ජනප්‍රිය නළු ක්ලීටස් මෙන්ඩිස්ගෙ හොඳම යාළුවෙක් තමයි සනත් ගුණතිලක. හැබැයි දෙන්නට දෙන්නා මුණගැහෙන තැන්වල හොඳට බයිට් කර ගන්නවා. ඔය පහුගිය දවස්වල දේශය පත්තරේ මේ තීරැවේ ගියානෙ ක්ලීටස්ට චැනල් මාරුවුණ කතාව.
සනත් තකහනියක්ම අපේ පත්තරෙත් අරගෙන මීගමුවෙ ක්ලීටස්ගෙ ගෙදරට ගිහින්. ගිහින් පත්තරේ පෙන්නුවලු. ක්ලීටස් ඊට කලින් ඒක දැකලා තියෙනවා. ඒත් පත්තරේ දිහා හොඳට බලලා ඇහුවලු අර ඇඳපු කාටුන් එකේ ක්ලීටස් ළඟින් ඉන්න කෙනා කවුද කියලා.
එක්තරා පත්තරේකින් ලංකාවෙ ජනප්‍රිය නළුවෙකුගෙ ඉන්ටර්වීව් එකක් කරන්න දවසක් වෙන් කරගෙන තිබුණලු ළඟදි දවසක. කාලෙකට පස්සෙ ලොකුවට යන නිසා වෙනම ෆොටෝ ෂූට් එකකුත් දාගත්තලු.
යොදාගත්ත දවට කලින් දිනයෙ පත්තරේ කර්තෘට වැඩමුළුවන් තිබිලා. ඒ නිසා ඉන්ටර්වීව් කරන්න හිටිය මාධ්‍යවේදියාට කිව්වලු හෙට ෆොටෝ ෂූට් එකට සැමන් පින්ක් පාටින් සහ පීකොක් බ්ලූ පාටින් ඇඳුම් ලැහැස්ති කරගන්න කියලා අර නළුවාට මතක් කරන්න කියලා.
ඒත් මාධ්‍යවේදියාට ඒ පණිවිඩේ දෙන්න අමතක වෙලා. මතක් වෙලා තියෙන්නෙ රෑ පාටියක සෙට් වෙලා ඉන්න වෙලාවක. ඔහු අර නළුවට කෝල් එකක් දුන්නලු. නළුවට තේරුණාලු මෙයා කතාකරන විදිහට කොහෙ හරි සෙට් වෙලා තමයි කියලා.
අනේ අයියේ අපේ එඩිටර් පණිවිඩයක් කියන්න කිව්වා හෙට ෂූට් එකේ ඇඳුම්වල පාට. සොරි ඈහ් මට දැනුයි මතක් වුණේ...
කමක් නැහැ කියන්නකො...
අයියෙ එහෙනම් අමතක කරන්න එපා සැමන් ටින් එකයි පීකොක් බ්ලවුස් එකයි හරිද...?
කලාකාරයො කියන්නෙ මිනිස්සුන්ගෙ ආදරය වගේම ආකර්ෂණය දිනාගෙන ඉන්න පිරිසක්නෙ. ඉතිං ඔවුන් තමන්ගෙ වගේම තමන් නියෝජනය කරන ක්ෂේත්‍රයේ ගරැත්වය රුකෙන විදිහට වැඩ කරන්න එපායැ. හැබැයි එහෙම නොහිතන එක්කෙනෙක් දෙන්නෙක් නිසා මුලු ක්ෂේත්‍රයේම අයගෙ නම කැත වෙනවා.
ළඟදි පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වැඩසටහනකට අර වගේ පිස්සු කෙළින නළුවෙකුටත් එන්න කියලා.
කරුණාකරලා කටේ ගාගෙන නම් එන්න එපා අයියෙ, අපේ වැඩේ අල කරන්න එපා...
පිස්සුද මල්ලි, වැඩ නම් වැඩ. ඊට පස්සෙ තමයි අනිත් වැඩ. කියලා අර නළුවා කිව්වලු.
වැඩේට පොර ආවලු. මේකප් දාන මල්ලි නිෂ්පාදන අංශයට කිව්වලු මෙයා අදත් වැඩේ අල කරන්නයි යන්නෙ කියලා.
