2023 අගෝස්තු 19 වන සෙනසුරාදා

සරෝද් වැයුමෙන් ලොවක් වශී කළ පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ්ගේ ලංකා ගමන

 2023 අගෝස්තු 19 වන සෙනසුරාදා, ප.ව. 02:00 89

සරෝද් වාදනයෙන් ලොවක් වශී කළ මහාචාර්ය පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ් ප්‍රසංග කිහිපයක් සඳහා ලංකාවට පැමිණියේ සිද්ධි විනායක් සිනෙ ආර්ට්ස් පදනමේ සභාපතිනි කෞෂල්‍යා වික්‍රමසිංහ මෙනවියගේ ගෞරවපූර්ව ආරාධනාවට අනුවය. ස්වාමි විවේකානන්ද සංස්කෘතික මධ්‍යස්ථානයේත්, රමාඩා හෝටලයේත්, රුහුණු, කැලණිය, පේරාදෙණිය සහ සෞන්දර්ය විශ්වවිද්‍යාලයන්හිත්, පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ් ප්‍රසංග පැවැත්වූ අතර තබ්ලා වාදනයෙන් මේ සෑම ප්‍රසංගයකදීම පණ්ඩිත් ජෝයිදීප් සමඟ එක්වූයේ වාද්‍ය නිපුන් පේෂල මනෝජ්ය. රමාඩා ප්‍රසංගයේදී සංගීත් නිපුන් චම්පා කල්හාරි, රිද්ම වීරවර්ධන, අනූ මධුභාෂිණී වැනි ගායක ගායිකාවන් කිහිප දෙනෙක් ගායනයෙන් ප්‍රසංගය පිනවූහ. සෑම සරසවි ප්‍රසංගයක්ම පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ් පැවැත්වූයේ එකම රුපියලක්වත් අය නොකර සරසවි සිසු සිසුවියන්ගේ රසවින්දනය උදෙසාම වූ අතර ඒ වෙනුවෙන් ශ්‍රී ලාංකික අපේත්, හදසර කලා අතිරේකයේත් ආදරයත් උත්තමාචාරයත් පණ්ඩිත් ජෝයිදීප් ගෝෂ්ට අපි පුද කරමු. ඡායාරෑපවලින් දැක්වෙන්නේ ප්‍රධාන අනුග්‍රහය දැක්වූ සහන්‍යා පදනමේ සභාපති මාතර හම්බන්තොට දෙපළාතේ ප්‍රධාන සංඝනායක ආචාර්ය අග්‍රහාරේ නායක හිමි, කිෂෝර් රෙඩ්ඩි මැතිතුමා සමඟ Ms. Navya Singla (Second sectary - High commission of India), Captain Vikas Sood (Defense advisor - High commission of India), අනුග්‍රහය දැක්වූ CBL සභාපති රම්‍ය වික්‍රමසිංහ මහතා සහ සිද්ධි විනායක් පදනමේ සභාපතිනි කෞෂල්‍යා වික්‍රමසිංහ වාද්‍ය නිපුන් පේෂල මනෝජ්, Indian CEO forum හි උප සභාපති කිෂෝර් රෙඩ්ඩි මහතා ඇතුළු සම්භාවනීයන් පිරිසකි.