2017 ජුනි 17 වන සෙනසුරාදා

ඇදුම් නැතුව ඉන්න ලජ්ජා වෙන්නෙ මොකටද?

 2017 ජුනි 17 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 381

රජත් - ඔබට නැඟෙන ඊළඟ චෝදනාව ඔබ සමාජයට වැරදි ආදර්ශ ලබාදෙනවා කියන එකයි. ඔබ ගොඩාක් හොඳ ෆිල්ම්ස් හැදුවා. ලගාන්, ත‍්‍රී ඉඩියට්, තාරේ සමීන් පර් වගේ සිනමාපට හදලා ඔබ සමාජයට යහපත් පණිවුඩයක් ලබා දුන්නා. මේ දවස්වල වාර්තා තබමින් තිරගතවෙන සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය කරලා තියෙන දංගල් සිනමාපටයෙනුත් යහපත් මැසේජ් එකක් ඔබ සමාජයට දෙනවා. දංගල් සිනමාපටයට කළින් ඔබ මේ පුවත්පත් දැන්වීමේ කැසට් රෙකෝඩරයකින් පමණක් විලිවසාගෙන් ඉන්න පීකේ හැදුවා. මේක නරක ආදර්ශයක් නේද?  (ප්‍රේක්ෂකයන් හිනාවෙමින් අත්පොළසන් නගයි) හොඳ ෆිල්ම් එකක් නම් මේකෙ මේ වගේ ඉන්න  ඕන වුණේ ඇයි?

අමීර් - (හිනාවෙමින්) මම එහෙම හිටිය නිසා මෙතන හිටිය අය හිනාවෙවී අත්පොළසන් දුන්න හැටි ඔබතුමා දැක්කනේ. දෙවියන් අපිව හදලා මේ ලෝකයට එවද්දී එතුමා අපිව රෙදි අන්දලා එවන්නේ නැහැනේ නේද? ඇඳුම් ඇන්ඳා හෝ ඇන්ඳේ නැහැ කියලා ඒකෙ කිසිම වැරදි ආදර්ශයක් නැහැ. පීකේ ජීවත් වුණු ග‍්‍රහලෝකයේ මිනිස්සු ඇඳුම් ඇන්ඳේ නැහැ. ඒගොල්ලන්ට ඇඳුම් ඇඳීමේ පුරුද්දක් නැහැ. එයා ඇඳුම් කියන්නේ මොකක්ද කියලා දන්නෙත් නැහැ.

රජත් - ඒත් මිනිස්සු නඩුත් දැම්මා නේද?
ආමීර් - රජත් ජී මට හැම සතියකම මොකක් හරි දේකට නඩුවක් තියෙනවා. මිනිස්සු නඩු දම දමා ඉන්නවා. ඒකට මොකක්ද කරන්නේ?
රජත් - රිතික් රෝෂන් කියලා තියෙනවා මටනම් ෆිල්ම් එකක් වෙනුවෙන් ඇඳුම් නැතුව ඉන්න බැහැ කියලා.

ආමීර් - ස්ක‍්‍රිප්ට් එක කියවද්දී මම මේ සීන් එක කොහොමද කරන්නේ කියලා මටත් හිතුණා. ඒත් ෂූටිං පටන් ගත්තම මට ඒක අපහසුවක් වුණේ නැහැ චුට්ටක්වත්. ඒ හැමදේම අපේ මනසේ තියෙන ප‍්‍රශ්නයක්. දෙවියන් අපිව මැව්වේ එහෙමනේ. මිනිස්සු තමයි රෙදිපිළි ආදිය ඩිසයින් කරලා හදාගත්තේ. ඒ ෆිල්ම් එකේ දෙබසක් තියෙනවා, ‘‘ඔබ කවදා හරි දැකලා තියෙනවද කාක්කෙක් ටයි එකක් දාගෙන ඉන්නවා. මේක අපි උපන් හැටි. ඒ ගැන ලජ්ජා විය යුතු නැහැ.
රජත් - ඒත් ඔබ කියලා තියෙනවා සනී ලියෝන් එක්ක රඟපාන්න කිසිම අකමැත්තක් නැහැ කියලා. ඒකෙනුත් වැරදි මැසේජ් එකක් එනවා.
ආමීර් - නැහැ. ඒකෙන් කිසිම වැරදි මැසේජ් එකක් නැහැ. හැම මනුස්සයෙක් වෙනුවෙන්ම මගේ හදවතේ ගෞරවයක් තියෙනවා. ඒ පුද්ගලයාගේ අතීතය මොකක්ද? ඒ මනුස්සයාගේ හිතේ මොනවද තියෙන්නේ? ඔහුගේ හෝ ඇයගේ අසරණකම් මොනවද? ඒ ගැන මම මගේ තීන්දුවක් ඇයි මිනිස්සු අතරට යවන්නේ? ඒක කරන්න මම කවුද?
රජත් - ඊට පස්සේ ට‍්‍රට් කරන්න තිබුණු අවශ්‍යතාවය මොකක්ද? ඇයත් ඔබ ගැන

