මෙයා මාධ්‍යවේදිනියක්. මෙයා Travel වලට ගොඩක් ආදරය කරන කෙනෙක්. Seara Travel කියන YouTube Chanel එකේ මේ දවස්වල මෙයා ලංකාව ගැන වීඩියෝ කිහිපයක්ම දාලා තිබුණා. ඔන්න පහුගිය දවස්වල මෙයාට ලංකාවේදී අපූරු දේවල් ටිකක් සිද්ධවෙලා තිබුණා. අපි හිතුවේ ඒ අතරින් කතා ටිකක් අරගෙන එන්න.
එදා සීගිරිය පිදුරංගල පැත්තේ සංචාරයකට යන්න තමයි Seara එළියට බැස්සෙ. කොහොම හරි මෙයාගේ ගමනත් ත්‍රීවිල් එකකින්. පහුගිය දවස්වල අපි කතා කරපු Traveler කෙනෙක් තමා මෙයාගේ ඩ්‍රයිවර්. කොහොම හරි කට්ටිය ගමන පිටත් වුණා. ගමනට පැය එකහමාරක් විතර යයි කියලා තමයි කට්ටිය හිතාගෙන හිටියේ. ඔන්න ඔහොම යනකොට මෙයාලා දැක්කා පාරේ අපූරු වාහනයක් යනවා.
“අන්න අන්න කරත්තයක්"
“හරකෙකුත් ඉන්නවා. මගේ දෙයියනේ. සෝ කූල්"
Seara ටක් ගාලා මේ වාහනේ මේගොල්ලො නතර කරගත්තා. එක අතකට මෙයාලා හරි වාසනාවන්තයි පාරේ කරත්තයක් දකින්න. ඇමෙරිකාවේ කොහෙද මෙහෙම කරත්ත. ඊටපස්සේ කට්ටිය ත්‍රීවිල් එකෙන් බැහැලා කරත්තෙ ළඟට ගියා.
“හෙලෝ සර්, අපිටත් මේකේ යන්න පොඩි අවස්ථාවක් දෙන්න"
කියලා සුදු අමුත්තා ඉල්ලුවාම, ආගන්තුක සත්කාරය දන්න අපේ කරත්ත මහත්තයා හැමෝටම අවස්ථාවක් දුන්නා.
ඔන්න Seara ටත් අවස්ථාවක් ආවා. අමාරුවෙන් කරත්තෙට ගොඩවුණා.
“ලංකාවේ සතුන්ගේ පවර් එකෙන් දුවන වාහන තියෙනවා. ඒක ලංකාවට එන්න හොඳ දෙයක්"
කියන ගමන් කරත්තෙට ගොඩ වුණා අපේ මාධ්‍යවේදනිය. බයටද මන්දා ලෝකෙ නැති දේවල් කියව කියවා කරත්තෙ දක්කගෙන ගියා.
“මේ බපලෝස්ලද?”
“නෑ මෙයාලා ජකාලා"
මේ අතර තවත් අපූරු සංවාද සිද්ධ වුණා. අපේ කරත්ත මාමා බොහොම පරිස්සමට වැඩේ කළා.
කොහොම හරි මේක ගොන්නු දෙන්නෙක් බැඳපු බර කරත්තයක්. මාධ්යවේදිනියටත් ගොන්නු දෙන්නා නැට්ට වන වනා යනවා.
“ශා නැට්ට වනන විදිහ"
කොහොම හරි ඒ අභියෝගයත් මෙයාලා ජයගත්තා.
“මේක ශ්‍රී ලංකාවේදී මම විඳපු අපූර්වතම අත්දැකීමක්"
කරත්තේ අරගෙන ආපු කළුවටත් බායි කියලා මෙයාලා මෙතැනින් ආයෙත් ගමන පටන් ගත්තා.
මේ ගමන අතර ඊළඟට සිද්ධවෙච්ච දේවල් තවත් ආතල්. මෙයාලා ගියා සෆාරියක් යන්න අලි බලන්න. ඊට ඉස්සර වැනිදා අලි හිටපු නැති හින්දා, එදා සෆාරිය කැන්සල් කරන්න මෙයාලට සිද්ධ වුණා. ඒත් පුදුමයකට වගේ මෙයාලා පාරේ එනකොට මෙන්න බොලේ පාර අයිනෙ අලි ඉන්නවා.
“මේක තමයි ශ්‍රී ලංකාවේ පුදුමය. අපි පාරෙ යනකොට පාර මැද ඉඳගෙන අලි බලන්න පුළුවන්. අන්න අන්න බලන්න ඒ අලියා කොළ කකා නිදහසේ ඉන්න හැටි. මේක තමයි ශ්‍රී ලංකාවේ යුනික්නස් එක"
ඇත්තටම ඉතින් අපිට අගේ නැති අපේ ගොඩක් දේවල් පිටරුටියන්ට ගොඩක් අගෙයි. පාරෙදි දැකපු අලි ගැන Seara ගොඩක් පුදුමයට පත්වුණා. ඒ වගේම මේ දර්ශනය ගැන එයා ගොඩක් අගය කරලා කතා කළා.
