අපේ මචංලා දැකලා ඇති, ලෝකේ පැවැත්වෙන තරගවල කණ්ඩායම් දිරිගන්වන්න නර්තනයේ යෙදෙන තරුණියන්ව. මේ අයට කියන්නේ Cheerleaders ලා කියලා. දැනටමත් ඔයා ඇත්තටම Cheerleaders ඕනෑ තරම් දැකලා ඇති. එයාලා ගැන කතාන්දර අහලත් ඇති. හැබැයි මචෝ අපි කියන්න යන්නේ අමුතුම කතාවක්.
Cheerleading කියන්නෙ fashion එකක්. ඒ වගේම මේ වෙනකොට බටහිර ලෝකය තුළ තියෙන වෙනම Sub Culture එකක්. ඇමෙරිකාවේ වගේම බටහිර රටවල්වල High School ඇතුළේ Cheerleading වලට ලොකු තැනක් තියෙනවා. සුදාලා Hollywood Movies බලනවා නම් මේ සීන් එක ගැන ලාවට හරි අදහසක් තියෙන්න ඕනෑ. ඒත් අපේ රටට නම් මේ සීන් කෝන් එක තාම එච්චර සෙට්වෙලා නෑ. ඉඳලා හිටලා ලාවට තැන් තැන්වල සීන් කෝන් එක තියෙනවා. ඒත් හරි අදහසක් ගැඹුරක් නැතුව ඔහේ ආතල් එකට තමා මේ වැඩේ අපේ කට්ටිය නම් කරන්නේ.
ඒත් ඔන්න පහුගිය දවසක මේ සීන් එකට අදාළ News එකක් වයිරල් ගිහිල්ලා තිබුණා. ඒකෙ තිබුණේ මේ පාර IPL එකේ Cheerleading වලට ගෙවන ගණන්. සරලව කිව්වොත් කතාව මෙහෙමයි. ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ එක් තරගයකදී නර්තනයේ යෙදීම වෙනුවෙන් ‘චියර්ලීඩර්ස්’ ශිල්පිනියකට ඉන්දීය රුපියල් 14,000ක් ඒ කියන්නේ ලංකාවේ සල්ලිවලින් රුපියල් 50,000ක් විතර ගෙවනවා.
හැබැයි මචෝ මේක තමයි අවම ගෙවීම. මුම්බායි ඉන්දියන්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් වගේ කණ්ඩායම් එක් තරගයකට ශිල්පිනියකට ලංකාවේ මුදලින් රුපියල් 70,000කට වඩා ගෙවනවා. මෙයාලා කියන විදිහට මේ ‘චියර්ලීඩර්ස්’ ලා බොහෝ විට හොලිවුඩ් හා බොලිවුඩ් ඇතුළු ඉන්දියානු චිත්‍රපටවල කුඩා චරිත හෝ රඟපා ඇති අය.
ඉතින් ඇත්තටම මචෝ මේ කතාව ඇහුවම වාව් පට්ටයි.. මරු නියම ගාණක් හොයාගන්න පුළුවන්නෙ නටලා කියලා අපේ සුදාලට හිතෙන්න පුළුවන්. ඒකට හේතුව මේ සීන් කෝන් එක ගැන අපි ලොකුවට දන්නේ නැති එක. ඉතින් ඒ නිසාම අපි Cheerleading ගැන ටිකක් වැඩි විස්තර සුදාලා එක්ක බෙදාගන්න හිතුවා.
Cheerleading කියන වචනය ඇතුළෙම දිරිගැන්වීම පිළිබඳ අදහසක් තියෙනවනෙ මචෝ. ඒ නිසාම මේක ක්‍රීඩා තරගවල දිරිගැන්වීම සඳහා වන ක්‍රියාකාරකමක් විදියට තමා හඳුන්වන්න පුළුවන්. මේ සීන් එකෙන් බලාපොරොත්තු වෙන මූලික අරමුණු දෙකක් තියෙනවා. පළවෙනි අරමුණ තමා අදාළ ක්‍රීඩා කණ්ඩායම් motivate කරන එක. ඒ වගේම අනිත් කාරණාව තමා තරග නරඹන්න උද්‍යෝගිමත් කරන එක.