ආමීර් - ඒකට ඉතාම වැදගත් හේතුවක් තිබුණා. මම ඇයගේ ඉන්ටර්වීව් එක දැක්කා. මාත් එක්ක වැඩ කළ ලේඩි කෙනෙක් තමයි මට ඒක පෙන්නුවේ. ඒ ප‍්‍රශ්න අහලා තිබුණු කෙනා ගොඩාක් නැහැදුණු විදියට කතා කරලා තිබු‍ණේ. කිසිම මනුෂ්‍යයෙක් සමඟින් ඒ වගේ නැහැදුණු විදියට කතා කරන්න හොඳ නැහැ කියලයි මම හිතන්නේ. ඇයගෙන් අහලා තිබුණා, ඔබ ඒ වගේ නිසා ආමීර් ඛාන් ඔයත් එක්ක කවදාවත් වැඩ කරන එකක් නැහැ කියලා තිබුණා. සනී ජී කියලා තිබුණා, වැඩ කරන එකක් නැහැ සමහරවිට කියලා තිබුණා. ඒත් මම ඔහුගේ ෆෑන් කෙනෙක්. හැමදාම ඔහුත් සමඟින් වැඩ කරන්න කැමතියි. ආපහු ඒ ප‍්‍රශ්න අහන කෙනාම කියනවා, ආමීර් ඛාන් ඔයත් එක්ක වැඩ කරන එකක් නැහැ කියලා. ඇය කියනවා, කරන එකක් නැහැ සමහරවිට. ඒක දැක්කම මට ගොඩාක් දුකක් ඇති වුණා. එහෙම කාටවත් කවුරුවත් අපහාස කරන්න හොඳ නැහැ. මම ඇයට කෝල් කරලා කිව්වා මම අනිවාර්යෙන්ම වැඩ කරනවා ඔබත් සමඟ කියලා.

(‍ප්‍රෙක්ෂයන්ගේ අත්පොළසන්)

සනී මේ වෙනකොට නිළියක් විදියට අපේ ඉන්ඩස්ට‍්‍ර එකේ වැඩ කරනවා. ඇය අපේ ඉන්ඩස්ට‍්‍ර එකේ වැඩ කරන්න උත්සාහ කරනවා. අපි ඇයට උදව් කරන්න අවශ්‍යයි. අපහාස කිරීම හොඳ නැහැ නේද?
රජත් - ඔබගෙන් ප්‍රේක්ෂකයෙක් ප‍්‍රශ්නයක් අහනවා. ඔබ පද්ම ශ්‍රී සහ පද්ම භූෂන් සම්මානයට පාත‍්‍ර වූ කෙනෙක්. ඒත් ඔබ කවදාවත් සර්දාර් කෙනෙක්ගේ චරිතයක් ඇක්ට් කරනවා අපි දැකලා නැහැ. අපි කැමතියි සර් ඒ වගේ එකක් කරනවා දකින්න

