මචෝ චීනය කියන්නෙ ලෝකේ පුරාම පට්ට Y Trend හදමින් යන රටක්. මේ වෙනකොට ලෝකෙටම ආවරණය වෙන විදිහට චීන්නු Cultural Invasion එකක් දියත් කරලා තියෙන්නෙ. ඒත් චීනය ලෝක ආර්ථික බලවතා වෙනවා කියලා කිව්වට, චීන සංස්කෘතිය ලෝකය පුරා පැතිරුණා කියන එක නම් ටිකක් පිළිගන්න අමාරුයි නේද? ඔන්න ඒ නිසාම අපි අරගෙන ආවා මේ දවස්වල ලංකාවෙ තරුණ පිරිසක් අතර වේගයෙන් ජනප්‍රිය වෙන Chinese Y Trend එකක්.
මේ කතාව Chinese Television Drama ගැන. එහෙම නැත්නම් ලෝකේ ජනප්‍රියම විදිහට කිව්වොත් C – Drama ගැන. අපේ සුදාලා ගොඩක් දන්නෙ K Drama ගැන. Hollywood, Bollywood ඔක්කොම පහුකරගෙන පහුගිය කාලේ ලෝකෙ අතිශයින්ම ජනප්‍රිය වුණේ කොරියානු ටෙලි කතා මාලා (K Drama). ලංකාවේ නම් මුලින්ම මේ Trend එක අරගෙන ආවේ අපේ රෑපවාහිනී මාධ්‍ය. බොහොම අපූරුවට හඬකවලා පෙන්නපු කොරියානු ටෙලිනාට්‍ය නිසා අපේ කට්ටිය සීන් එකට පිස්සු වැටුණා සුදාට මතක ඇති.
මේ රුල්ල ලංකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම පැතිරුණා. කොරියානු ටෙලි නාට්‍යවලට හිතාගන්න බැරි තරම් ඉහළ වෙළෙඳපොළක් නිර්මාණය වුණා. කොරියාවෙ මේ වැඩේට සාපේක්ෂවම චීනයත් වැඩේට අතගහලා තිබුණේ. කොහොම නමුත් මුල් කාලේ චීන ටෙලිනාට්‍යවලට ලොකු ඉල්ලුමක් තිබුණා. සාම්ප්‍රදායික සහ මායාකාරී කතාන්දරවලට තමා චීනය මුල්කාලීනව උනන්දු වුණේ.
කොහොම හරි පහුගිය අවුරුදු හය හත ඇතුළත චීන නාට්‍ය, චීනයේ පොහොසත් සංස්කෘතික උරුමයන් ගැන සොයා බලන ඓතිහාසික නාට්‍යවල ඉඳලා නූතන ගැටලුවලට මුහුණදෙන සමකාලීන නාට්‍ය දක්වා පුළුල් තේමා පරාසයක විහිදෙන්න පටන් ගත්තා. ලෝකයේ විශාලම ජනගහනයක් ඉන්න චීනයේ මිනිසුන්ටත් ලෝකයේ වෙනත් රටවල ඉන්න මිනිසුන්ටත් මේ විවිධත්වය වැදගත් වුණේ මචෝ, ඔවුන්ගේ රුචිකත්වයට ගැලපෙන නිර්මාණ මේ සමඟම බිහිවුණු නිසා.
පැහැදිලිවම කොරියානු ටෙලි කතා මාලා අතිශය ජනප්‍රිය වීමත්, ජපානයේ චිත්‍ර කතා ඇතුළු නිර්මාණවලට පවා ඉහළ වෙළෙඳපොළක් ලැබීමත්, චීනය මේ තරගයට අවතීර්ණ වෙන්න හේතුවක් වෙලා තියෙනවා. චීනය මුල්කාලීනව වැඩේ අසාර්ථක කරගත්තේ අමුවෙන්ම තමන්ගේ සංස්කෘතිය මේ හරහා බෙදා දෙන්න ගිය නිසා. ඒත් සුදෝ පස්සේ චීනය මේ වෙළෙඳපොළ තේරුම් ගත්තා. තමන්ගේ නූතනත්වය එක්ක ඉස්සරහට යන්න ඕනෑ කියන කාරණාව ඔවුන්ට අවබෝධ වුණා. ඉතින් දැන් වැඩේ පටන් අරන් තියෙන්නෙ, හෙට අනිද්දට ලේසිවෙන එකක් නෑ.
