Manga කියවලා තියෙනවද? අන්ද මන්දා වෙන්න එපා. Manga කියන්නෙ ලෝකේ පට්ට Y Trend එකක් මචෝ. සරලවම කිව්වොත් ජපානයේ තියෙන චිත්‍ර කතා කලාවට, ග්‍රැෆික් නවකතාවලට තමා Manga කියලා කියන්නෙ. දැනටමත් ලංකාවේ ගොඩක් දෙනෙක් මේකට පිස්සු වැටිලා. කොහොම වුණත් මේක පට්ට Trend එකක්.
ත්‍රාස්‍යජනක කතා, ආදර කතා, සුපිරි වීර කතා, ශෘංගාරාත්මක කතා, එකී මෙකී නොකී හැම ජාතියෙම කතා මංගාවල තියෙනවා. මංගා කියවන්න වයසක් තරාතිරමක් නෑ සුදෝ. ජපානයේ හැමෝම වගේ මංගා කියවනවා. ලෝකේ පුරා ඉන්න Comic, Anime Fans ලා බහුතරයකුත් ජපන් මංගා අනිවා කියවනවා.
විශේෂයෙන්ම මචෝ මේ වෙනකොට ඇමෙරිකාවේ මංගාවලට ලොකු පිස්සුවක් තියෙනවා. සුදාලා දන්නවා American comic කියන්නෙ වෙනම සීන් කෝන් එකක්. Marvel Movies වල ඉන්න සුපිරි වීරයෝ ඔක්කොම ඒ චිත්‍ර කතාවලින් ආපු අය. ඒ වගේම තමයි ජපන් මංගාත්. Manga පදනම් කරගෙන Movies TV Series නිර්මාණය වෙනවා. ඒවාට පිස්සු වැටුණු අයත් මිලියන ගණනක් ඉන්නවා.
සුදාට මතක නම් ලංකාවේ රූපවාහිනියේ විකාශනය වුණු "ඇලිස් ඇකැඩමි" කියන්නෙත් Manga පදනම් කරගෙන නිර්මාණය වුණු Anime එකක්. එතකොට One Piece තමා ලෝකේ වැඩිපුරම අලෙවි Manga එක. පිටපත් මිලියන පන්සීයක් අලෙවිවෙලා තියෙනවා. සුදාලා කැමතිනම් මේ සීන් කෝන් එකට Kaichou wa maid sama, Horimiya වගේ Manga වලින් සීන් එකට Enter වෙන්න පුළුවන්.
ඇමෙරිකන් කොමික් තරම් ජපන් Manga කියවන්න අමාරැ නෑ. Manga වල අමුතු Cute ගතියක් තියෙනවා. ජපානයේ අයට හීනි ඇස් තිබුණට Mangaවල ඇස් ලොකුයි. ඒ කියන්නේ ජපන් ජාතිකයන්ගේ ආශාවන් Manga හරහා ප්‍රකාශයට පත්වෙනවා. ඒත් මචෝ මේකෙ ඇතුළේ Japan cultural values අන්තර්ගත වෙනවා. අන්න ඒ නිසාම ලෝකයේ අනිත් චිත්‍ර කතාවලට වඩා අනන්‍ය බවක් මංගාවල තියෙනවා.
මේක සිරාම පිස්සුවක්. පසුගිය දශක තුන හතරේ සිද්ධවුණු ගෝලීයකරණය නිසා වගේම අන්තර්ජාලයේ සහ සන්නිවේදනයේ දියුණුව නිසා තමයි Manga ලෝකය පුරා මෙච්චර ජනප්‍රිය වුණේ. දැන් වැඩිපුරම Digital platforms ඇතුළේ තමා Manga කියවන්නෙ. දැන් දැන් ආසියාවේ අනිත් රටවලත් Manga පිස්සුව යම් යම් ප්‍රමාණවලින් දැක බලාගන්න පුළුවන්. ඒත් බටහිර ලෝකයේ රටවල් තමා Manga වලට හොඳටම පිස්සු වැටිලා ඉන්නේ. ප්‍රංශයේ එහෙම අතිවිශාල පිරිසක් මංගා කියවනවා කියලා වාර්තා වෙනවා.
කොහොම වුණත් ජපානයේ ඉස්සර ඉඳන්ම මේ සීන් කෝන් එක පට්ට විදියට ජනප්‍රිය වෙලා තිබුණා. 1950 ගණන් වෙනකොටත් ජපානයේ ප්‍රකාශන කර්මාන‍්තයේ වැඩි කොටසක් මංගා අත්පත් කරගෙන තිබුණා. මේ සීන් කෝන් එක සල්ලිවලින් කියනවනම් සුදාලට මේකේ බරපතළකම තේරෙයි. 1995 වෙනකොට ජපානේ මංගා වෙළෙඳපොළේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 6-7 විතර වුණා. එතකොට දැන් ජපානයේ මංගා වෙළෙඳපොළ වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 650-700ත් අතර වෙනවා. ඇත්තටම මචෝ කතාවට කියනවා ජපානයේ ටොයිලට් පේපර් හදන්න යන කඩදාසි ප්‍රමාණයට වඩා කඩදාසි ප්‍රමාණයක් Manga මුද්‍රණය කරන්න ඕනෑ වෙනවා.