ආමීර් - සර්දාර් කෙනෙක්ගේ රෝල් එකක් නේද? රංග දේ බසන්ති ෆිල්ම් එකේ මම සර්දාර් කෙනෙක්ගේ චරිතයක් කළා. ඒකෙදී මම ජටාව බැන්ඳෙනම් නැහැ. මම මගේ පළවෙනි රඟපෑම කළේ ගුජරාටි එකක්. ඒකෙ නම කේසර් බීනා. ඒක කරද්දී ඇත්තටම මට ගුජරාටි පුළුවන් වුණෙත් නැහැ. ෂෝ එකට දවස් තුන හතරකට කළින් ඔහුට පෞද්ගලික ප‍්‍රශ්නයක් කියලා වේදිකා නාට්‍යයෙන් ඉවත් වුණා. මට කියලා ගියා දවස් හතරයිනේ තියෙන්නේ ඔයා ලයින් ටික aපාඩම් කර ගන්න. එතකම් මම බැක්ස්ටේජ් කළේ. (වේදිකා නාට්‍යයන්හි වේදිකාවේ පසුපස සිට නළු නිළියන්ගේ සහයෝගය සඳහා සිටින අය) මට පළමුවතාවට රඟපාන්න ලැබුණු වේදිකා නාට්‍යයේ භාෂාව මම දැනගෙන හිටියේ නැහැ. දවස් හතරක් තිබුණා. විපුල් ශාහ සර් තමයි ඒකෙ ඩිරෙක්ටර්. එතුමා මට උදව් කළා. ඒක ගුජරාටි නාට්‍යයක් වුණත් මගේ චරිතය සික් ජාතිකයෙක්ගේ එකක්. මම සර්දාර් කෙනෙක් විදියට රඟපෑවා. රැවුල දමලා ජටාව බැඳලා ඉද්දී දකින හැමෝම මට ඔයානම් හැන්ඩ්සම් සර්දාර් කෙනෙක් වගේ පේනවා කියලා කිව්වා. මට ඒක අද මතක් වුණා. මමත් අනිවාර්යෙන්ම එහෙම චරිතයක් කරන්න කැමතියි. 
රජත් - සෝෂල් මීඩියාවල ඔබ ගැන දාන කමෙන්ට්ස්වල ඔබ ගැන නෙගටිව් කමෙන්ට්ස් තිබුණොත් ඔබ ගොඩාක් කේන්ති ගන්නවා කියලා කතාවක් තියෙනවා. ඔබ ඒ වගේ දේවල් පොලීසියටත් පැමිණිලි කරලා තියෙනවා නේද?
ආමීර් - සෝෂල් මීඩියාවල මම ගැන දාන කමෙන්ට්ස් බලා මට හිනා යනවා. මම පොලීසියට පැමිණිලි කළ එක වෙනම කතාවක්. ගොඩාක් කාලෙක ඉඳලා මම බලාගෙන හිටියා එකක් දෙකක් නෙවෙයි මම ගැන වැරදි පතුරවනවා. මහ පුදුම ඉන්ටර්වීව් එකක් තිබුණා. මම මුස්ලිම්, මගේ දරුවෝ මුස්ලිම්, මගේ බිරිය හින්දු වුණාම මොකද? ඒ වගේ පුදුම ඉන්ටර්වීව් මම දුන්නා කියලයි එයාලා දැම්මේ. ෆොටෝස් වගයක් ආවා. මම ත‍්‍රස්තවාදීන් සමඟින් ඇවිදිනවා කියලා. මොනවා හරි සිද්ධවෙනවා කියලා මට දැනුණු නිසා මම මුම්බායි පොලීසියට ගිහින් පැමිණිල්ලක් දැම්මා. අපි සල්ලි එකතු කරලා ත‍්‍රස්තවාදී ක‍්‍රියා කරනවා කියලා වගේ දේවලුත් පළ වුණා. මුම්බායි පොලීසිය හොඳට ඒ ගැන වැඩ කළා. ඒක කළ මිනිස්සු කිහිප දෙනෙක්ම අල්ලා ගත්තා.

පේ‍්‍රක්ෂක ප‍්‍රශ්නය - සර් මම අවිචල් භට්නාගර්. මම රාම්ජස්ට් කොලෙජ් එකෙන් දිල්ලි යුනිවර්සිටි එකේ. ඔබතුමා කිව්වා මිනිස්සුන්ගේ සිත්වල ඍණාත්මක සිතුවිලි තියෙනවා. ඒ වගේම බොරු මීඩියාවලින් ප‍්‍රචාරය කරනවා කියලත් කිව්වා. සර් සත්‍යයම කියන සහ මිනිස්සුන්ගේ සිත්වල ධනාත්මක සිතුවිලිම ඇති කළ හැකි මාධ්‍ය ආයතනයක් ඔබතුමා පටන් ගන්නේ නැත්තේ ඇයි?
ආමීර් - මීඩියා හවුස් එකක් පටන් ගන්න එක හරි රජත් ජී වගේ නිවුස් චැනල් එකක් ක‍රන එක හරි වෙනමම වැඩක්. මම ඒක කරන්න ගියොත් මට ෆිල්ම් කරන්න වෙන එකක් නැහැ. මට ෆිල්ම්වලින් සතුට වගේම ධනාත්මක සිතුවිලිත් ඇති කරන්න හැකියාවක් තියෙනවා කියලා මම හිතනවා. මම ඒකට උත්සාහත් කරනවා. දංගල් ෆිල්ම් එකේ තියෙන මූලික දෙය කාන්තා ශක්තිය සහ හැකියාවන් ගැනයි. ඒ ෆිල්ම් එක භාරතයේ දියණියන් ගැනයි. මම මගේ ෆිල්ම්ස්වලින් යහපතක් කරන්න උත්සාහ කරනවා.

