මේක යාළු ලංකාවේදී අපිට ලේසියෙන් කරන්න බැරි ඒත් ලංකාවේ තරුණ තරුණියන්ට තියෙන ලොකු හීනයක් ගැන කතාවක්. ඔන්න අපි අද මේ කතා කරන්න යන Y Trend නම් හරිම සීතල එකක් හරිය. මචෝ මේ යුරෝපයට හිම වැටෙන කාලය. මේ දවස්වල උතුරු අර්ධ ගෝලයේ තද හිම පතනයක් දකින්න ලැබෙනවා. හිම වැටෙනවා කිව්වම පුංචි ඉරිසියාවක් හිතුනා නේද? අපිට කොහෙන්ද පූසෝ හිම. අපි ඉන්නේ සමකය ළඟ හරිය.
කොහොම වුණත් වස්තු හිම හා බැඳුණු ක්‍රීඩා විනෝදාංශ සිය ගණනක් ලෝකයේ ජනප්‍රිය Y Trend නිර්මාණය කරලා තියෙනවා. අපි දන්නවා කරන්න බැරි වුණත් සුදාලත් හරි ආසයි ඒ සීන්කෝන්වලට. ඉතින් අපේ පැංචෝ පැංචියෝ වෙනුවෙන් මේ සීතල උඳුවප් මාසය අපි සිතුවා හිම හා බැඳණු Y Trend ටිකක් ගැන කතා කරන්න. හිම නැතත් වැස්සයි සීතලෙන් නම් ඉන්නම් අපිට මේ දවස්වල අඩුවක් නෑනී. ඒ නිසා හිත හදාගෙන කතාවට යමු වස්තු.
ශීත ඍතුවේ හිම ක්‍රීඩා කියලා කියන්නේ ලොකු විනෝදයක් වගේම පුංචි ත්‍රස්තයකුත් ඇති කරන අපූරු දෙයක්. ඉතින් ශීත කාලේ හිම මත සාමූහික වශයෙන් සිදුකරන ක්‍රීඩා වගේම තනි තනියම කරන ක්‍රීඩා ගොඩක් තියෙනවා. අපි හැමෝම දන්නේ අයිස් හොකී, හිම මත ලිස්සායාම වගේ ක්‍රීඩා ගැන විතරයි. ඒත් ඊට විශාල ක්‍රීඩා සහ විනෝදාංශ ප්‍රමාණයක් හිම ශීත සෘතුවත් එක්ක බැඳිලා තියෙනවා මචෝ.
අපි මුලින්ම ඒ වලින් සාමාන්‍ය දෙක තුනක් ගැන කතා කරන්න හිතුවා. Cross Country Skiing. ඒ කියන්නේ ඔයාලට තේරෙන විදිහට අර දිග දිගම බෝට්ටු වගේ සපත්තු දාගෙන හැරමිටි දෙකකුත් අතේ තියාගෙන සාමාන්‍ය විදිහට හිම මත ඇවිදගෙන යන එකට. ශීත කාලයේ ගොඩක් දෙනෙක්ගේ අපූරු විනෝදාංශයක් තමා මේක. ක්‍රීඩාවකට වඩා මචෝ ශීත කාලයේ එළිමහනේ හුදකලාව භුක්තිවිඳින මේක අපූරු විනෝදාංශයක්.
Sledding කියන්නේ බොහොම පරණ ගමනාගමන ක්‍රමවේදයක් වගේම වගේම විනෝදාංශයක්. ලෑලි ලෝහ තැටි වගේ ඕන දෙයක් පාවිච්චි කරලා එකේ වාඩිවෙලා හිම මත ලිස්සා ගෙන යන එක තමා මේකෙදි කරන්නේ. තාමත් සමහර රටවල්වල ගමින් ගමට යන්න ශීත කාලයට මේ ක්‍රමය භාවිත වෙනවා කියලා කියනවා. කොහොම වුණත් මචෝ මේ සීන් දෙක පදනම් කරගෙන නිර්මාණය වුණු ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා කිහිපයක් ක්‍රීඩා කිහිපයක්ම තියෙනවා. ඉතින් සුදෝ මේකත් වෙනම ආතල් එකක්.
Snowboarding කියලා කියන්නෙත් හිම මත සිදු කරන අපූරු විනෝදාංශයක් ක්‍රීඩාවක්. මේකෙදි වෙන්නේ මචෝ හිම පුවරුවක සිටගෙන හිමෙන් වැසුණු මතුපිටක් බැසීම. සුදාල ඕනතරම් මේ සීන් එක නම් දැකලා ඇති. මේක විනෝදාත්මක සහ තරගකාරී ක්‍රියාකාරකමක්. මේක 1960 ගණන් ගුණ තමා සීන් එක ජනප්‍රිය වෙන්න පටන් අරගෙන තියෙන්නේ. තාත්තා කෙනෙක් දුවට හදලා දුන්න පොඩි සෙල්ලම් බඩුවක් විදියට තමයි සීන් එක ජනප්‍රිය වෙලා තිබුණේ. පස්සේ මිලියන ගණනක් මේකට පිස්සු වැටිලා.
ඉතිං පැංචෝ තවත් විනෝදාංශ හිතාගන්න බැරි ප්‍රමාණයක් ගැන අපිට මේ විදිහට කතා කරන්න පුළුවන්. Skijoring, Fat Tire Biking, Ice Fishing, Snowmobiling, Ice Skating කියන්නේ ඒ අතරින් කිහිපයක් විතරයි. කොහොම වුණත් මේ ක්‍රීඩා, විනෝදාංශ කරන්න තරමක් මිල මුදල් වැයවෙන ප්‍රමාණය වැඩියි කියලා කියැවෙන්නෙ. මොකද මේ සීත කාලය නිසා විශේෂිත අඳුම් පැලඳුම් වගේම උපකරණ මේ ඇතැම් විනෝදාංශවලට ඕනෑ වෙනවා.