මේකෙ ඉතිහාස කතාව නම් බොහොම දිගයි වස්තු. 12 වැනි ශතවර්ෂයේ විතර තමයි දකුණේ සිට වමට කියවන චිත්‍ර කතා සම්ප්‍රදාය ආරම්භවෙලා තියෙන්නේ. 1600 ගණන්වල මේ සීන් එක දියුණුවෙලා තියෙනවා. 18 වැනි ශතවර්ෂයේ තමයි පොත් හැදිලා තියෙන්නෙ. හැබැයි ඉතින් 19 වැනි භාගයේ තමා මංගා ලොකුවට ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. පස්සේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ සීන් එක හොඳටම නැගලා ගිහින්. ඉතින් ලෝකෙ පළවෙනි චිත්‍ර කතා විදියට සැලකෙන්නේ ජපන් පොතක්. අකිරා ටොරියාමා තමා නූතන ජපන් මංග කලාව ලෝකයට අරන් ගියපු පුරෝගාමී චරිතය. අකිරා ප්‍රතිනිර්මාණය කරපු Dragon Ball Manga එක එහෙම පට්ට පිස්සුවක් බවට පත්වුණා.
මේ වෙනකොට මංගා එක්කම ඉස්සරහට එන තවත් කලාවන් තියෙනවා. Manga – Japan වල තියෙනවා වගේ Manhwa – Korea වලත් Manhua – China වලත් තියෙනවා. මේවත් දැන් ලෝකෙ පුරාම ජනප්‍රිය වෙමින් පවතිනවා. හැබැයි මේවා අතර සැලකිය යුතු තරම් වෙනස්කම් තියෙනවා. ඒ නිසාම මොකක්ද හොඳම කියන එක පිළිබඳව ලෝකය පුරා තර්ක විතර්ක බොහොමයි. කොහොම වුණත් මචෝ ජනප්‍රිය කතා මාලාවල අලුත් පොත අරගන්න සමහරැ දවස් ගණන් පෝලිම්වල ඉන්න බව සඳහන් වෙනවා. ඇත්තටම මේක ඒ තරම්ම බරපතළ පිස්සුවක්. රසික සමාජ එහෙම සෑහෙන්න තියෙනවා.
ඇත්තටම මචෝ ලංකාවෙත් දැන් සීන් කෝන් එක නැගලා යනවා. ගොඩක් දෙනෙක් දන්නෙ නැතිවුණාට වයස අවුරැදු 16 – 30 අතර සැලකිය යුතු පිරිසක් ලංකාවේ Manga කියවනවා. ග්‍රීක සංස්කෘතියක් ලංකාවෙත් තියෙනවා. ඉස්කෝලේ පොඩි පොඩි ළමයි අතර දැන් දැන් මේ වගේ Global Trend ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නෙ. පොඩ්ඩක් එයාලා එක්ක කතා කරලා බැලුවොත් ඔයාලට සීන් එක තේරෙයි.
දැන් Manga වලට ගොඩනැගිලා තියෙන ගෝලීය රසික පිරිස නිසා, විශාල වාණිජ වටිනාකමක් මේ සීන් කෝන් එකට එකතුවෙලා තියෙන්නෙ. එහෙම පිටින්ම විලාසිතා ලෝකයක් Manga පිටුපස තියෙනවා. සුදාලට දකිද්දි මතක් වෙයි. මේ විලාසිතා අලෙවි කරන්න කඩ පවා මේ වෙනකොට ලෝකය පුරා නිර්මාණය වෙලා ඉවරයි.
ඉතින් මචෝ මේක ජාත්‍යන්තර පිස්සුවක්. කොහොම වුණත් ලංකාවේ කට්ටිය තාම මේ සීන් කෝන් එකට සෙට් වුණා විතරයි. තව අවුරැදු තුන හතරක් යද්දි අපේ කට්ටියගේ වුණත් හොඳ හොඳ ආතල් ටිකක් බලාගන්න පුළුවන්. කොහොම වුණත් අපිටත් ඉස්සර චිත්‍ර කතා කලාවක් තිබුණා කියලා තමයි අවසානයේ මතක් කරන්න වෙන්නේ.
I චමිඳු නිසල්