හැම මාදිලියකම කතා චීනයේ තිබුණත්, ලෝකයේ අනිත් රටවල්වල ජනප්‍රිය වෙන්නේ ගොඩක් වෙලාවට සීමිත කොටස් ප්‍රමාණයක් තියෙන C Drama. විශේෂයෙන්ම මේ වෙනකොට චීන Television Channel ඍජුවම තමන්ගේ කතා YouTube වෙත මුදාහරිමින් ඉන්නේ. We TV, Mango TV, YoYo වගේ රෑපවාහිනී නාලිකාවල යූටියුබ් අවකාශයට ගිහිල්ලා බැලුවොත් සුදාලට ඒ සීන් එක හොඳටම තේරෙයි. කොහොම වුණත් Netflix වගේ Platforms වුණත් දැනටමත් චීනයට විවෘත වෙලා ඉවරයි.
මේ දවස්වල චීන ටෙලිනාට්‍ය මෙච්චර ජනප්‍රිය වෙන්න තවත් හේතු කාරණා ගොඩක් තියෙනවා. ගොඩක් වෙලාවට තරුණ පරපුර ඉලක්ක කරගෙන නිර්මාණය වෙන චීන ටෙලිනාට්‍ය හරිම නිදහස් සෞම්‍ය ඒවා. ඒවා බැලුවම කවුරුත් Stress වෙන්නෙ නෑ. ඒ වගේම පහුගිය දවස්වල ලංකාවේ සහ ලොකෙ ජනප්‍රිය වුණු කතා බැලුවම මේ කතාවල ලොකු ලොකු plots නෑ. සරලව කියනවා නම් වෙන රටවල කතා වගේ රට එන්නෙත් නෑ.
හැබැයි අනිත් පැත්තට කියන්න ඕනෑ මෙලෝ රහක් නැති තේරුම් ගන්න ඔළුව මඤ්ඤං කරන කතාත් ඕනෑ තරම් චීනෙ නිෂ්පාදනය වෙනවා. ඉතින් මචෝ ඒ වගේ කතා එකක් දෙකක් බලන්න උත්සාහ කරපු කෙනෙක්ට C Drama නම් මෙලෝ රහක් නැහැ කියලා කිව්වොත් ඒ ගැන ඇත්තටම පුදුම වෙන්න එපා. ඒ අයගෙ පැත්තෙන් ඒ කතාව හරි.
සුදාලා දන්නවා පහුගිය කාලේ කොරියන් ටෙලිනාට්‍ය ජනප්‍රිය වෙච්ච තරම. ඉන්දියාව, ලංකාව වගේ රටවල සම්පූර්ණයෙන්ම මේක පිස්සුවක් වෙලා තිබුණේ. හැබැයි ගොඩක් වෙලාවට K Drama ආභාෂය ලබන්න පටන් ගත්තේ හොලිවුඩ්වලින්. ඒ නිසා මුල් කාලේ තිබුණු සරල සුගම කතාන්දර වෙනුවට සංකීර්ණ කතා, සයිකෝ, සොම්බි කතා වැඩි වශයෙන් නිෂ්පාදනය කරන්න කොරියාව දැන් පෙළඹිලා තියෙනවා. ඇත්තටම මේ පැත්තටත් හොඳ වෙළෙඳපොළක් තියෙනවා.
