නිබඳ නුඹ සැරිසරන සිහිනය
පියාපත් මට හිමි නැතී...
ඉගිල්ලෙන්නට හිතුණොතින් මට
අහස ඒ හැටි දුර නැතී...
සොඳුරු වෙහෙසක් රිදුම් දෙද්දී
පපුව හරි මැද හිරි වැටී
සිහින නැතිමුත් ඉගිල්ලෙමි මම
මටම හිමි අහසක රුඳී...
අහස පොළොවට යා කරන්නට
වහින වැහි කඳුළට බැරී...
වැස්සෙ සීතල තරම දන්නේ
පොළොව විතරයි හරි හැටී...
යොදුන් ගණනක් ගෙවා ආවත්
මල් පිපුණු මාවත් නැතී...
රිදුණු අත්තටු දරා හිනැහෙන
මගෙම අහසක් මට ඇතී...
I සංජු