අපේ සුදාලා ගොඩක් වෙලාවට දැකලා තියෙන්නේ, අර සවරං වගේ රෙදි පටි කෑලි ටිකක් අතේ තියාගෙන නටන තරුණියන්ව. හැබැයි මචෝ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් සටන් පාඨ කීමේ ඉඳලා උඩ පැනලා නටලා ජිම්නාස්ටික් වැඩ කෑලි පෙන්වීම දක්වා ගොඩක් දේවල් Cheerleading වලදී සිද්ධ වෙනවා. සාමාන්‍යයෙන් තරගයක් අතරතුර මිනිත්තුවක ඉඳලා මිනිත්තු 3 දක්වා කාලයක් මේ ඉදිරිපත් කිරීම වෙනුවෙන් ලැබෙනවා.
මේ සීන් එකේ ආරම්භය ගැන කතා කළොත් ඒක වෙනමම කතාවක්. මේ සීන් එක ආරම්භ වෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය සහ මහා බ්‍රිතාන්‍ය ඇසුරේ. මේ ගැන තියෙන කතාව අනුව මචෝ, 18 වැනි සියවසේ ඇමෙරිකානු විප්ලවයෙන් පස්සේ පාසල්වල ශිෂ්‍යයන්ට ගුරුවරු බොහොම දරුණු විදිහට සලකලා තියෙනවා. මේකට විරුද්ධව ශිෂ්‍ය ව්‍යාපාර තමන්ගේ කණ්ඩායම් එකතු කරගන්න පාසල් ක්‍රීඩා ආදී විෂය බාහිර ක්‍රියාකාරකම් වර්ධනය කරන්න කටයුතු කරලා.
පාසල් තරග ඇතුළේ සිදුවුණු දිරිගැන්වීම්වල විකාශනයක් විදිහට තමා Cheerleaders කියලා පිරිසක් පසුකාලීනව නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම නමුත් මුල් කාලෙ මේක පිරිමින්ගේ ක්‍රියාකාරකමක් විදියට තමයි තිබිලා තියෙන්නේ. එක එක සටන් පාඨ එක තාලයකට සංවිධානාත්මකව කියමින් තමන්ගේ කණ්ඩායම් දිරිගැන්වීම තමයි මුල් කාලෙ මෙයාලා සිද්ධ කළේ.
තරුණියන් මේ සීන් එකට සෙට් වෙන්නේ 1923 දී University of Minnesota විශ්වවිද්‍යාලේ ශිෂ්‍යාවන්ට මේකට අවසර ලබා දුන්නට පස්සේ. කොහොම වුණත් මුල් කාලෙ කාන්තාවන්ට මේ සීන් කෝන් එක ඇතුළේ ලොකු තැනක් තිබුණෙ නෑ. ඒත් දෙවැනි ලෝක යුද්ධය එක්ක සම්පූර්ණ කතාව කණපිට ගැහුණා. Cheerleading වලට අදාළ සංගම් වගේම කඳවුරු පුහුණු කරන්නන්, පුහුණු කිරීමේ ස්ථාන වගේ ගොඩක් දේවල් නිර්මාණය වෙන්න පටන් ගත්තා.