කිව්වත් වගේම වැඩේ පටන් ගන්න කොටම නිවේදකයාව බදාගෙන ඔළුව අත ගානවලු. ඕක සජීවී වැඩක් නොවන නිසා කට්ටිය බේරලා තියෙන්නෙ.
කාලයක් එක්තරා පුවත්පතක සේවය කළ මාධ්‍යවේදියෙක් දැන් කරන්නෙ කලා ලොවට සම්බන්ධ උත්සව සම්බන්ධීකරණ වැඩලු.
මෑතකදී ඔහු බාර අරගෙන තියෙනවා එක්තරා ප්‍රසිද්ධ සිනමාවේදියකුගේ අලුත් චිත්‍රපටයක ප්‍රචාරණ වැඩක්. ඔය කලින් වැඩකරපු පත්තරේට ගිහිනුත් ඒ සම්බන්ධව විශේෂාංගයක් කරන්න ඉල්ලීමක් කරලා.
අනේ මචං උඹම ඒක ලියල දෙනවාද, ඒවා ලියන්න පුළුවන් හරි කට්ටිය දැන් මෙහෙ නෑනෙ. කියලා ඒකෙ ප්‍රධාන පෙළේ කෙනෙක් කිව්වලු.
ටෙලිනාට්‍ය රූගත කිරීම් අතරතුර වෙන අමුතු වැඩ ගැන ආයිත් ඉතිං අමුතුවෙන් කියන්න දෙයක් නැහැනෙ. සමහර දර්ශනතලවල නළු නිළියො ඇවිත් වේලි වේලි ඉන්නවලු එදාට අදාළ ස්ක්‍රිප්ට් එක නැතුව. අධ්‍යක්ෂකවරයා ෆෝන් එක දිහා බල බලා ඉන්නවා.
බැලින්නම් තිර කතා රචකයා ඒ දවසට අදාළ සීන් ටික අධ්‍යක්ෂකවරයාගෙ ෆෝන් එකට වයිබර් කරනවලු. ඒ වයිබර් එක එනකම් නළු නිළියො චාටර් වෙනවලු.
හැබැයි වැඩේ පටන් ගත්තට පස්සෙ සීන් ටික ගන්න අධ්‍යක්ෂකවරයට තියෙන්නෙ පුදුමාකාර හදිස්සියක්ලු.
දැනට රූගත කරන අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙන බොහෝ නළු නිළි පිරිස් දවස් දෙක තුනකින් වැඩේ දාලා යනවලු. පිළිවෙළක් නැතිකම නිසා අධ්‍යක්ෂකවරුත් දාලා යනවලු.
ඔන්න දැන් වැඩේ ඇදගෙන යන්නෙ කවුරුත් දන්න සහාය අධ්‍යක්ෂකවරයෙක්. මෙයා ඉතිං එක එක කට්ටියට සළකන විදි වෙනස් කියලා කවුරැත් දන්නවා.
ඔන්න ළඟදි උදෙන්ම දර්ශනයක් රූපගත කරන්න ප්‍රවීණ තරුණ නිළියක් ඇවිත් තවත් ප්‍රවීණයො දෙන්නෙක් එක්ක එයාගෙ කොටස කළාලු. ඊළඟ සීන් එක ගන්නෙත් ඒ සෙට් එකේම අර හිටපු ප්‍රවීණයෝ එක්කලු.
ඒත් පැයක් විතර ගියාට සීන් එක ගන්න පාටක් නැහැ. එකපාරටම වෑන් එකකින් තවත් ජනප්‍රිය තරුණ නිළියක් එතනට ආවලු. එයාගෙ සීන් දෙකක් ඒ අසලම කරලා අර නිළිය දඩිබිඩි ගාලා වෑන් එකේ නැගලත් ගියාලු.
අනේ එයා ඊයේ රෑ වෙනකං පාටියක ඉඳලා හරි මහන්සියෙන් හිටිය නිසා එයාගෙ සීන් ටික ඉවර කරලා යැව්වා. පව්නෙ. දැන් එන්න අපේ වැඩේ කරමු. කියලා අධ්‍යක්ෂවරයා උදෙන්ම ආපු නිළිය හොයනකොට එයත් කැබ් එකක් ගෙන්නගෙන මළපැනලා ගිහින්ලු.
Text – Mithra