පේ‍්‍රක්ෂක ප‍්‍රශ්නයක් (යුවතියක්) - සර් මට තියෙන්නෙ පෞද්ගලික ප‍්‍රශ්නයක් .ඔබ හදන හැම ෆිල්ම් එකකින්ම එකකට එකක් වෙනස්ම දෙයක් කරනවා. එයින් එකක් තමයි ෆනා කියන ෆිල්ම් එක. ඒ ෆිල්ම් එකේදී ඔබට අන්ධ යුවතියකට ආදරය කරන්න අවස්ථාවක් ලැබුණා. ඒකෙ එක සීන් එකක් තිබුණා කාජල් ජීට පේන්නේ නැති නිසා ඔබව හඳුනාගන්නට දෙන්න අතින් අල්ලලා බලන්න දෙනවා. සර් මගේ පෞද්ගලික ප‍්‍රශ්නය ඒ වගේ ගැහැනු ළමයෙක්ට අවස්ථාවක් දෙන්න වුණොත් ඔබ එහෙම කරනවද? මොකද සර් මමත් එහෙම ගැහැනු ළමයෙක්.
ආමීර් - ෆනා ෆිල්ම් එකේ මම කාජල් ජීත් එක්ක ආදරය කළා. ඒකනම් මම කරන්නේ නැහැ. ඒත් ඔබ මගේ මුහුණ අතගාලා බලන්න කැමතියිනම් ඔබටත් ඇවිත් එහෙම කරන්න පුළුවන්.
ප්‍රේක්ෂිකාව - තෑන්ක් යූ සර්. අනේ මාව ඔහු ළඟට එක්ක යන්න

රජත් - ආමීර් අපි ඔබගෙන් ඔබේ උසාවියෙන් විවිධාකාර ප‍්‍රශ්න ඇසුවා .ඔබ ඉතා අවංක සහ සත්‍ය පිළිතුරැ ලබා දුන්නා. විනිසුරුතුමා මොනවගේ තීරණයක් දේවිද කියලා බලන්නයි අපිට දැන් තියෙන්නේ.
විනිසුරු - ආමීර් ඛාන් වගේ ශ්‍රේෂ්ඨ ජනප‍්‍රිය කලකරුවෙක්ව ඔබේ උසාවියට ඉදිරිපත් කිරීම තමයි ඉතාම වැදගත්ම දෙය. ඔබේ උසාවිය මේ දේශයේ දේශපාලකයන්, කලාකරුවන් සහ ජනප‍්‍රිය පුද්ගලයන්ගෙන් ප‍්‍රශ්න කරලා තිබුණත් අද තමයි ඉතාම වැදගත්ම දවසක් වුණේ. අද වෙනකම් මම දැකලා නැති දේවල් ටිකක් මෙහිදී කතා වුණා. අද වැරදිකරුවෙක් ලෙසින් සහභාගී කරගත් ආමීර් ඛාන් තමන්ගේ උගත් බවත් මෙහීදී පෙන්නුවා. බ‍්‍රෑන්ඞ් එම්බසිඩර්කමින් ඉවත් කරලත් ඔහු තමන්ගේ මව ලෙසිනුයි භාරතය ගැන හිතන්නේ. ඒක මගේ ව්‍යාපාරික දෙයක්ද? ඔහු සඳහන් කළ එවැනි ප‍්‍රකාශ නිසා මේ විනිසුරුට වෙනත් විකල්පයක් නැහැ ඔහුව නිදහස් නොකර සිටීමට. ආමීර් ඛාන් අද සාමාන්‍ය නළුවෙක් පමණක් නෙවෙයි, තමන් තුළ ඊට වෙනස්ම මිනිසත්කමක් සහිත මනුෂ්‍යයෙක්ද සිටින බව මේ ගරු අධිකරණයට පසක් කළා. රජත් ශර්මා ජීට සුභ පතමින් ආමීර් ඛාන්ට කියමින් ඔහුගේ දේශය පිළිබඳව ඇති භක්තිමත්භාවය ගැන, ඔහු රට ගැන දකින විදිය ගැන, රටට ඇති ඔහුගේ ආදරය, මිනිස්සුන්ට ඔහු දක්වන ආදරය අපි හැමෝම අනුකරණය කළ යුතුයි. මම ඔහුව නිදොස් කොට නිදහස් කරනවා.

► Translation — Chandana waravitage

 

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00