හැරී කියලා කියන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක් අඳුරන Traveler කෙනෙක්. මීට කාලෙකට කලින් ලංකාවට ඇවිල්ලා යාළුවෝ කිහිප දෙනෙක් එක්ක හොඳ ආතල් එකක් ගත්තා. ඔන්න ළඟදි අයෙත් අපේ හැරී සහෝදරයා ආවා. යාළුවෝ පේන්න නැතත් ලංකාවෙ ගෑනු ළමයෙක්ව ඔන්න මෙයා Travel කරන්න සෙට් කරගෙන. දෙන්නගෙ ගමන තුන් රෝද රථයෙන්.
ඔන්න දෙන්නත් එක්ක අම්බුලුවාවේ ගියා. ගෑනු ළමයාගෙ නම බාවා කියලා තමා කිව්වේ. ඉතින් බාවා නම් ටිකක් බය වුණා ටවර් එක නගින්න. හැරී සප් එක දුන්නා. කොහොම හරි දෙන්නම අවසානෙ ටවර් එකේ උඩටම නැග්ගා. ඔන්න හැරී මේ පාර ටිකක් අමුතු වැඩක් පටන් අරගෙන ලංකාවේ culture එක ගැන විස්තර හොයනවා.
ඒ අස්සේ මාරම වැඩේ කියන්නේ, ලංකාවේ තමයි වැඩිපුරම Sex කියන වචනෙ Google 'සර්ච් කරන' මිනිස්සු ඉන්නේ කියලා හැරී කොල්ලා දැනගෙන. මිනිහට මාර කුතුහලය. ලංකාවේ ගෑනු ළමයෙක් එක්ක මේ වගේ ගමනක් යන එක පිළිබඳ අනික් අය හිතන දේවලුත් හැරීට ප්‍රශ්නයක් වෙලා. ඔන්න එන ගමන් ඇන්ටිලා වගේකට හැරී 'ඩ්‍රොප්' එකකුත් දුන්නා.
ඇන්ටිලාටත් ඉතින් මාර කුතුහලේ. මේ දෙන්නා බඳින්නද ඉන්නේ කියලා එයාලා අහනවා. බාවා නම් හාවා වගේ උත්තර දුන්නා. හැරී කොල්ලා ඉතින් ඕවට ඇඹරෙන්නෙ නෑ. ඔන්න අපේ හැරියා කිව්ව ඇන්ටිලාට මෙන්න මෙහෙම.
“ඔව් කසාද බඳින්න ඉන්නෙ. ලබන අවුරුද්දේ වෙඩින් එක.. ඔය දෙන්නටත් කියනවා." ඇන්ටිලා විශ්වාස කළාද මන්දා.
2. අවුරුදු 10ක honeymoon ටුවර් එකක් යන කපල් එකක්
සිල්ලිකි සහ රොන් ඔන්න දෙවැනි පාරටත් ලංකාවට ඇවිල්ලා. පහුගිය දවස්වල හිටියේ මීගමුව පැත්තේ. මෙයාලගෙ කතාව ඇත්තටම ටිකක් අමුතු එකක්. ඩෙන්මාර්කයේ තිබුණු Dancing competition එකකදි තමා මෙයාලා මුණගැහිලා තියෙන්නෙ. කලාව ගැන, ට්රුවලින් ගැන, ෆොටෝග්රුපි ගැන සමාන අදහස් තියෙනවා කියලා තේරිලා. ඊටපස්සේ ඔන්න ලව් එක පටන් අරගෙන.
මේ දෙන්නා කොච්චර ආතල් ඩයල් දෙකක්ද කියනවා නම්, 2018 දී කිලෝමීටර 500 ක් ස්කොට්ලන්තය හරහා පයින් ඇවිදලා ඊටපස්සේ තමයි කසාද බැඳලා තියෙන්නේ. ඔන්න ඊටපස්සේ දෙන්නට තවත් පිස්සු අදහසක් ඇවිල්ලා. අවුරුදු දහයක හනිමුන් ටුවර් එකක් යන්න. අවුරුද්දක් විතර Travel කරගෙන යද්දි තමා යූටියුබ් එක පටන් අරගෙන තියෙන්නෙ.
කොහොම වුණත් මෙයාලා අඩු වියදම් සංචාරකයෝ. හැමදේම සරලව පහසුවෙන් කරගන්න තමයි මෙයාලා කටයුතු කරන්නේ. පහුගිය දවස්වල මීගමුව පැත්තේ සති දෙකක් ගත කරන ගමන් මෙයාලා ඉඳිආප්ප මුල් දෙකක් අරගෙන ගිහිල්ලා බීච් එකේ ගලක් ළඟට වෙලා කෑවා. ඉඳිආප්ප කියන්නේ හරිම සරල පහසු කෑමක් කිය කියා රස කර කර මෙයාලා කෑවා. කාලා ඉවරවෙලා ටිකක් පැත්තක හිටපු බලු රාල කෙනෙක්ටත් දුන්නා. කොහොම වුණත් මෙයාලා නම් ජීවිතේ නිදහස උපරිමයෙන්ම භුක්ති විඳින අය.
3. Online job කරන ගමන් travel කරනවෝ
ඔන්න මේ දෙන්නත් මේ දවස්වල ලංකාවේ ඉන්නෙ. Husband and wife. එක්කෙනෙක් ඔස්ට්‍රේලියාවේ. එක්කෙනෙක් කැනඩාවේ. ජොබ්වලින් අයින්වෙලා දෙන්නම ඔන්ලයින් වැඩ කරන්න තීරණය කරලා. ඒ එක්කම දෙන්නම ලෝකෙ පුරා නිදහසේ සංචාරය කරනවා.
ඔන්න පහුගිය දවසක මේ දෙන්නා කොළඹ ඉඳන් වැලිගම එන්න තීරණය කරලා තිබුණා. කොටුව දුම්රියපොළට ආවම, අපේ පාසල් ළමයි වගයක් මේගොල්ලෝ දැක්කා.
“මට මේ ස්ටේෂන් එකට ආවම දෙයක් මතක් වෙනවා. ලස්සන සුදු පාට නිලඇඳුම් ඇඳගෙන පාසල් ළමයි එහෙ මෙහෙ යනවා. පුංචි කාලේ මට සෑහෙන්න ඕනෑවෙලා තිබුණා නිලඇඳුමක් අඳින්න."
මෙහෙම කිව්වේ මැන්ඩි. බලන්න ඒ අයගේ අදහස්. ඒවා හරි අපූරුයි.
කොහොම හරි වෙරළබඩ මාර්ගයේ අසිරිය දැකබලා ගන්න ගමන් වැලිගමට ආවා. එතකොට බොහොම රූ වෙලා. බහින ස්ටේෂම හොයාගන්න එකත් මේගොල්ලන්ට එච්චරම පහසු වුණේ නෑ. අන්තිමේදි තුන් රෝද රථයකින් ඉන්න තැනටත් ආවා.
මේ දෙන්නා ටිකක් 'ප්‍රොෆෙෂනල්' විදියට වැඩ කරන බව තමා පේන්නෙ. කුලියට ස්කූටර් එකකුත් අරගෙන වැලිගම වටේ කරක්ගැහුවා. අපේ වෙරළවල්වලට වෙලා තියෙන විනාශය ගැන වගේම, සමහරක් චූටි චූටි අඩුපාඩු පෙන්නලා දෙන්න මේ දෙන්නා කටයුතු කළා.
I නිසල්