක්ලාක් සොන්ටා සම්මානයත්, ජීවිත කාලයටම එක් වරක් පිදෙන රණ තිසර සම්මානයත් ඇයට හිමි විය.

I ප්‍රියන්ජන් සුරේෂ් ද සිල්වා