මේ අයියා එක්සත් රාජධානිය පැත්තේ ඉඳලා තමා ඇවිල්ලා තියෙන්නෙ. ලෝකෙ වටේ හොඳට travel කරන කෙනෙක් මෙයා. ලංකාවෙදි ගමන් යන්න විදුලියෙන් දුවන තුන් රෝද රියකුත් එයා අරගෙන. පහුගිය දවස්වල හිටිය සීගිරිය පැත්තෙ.
ඔන්න මෙයා ලස්සන දවසක උදෑසනම ගමනක් යන්න කියලා ලෑස්ති වුණා.
''අද දවස නම් හරිම ලස්සනයි. ඒ වුණාට ප්‍රශ්නයක් තියෙනවා. ඊයේ රූ ත්‍රීවීල් එක චාර්ජ් වෙලා නෑ.''
නැවතිලා හරි ප්ලග් පොයින්ට් එකක් හොයාගෙන චාර්ජ් කරගන්න මෙයා පට්ට ගේමක් දුන්නා. ඔහොම තමයි සුදු අයියාගේ ජරමර දවස පටන් ගත්තෙ. සීගිරිය ඉඳලා නකල්ස් යන එක තමා මෙයාගෙ සැලැස්ම වුණේ.
තනියම තමයි ගමන. අතරමඟදී රෝල්ස් එකක් එහෙම කෑවා. ඔහොම යනකොට මෙන්න මෙයාව පොලිසියේ අයියලා වගයක් නැවැත්තුවා.
''කොහෙද මේ යන්නේ...?''
''මම යනවා නකල්ස් කඳු බලන්න.''
පොලිස් අයියලා ඔලුව ඇතුළට දාලා වීල් එක දිහා බැලුවා. ටිකක් අමුතුයි.
''දන්නවාද විදුලියෙන් වැඩකරන ත්‍රීවීල් එකක්.''
එහෙම කිව්වම පොලිස් අයියලා අන්ද මන්ද වුණා.
''මේකෙ ඇන්ජිමකුත් නෑ....''
''ඈ ඇන්ජිමක් නෑ...!''
ඊට පස්සේ මෙන්න සුදු අයියා ත්‍රීවීල් එක වැඩ කරන විදිහ ගැන අපේ පොලීසියේ අයට පැහැදිලි කළා.
මෙයා යූ ටියුබර් කෙනෙක් කියලා කිව්වට පොලිසියේ මහත්වරුන්ට නම් තේරුණේ නෑ. එයාලා හිතුවේ මෙයා මෝටර් මැකෑනික් කෙනෙක් කියලා. කොහොමහරි ගමන අතරතුරේදී තුන් පොළකින්ම පොලීසියෙන් මෙයාව නතර කරලා. හැබැයි හොඳට සලකලා තියෙනවා.
ට්‍රේන් එකේ කොල්ලො එක්ක තූල් දැමූ හැරී
ඔන්න අපේ හැරී ලොක්කා ඇල්ලෙ යන්න පිටත් වුණා. තර්ඩ් ක්ලාස් ටිකට් අරන් තමා ට්‍රේන් එකට ගොඩවුණේ. කොහේ ගියත් ආතල් එකේ ඉන්න හැරීට සෙට්වුණා කොල්ලො සෙට් එකක්. මෙයාලා ඉංජිනේරු වෙන්න ඉගෙනගන්න සෙට් එකක්. හබරගල කන්ද නගින්න තමා යන්නෙ.
''මොනවද ඔය කන්නේ...?''
කයියට කයිවාරුවට කවදත් සූර හැරීගෙන් සෙට් එකත් එක්ක කථා කර කර ඉන්දැද්දි ඔන්න ආවා ප්‍රශ්නයක්.
''බුලත්''
මෙතන හිටිය නිර්භීත කොල්ලෙක්. මෙයා විස්තරේ කියන්න පටන් ගත්තා.
හැරියත් ලංකාව වටේ කරක් ගහන නිසා බුලත් ගැන දන්නවා. හැබැයි මේ කොල්ලො සෙට් එක කන්නේ බුලත්ම නෙවෙයි තූල්.
කොලුවා විස්තරේ කිව්වා සහසුද්දෙන්ම.
''මටත් ඕන ටිකක්...''
ඔන්න හැරීගෙන් දරුණු ඉල්ලීමක් ඉදිරිපත් වුණා.
''මේක ලීගල් දෙයක් නම් නෙවෙයි...''
''එහෙනම් මට අනිවාර් යෙන්ම ඕනෑ...''
''මේකට තොල පිච්චෙනවා.''
කොල්ලො මොනවා කිව්වත් හැරීට තූල් ඕනෑම වුණා. කොහොමහරි හැරියා තූල් දැම්මා. චුට්ටක් දාපු හින්ද චුට්ටක් තොල පිච්චිලා, චුට්ටක් වැදගත් විදිහට වැඩේ ශේප් වුණා.
කට්ටිය හොඳට කතාබහ කර කර විස්තර බෙදාගත්තා. සෙට් එකේ නායක තැන හැරීට සාර්ථකව පිළිතුරු සැපයුවා. අන්තිමට කොල්ලෝ සෙට් එක බහින තැන ආවා.
''මොනවද ශ්‍රී ලාංකිකයන්ට කියන්න තියෙන්නේ...'' හැරියා ඇහුවා.
''හලෝ.... කොහොමද තාත්තේ... මං දැන් ප්‍රසිද්ධයි...''
අපේ කොල්ලා එහෙම කිව්වා.
මිහිරි කිරිතේ බොන සුදු නෝනා
ඔන්න අවුරුදු 10 හනිමූන් ට්‍රිප් එක යන කපල් එක ගිය සතියේ තවත් අපූරු ගමනක් ගියා. මෙයාලාත් මේ පාර ත්‍රීවීල් එකක් අරගෙන. සුදු මහත්තයා තමා ඩ්රුයිවර්. නෝනා මගියා වෙලා.
මෙයාලා ඉතින් සුද්දෝ වුණාට සුද්ධ වෙන්න වියදම් කරන්නෙ නම් නෑ. යන ගමං වඩේ කඩයක් ළඟ නතර කළා. රුපියල් දෙසීයකට වඩේ පැටිස් රෝල්ස් ගත්තා.
ඊටපස්සෙ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා කඩේකට ගියා. මිල්ක් චායි කියලා ඉල්ලුවත් කඩේ කට්ටියට තේරුණේ නෑ.
''කිරි තේ...''
මෙයාලා සිංහලත් දන්නවා.
සුදු නෝනා නම් සිංහලෙන්ම කිව්වා... ''මිහිරි කිරි තේ'' කියලා.
අර රෝල්ස් පැටිස් ටිකත් අරගෙන කඩේකට ගිහිල්ලා ඒ කඩෙන් කිරි තේ දෙකක් අරගෙන මෙයාලා එක වේලක් පිරිමහ ගත්තා.
මේ දෙන්නා කොහොමත් හෙන සිම්පල් ආතල් කපල් එකක්. මාස දෙක තුනක් ලංකාවේ ඉන්න තමා කල්පනාව. ත්‍රීවීල් එක අරගෙන ලංකාවේ වටේම ඇවිදින්න යනවා. අපි ඉස්සරහටත් මෙයාලගේ ආතල් සීන් ඔයාලට කියන්නම්.
I චමිඳු නිසල්