ඒත් මචෝ කොරියාව ඒ පැත්තට බර වෙද්දි චීනය කොරියාව මුල් කාලයේ කරපු ටෙලිනාට්‍යවලට සමාන කතා නිපදවමින් ඉස්සරහට එන්න පටන් අරගෙන තියෙන්නෙ. චීනය Positive Vibe එකක් හරහා කතාව අරගෙන යන්න වගේම පුළුවන් උපරිමයෙන් Happy Ending එකට යන්නත් උත්සාහ කරනවා. මේ කතා බලන අයට රසය විදිහට ලැබෙන්නෙ සතුට. ලොකු මානසික පීඩනයක් නෑ. ඒ නිසා තමයි ඇත්තටම C Drama දැන් වේගයෙන් ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නෙ.
චීනයේ තියෙන නූතන සංස්කෘතික ලක්ෂණයක් වෙන වැඩ කිරීම, ඉගෙන ගැනීම, කැපවීම, ව්‍යාපාර ආරම්භ කිරීම වගේ දේවල් ලෝකයට ප්‍රදර්ශනය කරන්න මේ ඔස්සේ දැන් චීනය කටයුතු කරමින් ඉන්නවා. කොහොම වුණත් මචෝ මේ වැඩේ නම් සිද්ධවෙන්නේ ඇඟට පතට නොදැනෙන්න.
කතාවකට සම්බන්ධ එක ප්‍රශ්නයක් කොහොමත් තියෙන්නෙ මචෝ. ඒත් මෑත කාලීනව ජනප්‍රිය වුණු ගොඩක් කතාවල මේ වගේ සමානකම් අපි දැක්කා. High School යනවා, හොඳට ඉගෙන ගන්නවා, Campus එකකට යනවා, Love කරනවා, තමන්ගේම ව්‍යාපාරයක් පටන් ගන්නවා, දියුණු වෙනවා, බලාපොරොත්තු ඉෂ්ඨ කර ගන්නවා. ගොඩක් වෙලාවට මේක ඇතුළෙ චීන මිනිසුන්ගේ ආකල්ප ප්‍රදර්ශනය කරනවා වගේම, සාමාන්‍ය මිනිසුන්ගේ ආකල්පවලටත් බලපෑමක් කරන්න චීනය කටයුතු කරනවා.
චීනයේ වර්තමාන දියුණුව, උසස් සමාජ තත්ත්වය ප්‍රදර්ශනය කරන්නත් මේ C Drama මෙවලමක් විදියට ඔවුන් පාවිච්චි කරමින් ඉන්නෙ. අනෙක් අතට High budget production කරන්න චීනයට හැකියාව වගේම තාක්ෂණයත්, මූල්‍ය ශක්තියත් තියෙනවා. කොහොම නමුත් ජනප්‍රිය රැල්ලෙ යන ගොඩක් ටෙලිනාට්‍යවලට සීමා මායිම් තියෙනවා මචෝ. Love ගැන කතා කළත් Sex එච්චරම කතා නොකර ඉන්න බවක් සමහර තැන්වල පෙන්නුම් කරනවා. ඒ වගේම තමන්ගේ රටට හානියක් වෙන කිසිම දෙයක් මෙයාලා ලෝකෙට ඉදිරිපත් කරන්නේ නෑ.
අවසාන වශයෙන් ලංකාව පැත්තට ආවොත් ලංකාවේ තරුණ පරපුරේ විශාල ප්‍රමාණයක් දැන් C Drama Culture එකට සෙට්වෙලා ඉන්නේ. මේ ටෙලිනාට්‍ය බලන අය Group විදිහට සමාජ මාධ්‍ය ඇතුළෙ පවා එකතු වෙමින් ඉන්න බව අපි දැක්කා. කොහොම නමුත් මේ පිළිබඳ හොඳ නරක විග්රහ කරන්න නම් අපි යන්නේ නෑ. මේක ලෝකෙ Y Trend එකක්. ඕනෑම Trend එකක හොඳ සහ නරක තියෙනවා. එච්චරයි.
I චමිඳු නිසල්