යස උරහිස හිස තියාන
ගිම් නිවන්න දවස් ආය නොඒවි...
යොදුන් ගණන් ගෙවා පැමිණි
පාර දිගේ මතකය ඉකිබිඳීවි...
නෑවිත් පුර සඳ අගේට සඳ පළුවක් ආවෙ මන්ද
උත්තර නැති අහසත් ඉකිබිඳීවි
අසීමාන්තික අහසක අනන්ත දුර ඉඳන් ඇවිත්
කඳුළු වැස්ස පොළොවට පෙම් කරාවි
පුපුරා ගිය ගිනි කඳු මත හදවත හැඳිනීදෝ
කඳු ගැඹුරෙන් වාං දැම්මෙ ප්‍රේමයමයි දැනේදෝ
නිවි නිවි තව ඇවිලුණදෙන් නුඹට මහිත හැඟේදෝ
හුස්මට හුස්මක් වී නුඹ සසරෙදි හමුවුණාදෝ
අසෙනිය වැහි පැමිණි දිනෙක ගින්දර නිවුණාවේ
සුසුම් ස්වර සුළං සෙයින් හැම අත හැමුවාවේ
මුතු අකුරින් පෙම් පුරාණ තව තව ලියවුණාවේ
මටම නැතත් ආලවන්ත සඳ අහසක නැඟුණාවේ
I සංජු