දම් පාට ඉහිරිච්ච අහස යට හමුවෙන්න
කල්පයක් කල් බලන් ඉන්න ඇති වාවගෙන
ඇයි නාවෙ පෙම්බරා තව වරක් හමුවෙන්න
සංසාර මන්දිරේ මතක අස මම තනිව
සුවඳ සුසුවඳ දැනි ආව දුර ගමන් මඟ
අඳිමි මම චිත්‍රයක් තවරාන දම් පාට
කොඳුරලා කියනු මැන සංසාර කතන්දර
පෙම්බරා නුඹ නැතිව හිස්තැනක් ජීවිතය
මල් තුහින වැටුණදෙන් නළල මැද සීරැවට
නුඹ තැබූ තිලකයක මතක මං හෝදගෙන
ආදරය සුන්දරයි හැර ගියත් හැර නොයන
ජීවිතය දැනෙන්නෙම ප්‍රේමයක් ඇති තැනක
I සංජු