ඊටපස්සේ මේගොල්ලෝ ආයෙත් ගමන පටන් ගත්තා. ඊළඟට මේගොල්ලන්ට මුණගැහුණා අත බලා සාස්තර කියන තැනක්. කට්ටිය හනි හනිකට නවත්තගත්තා වීල් එක.
“පාරක් අයිනේ අත බලලා සාස්තර කියන තැනක්"
මේගොල්ලෝ ටිකක් පුදුමයට පත්වෙලා හිටියේ. බෝඩ් එකේ ඉංග්‍රීසියෙනුත් කතාව ගහලා තිබුණු හින්දා තමයි මේගොල්ලෝ නතර වුණේ. කොහොම හරි බාගෙට හදපු සාමාන්‍ය ගෙදරක තමයි මේ වැඩේ සිද්ධ වෙන්නෙ.
“අපිට මේ ගේ ඇතුළට එන්න පුළුවන්ද? ඔයා ද සාස්තර කියන්නේ?"
අපේ යාළුවෝ ඇහුවා ඉංග්‍රීසියෙන්. ඒත් ගෙදර නෝනා මහත්තයා තමයි ඉස්සරහට ආවේ. එච්චරම කතාව නෝනා මහත්තයට තේරුණේ නැතත්
“මහත්තයා තමයි සාස්තර කියන්නේ. මම එයාට එන්න කියන්නම් ඔයාලා වාඩිවෙන්න"
සිංහලෙන්ම කියලා මේ කට්ටියව ගෙදර නෝනා වාඩිකෙරෙව්වා. ඊටපස්සේ මේගොල්ලෝ බොහොම පුදුමයෙන් වටපිට දේවල් බල බලා හිටියා.
“මේක මගේ පළවෙනි වතාව. ඔයාලා සාස්තර බලලා තියෙනවද?”
Seara යාළුවන්ගෙන් ඇහුවා. මේ අතර සාස්තර කියන මහත්තයත් ආවා.
“මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ"
බොහොම කරුණාවන්ත සාස්තර කියන මහත්තයා ඇත්තම කිව්වා. දැන් ඉතින් හරිම අලකලංචිය. මෙයාලගේ බලාපොරොත්තු බොඳ වෙන්නයි යන්නෙ.
“කමක් නෑ. අපි සිංහලෙන් කරමු"
අවසානයේ අපේ Travel මිත්‍රවරු ටික නොතේරෙන සිංහලෙන් හරි සාස්තරේ අහගන්න එකඟ වුණා.
ඇත්තටම මෙයාලට මේ අමුතු අවස්ථාව මඟහරින්න ඕනෑකමක් තිබුණෙ නෑ.
“උපන්දිනේ මොකක්ද? බර්ත් ඩේ එක?"
ඔන්න Seara සාස්තරය අහන්න ලෑස්ති වුණා. සාස්තර හින්දම මාධ්‍යවේදිනියගේ වයසත් එළිවුණා. ඉපදිලා තියෙන්නේ 1989 යේ. හැබැයි ඉතින් කිව්වේ ඇත්තද බොරුද කියලා දන්නේ නෑ.
“ආපු ප්‍රධාන ඉලක්කය, දැන් ජීවිතේ වෙනස්වෙලා තියෙන්නෙ. ජනමාධ්‍ය පොඩ්ඩක් හොඳට ආවා. දැන් වෙනස්වෙලා"
මේ කතා අපේ සාස්තර කියන මහත්තයා කලින් අහලා දැනගත්තද දන්නේ නෑ. වීඩියෝ එකේ එහෙම බවක් අපි දැක්කෙත් නෑ. කොහොම හරි මේ සංවාදයේදී පුදුම දේවල් ටිකක් සිංහලෙන් මේ මහත්තයා කිව්වා.
“හදවත බොහොම විවෘතයි. අනුන් කියන දේවල් ගණන් ගන්නේ නෑ. තමන්ගේ ගමන යනවා"
ඉතින් ඔය විදිහට සාස්තරය දිගටම කියැවුණා. මෙයාලට සිංහලෙන් කියන දේවල් නොතේරුණත් මේ අවස්ථාව බොහොම අපූරු එකක් විදියට දැනුණු බව නම් පැහැදිලියි.
“විවාහ වෙනවා. අවුරුදු 40න් පස්සේ තමයි ජීවිතය සාර්ථක වෙන්නේ"
කොහොම හරි සිංහලෙන් අපේ සාස්තර කියන මහත්තයා මෙයා ගැන ගොඩක් පෞද්ගලික දේවලුත් කිව්වා.
“බොහොම ස්තූතියි"
මුදල් එහෙමත් දීලා අපේ යාළුවො ටික මෙතැනිනුත් පිටත් වුණා.
“ඒක බොහොම සුන්දර අත්දැකීමක්. එයා ගොඩක් දේවල් පාවිච්චි කළා සාස්තර කියන්න. ටෝච් එකක් කණ්ණාඩියක්. හරිම අපූරුයි."
මේ ඔක්කොම දේවල්වලට පස්සේ ඇත්තටම මේගොල්ලෝ සීගිරිය, පිදුරංගල පැත්තට ගියා. ආයෙත් දවසක මේ අයගේ සංචාරය ගැන කතාවක් අනිවාර් යෙන් අරගෙන එන්නම්.
I චමිඳු