2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා

අසීමාන්තය

 2023 දෙසැම්බර් 02 වන සෙනසුරාදා, ප.ව. 02:00 51

සොයා ඇවිදිමි ප්‍රේමයක්
ප්‍රේමයේ ස්වරයක්
පෙම්බරා නුඹ නමින් ඉපදුණු
මට මගේ වුණු ප්‍රේමයක්............

සීතලේ ගල් ගැසෙන හිම මත
නුඹේ පපුවේ පිරිමි රස්නය
දැනි දැනී කිති කවද්දී
පෙම්බරා .....
හිමත් උණුසුම් රත්තරන් ......

දැනී නොදැනී දැනෙන සුවඳක්
ප්‍රේමයේ ආරණ්‍යයේ 
අනේ නුඹ මට කියාදෙනවද
සුවඳ සුසුවඳ ආදරේ .....
පෙම්බරා මගෙ හිතට තනි නෑ
දැනෙද්දි ඒ ආදරේ........

එන්න ඉගිලෙමු මගේ ලෝකෙට 
හිම විසුල මිටියාවතේ 
පෙම්බරා ප්‍රේමය ට කවියක් 
ලියමු ළා සඳ නැගි රුයේ........

ජීවිතය හරි සුන්දරයි දැන් 
සැරිසරද්දී සිහිනයේ
ඇවිත් මොහොතක් සිපගන්න මා
තබා හාදුව නළලතේ...

පෙම්බරා දරාගමු අපි ජීවිතේ

I සංජු