හැබැයි මේ කාලයේ සීතල රටවල අයකරන පුංචි පුංචි විනෝදාංශ තිබෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් හිම මිනිස්සු හදන එක, තව හිම දේවදූතයෝ හදන එකක වගේම තවත් හිම නිර්මාණ හිම මෙතැනදී ප්‍රධාන වෙනවා. ඔන්න සුදාලටත් ආසා හිතනවා නේද? එතොකොට හිම බෝලවලින් ගහගන්න එක, චූටි හිම බෑවුම්වලට පහර දීලා කඩාවැටෙන එක බලාගෙන ඉන්න එක, අහසින් වැටෙන හිම පියලි අල්ලගන්න එක වගේ දෙවල් හරිම සාමාන්‍ය ආතල් විනෝදාංශ. ගොඩක් වෙලාවට දරුවන්ට මේ දේවල් විශේෂයි.
ඒත් ඉතිං මචෝ හිම නැති රටක ඉඳන් අපි මේ දේවල් වල විනෝදය තක්සේරු කරාට, ඒ රටවල්වල අයගේ සමහර අත්දැකීම් නම් එච්චර හොඳ නෑ. කිසිම දෙයක් නොකර නිවසට වෙලා හුදකලාවේ ඉන්න සීත කාලයේදී සමහරුන්ට සිද්ධ වෙනවා. අපි ඉස්සෙල්ලා කිව්ව පොඩි පොඩි දේවල් වුණත් කරන්න එළියට බහින්න බැරි තරම් තද සීතල සමහර වෙලාවට අල්ලලා යනවා. සීත කාලයේ ආරම්භය සුන්දර වුණත් සීත කාලයේ මැද දුෂ්කරයි කියලා තමා ඒ අය කියන්නෙ.
ඒත් මචෝ හැමදේකම සුන්දරත්වයට අතේ තියන මිල මුදලුත් බලපානවා. අපිට විතරක් නෙවෙයි දියුණු සීතල රටවල්වල අයටත් එහෙමයි. විශේෂයෙන්ම හිම වැටුණත් නැගෙනහිර යුරෝපයේ රටවල්වල වගේම ඉහළ ආසියාතිකසහ ඇමරිකානු මහද්වීපයේ ඇතැම් රටවලුත් මේ හිම නිසා පීඩා විඳිනවා. හැබැයි ඉතින් මෑතක ඉඳන් නෝවේ චීන වගේ රටවල නම් හිම විනෝදාංශ කර ලොකු පිස්සුවක් තියෙන බව වාර්තා වන පෙන්නුම් කළා. ඒ වගේම වගේම ආසියාවෙන් ජපානය, කොරියාව රටවලත් මේ සීන් එක තියෙනවා.
ඒ වගේම දැන් දැන් මෙය ගොඩක් විනෝදාංශ වාණිජකරණය වෙලා තිබෙන බවත් කියන්න ඕනෑ. අනිත් අතට සමහරක් විනෝදාංශ තරගකාරී ක්‍රීඩා බවට පත්වෙලා තියෙනවා මචෝ. Professional විදිහට ක්‍රීඩා සිද්ධ කරන්න, ශීත ඍතු ඔලිම්පික් උළෙල ඇතුළු තරගවලට සහභාගී වෙන්න සමහර තරුණ තරුණියන් උත්සාහ කරනවා. ඒකත් වෙනමම Y Trend එකක්.
කොහොම වුණත් මචෝ මේ වගේ අත්දැකීම් නම් අපිට ලෙහෙසියෙන් ලබන්න බෑ. එහෙම ලබන්න නම් හිම තියෙන රටකට යන්න ඕනෑ. එහෙත් දැන් මේ අත්දැකීම සම්බන්ධව සමකආසන්න අපි වගේ රටවල අයට තියෙන කුතුහලය නිසාම, වානිජ මට්ටමෙන් කෘතිමව නිර්මාණය කරපු හිම ක්‍රීඩා කළ හැකි ස්ථාන අපේ වගේ රටවල්වල දැන් තියෙනවා. ලංකාවේ කොළඹත් එහෙම තැන් තියනවා. සමහරු මේ කාලෙට ඒ වට යන්නේ පිස්සුවෙන් වගේ. ඇත්තටම මේක Y Trend එකක්. අඩුගානේ හිමේ තමන්ගේ නම ලියලා, සීතල රටක ඉන්න යාළුවෙක්ට කියලා ෆොටෝ එකක් හරි ගෙන්න ගන්න ගොඩක් අය කැමතියි.
ඉතින් මචෝ ඇතිදා සීනි නැතිදා ගෝනි කිව්ව වගේ මේ අත්දැකීම අපිට ලේසියෙන් විඳින්න බෑ. ඒ නිසාම තමා මේ සීන්කෝන් එක ගැන අපි හැමෝටම ලොකු කුතුහලයක් තියෙනවා. ඒත් සුදෝ අමතක කරන්න එපා මේ සීත කාලේ දරාගන්න බැරුව කුරුල්ලො විතරක් නෙවෙයි, ඔය ශීත රටවල්වල මිනිස්සුත් අපේ රටට සංචාරයට එනවා හරිය.
I චමිඳු නිසල්