SRI LANKAN TOP 100 AWARDS 2023 සම්මාන උළෙල ඉකුත් දිනක කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයකදී පැවැත්විණි. අහස මීඩියා ටීම් සංවිධානය කළ මෙම සම්මාන උළෙලේදී විවිධ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් සිය දෙනෙක් සම්මානයට පාත්‍ර කළ අතර ප්‍රවීණ රංගන ශිල්පිනී ශ්‍රියාණි අමරසේන, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අයි.ටී.එන්. මාධ්‍ය ජාලයේ හිටපු සභාපති සුදත් රෝහණ, අධිකරණ ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, හිටපු ඇමැති සරත් වීරසේකර ඇතුළු ආරාධිතයන් පිරිසක් සම්මාන ප්‍රදානයට එක්ව සිටියහ.