ඈත ගම් නියම් ගම් පුරා දනව්හි ඇවිදිමින් ශ්‍රී ලාංකික වේදිකාව නාට්‍යමය සැරසිලි වලින් සරසනුවස් එහි අක්මුල් සොයා ගිය වේදිකාවේ ගැඹුරුතම ගවේෂකයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයැයි නොකියා කෙළෙසද? මැණිකක් දිදුල පමණින් සොඳුරු නොවෙනවා සේම එය මැණිකක් වන්නේ සුන්දරත්වයෙන් එහා ඉමක එහි වටිනාකම සනිටුහන් වූ තෝතැන්නකය. එවන් තෝතැන්නක් වේදිකානාට්‍ය වෙනුවෙන් නිමැවූ අපූර්වතම සමාරම්භක නාට්‍යවේදියා ඔහුම මිස අන් කවරෙක්ද? මනමේ, සිංහබාහු, ලෝම හංස, මහාසාර වැනි දීර්ඝ නිර්මාණ චාරිකාවක මතක සාක්ෂාත් කරනුයේ ඒ අපූරු සත්තාවම නොවන්නේද?