අපි සුදාලට මුලින් කිව්වා වගේ මේක ලොකු කතාවක්. ඇත්තටම මේකට පට්ට ලොකු ඉතිහාස කතාවක් තියෙනවා. A to Z කතාව දැනගන්න ඕනෑ නම් අන්තර්ජාලය පැත්තෙ පොඩි සවාරියක් දාලා බලන්න. අපි දැන් මේ සීන් කෝන් එකේ වර්තමාන තත්ත්වය පැත්තට ටිකක් අවධානය යොමු කරන්න ඕනෑ. Cheerleaders ඉතාම ගෞරවනීය පිරිසක් විදිහට තමා ඇමෙරිකානු High School Culture එක ඇතුළේ අදටත් හැඳින්වෙන්නේ. Cheerleader කෙනෙක් වෙන්න ඒ නිසාම ගොඩක් තරුණියෝ හීන දකිනවා.
Modern cheerleading ගොඩක් වෙලාවට භාවිත වෙන්නේ American football, basketball කියන ක්‍රීඩා දෙක තුළ. Cheerleader ලා නැතුව ඇත්තටම තරගයක් පවත්වන්න බැරි තරමටම මේ ක්‍රීඩා සහ cheerleading එකිනෙක සම්බන්ධ වෙලා තියෙනවා. මේ වෙනකොට ලෝකේ ජනප්‍රියම ක්‍රීඩාව වන football (soccer) වලටත් cheerleading භාවිත වෙනවා. ඒ වගේම Ice hockey, volleyball, baseball, wrestling වගේ ක්‍රීඩාවලත් දැන් Cheerleader නැතුවම බැරි පිරිසක් බවට පත්වෙමින් ඉන්නවා.
කොහොම වුණත් මචෝ Cricket වලට නම් මේ සීන් එකතු වුණේ ඉතාම මෑත කාලයකදී. ඒකම තමයි අපේ ගොඩක් අයට මේ වැඩේ මැජික් එකක් වෙලා තියෙන්නේ. 2007 දකුණු අප්‍රිකාවේ පවත්වපු T20 ලෝක කුසලාන තරගාවලියේදී තමා Cricket වලට මේ සීන් කෝන් එක පළවෙනි වතාවට භාවිත කළේ. පස්සේ ක්‍රිකට්වල IPL වගේ franchises පටන් ගත්තම මේ සීන් කෝන් එක නැගලා ගියා. පහුගිය කාලයේ ලංකාවේ පවත්වපු ලෝක කුසලාන තරගාවලි සහ LPL වගේ තරගාවලිවලත් Cheerleader හිටියා සුදාලා දකින්න ඇති.
Cheerleader competition ගැන අපි වෙනමම කතා කරන්න ඕනෑ මචෝ. මේ වෙද්දි ලෝකෙ බොහොම ජනප්‍රිය Competition කිහිපයක්ම තියෙනවා. NCA All-Star National Championship, World Championship, USASF Cheerleading Worlds වගේ තරගාවලි ගැන සුදාලා කැමති නම් හොයලා බලන්න. YouTube එකෙත් Videos තියෙනවා.
IPL වලදී Cheerleaders ලගේ කතාව නිසා තමයි අපි මේ සීන් කෝන් එක ගැන සුදාලට විස්තර ගලපන්න හිතුවේ. ලෝකේ ජනප්‍රියම බාස්කට්බෝල් තරගාවලිය වන NBA සඳහා සහභාගි වන Cheerleader කෙනෙක් සාමාන්‍යයෙන් වාර්ෂිකව ඇමෙරිකානු ඩොලර් 35,000ක්, ඒ කියන්නේ මචෝ ලංකාවේ මුදලින් රුපියල් කෝටියකට වඩා වැඩි මුදලක් උපයනවා. ඒ වගේම Cheerleaders ජාත්‍යන්තර ආයතනය වන The International Cheer Union (ICU) එක දැනටමත් රටවල් 117 ක ව්‍යාප්ත වෙලා හමාරයි. ආසන්න වශයෙන් ලෝකය පුරා මිලියන 7.5ක් විතර පිරිසකගෙ සහභාගිත්වයක් cheerleading වලට තියෙනවා කියලා මෙයාලා කියනවා.
ඉතින් මචෝ මේක සිරා වැඩක් වගේම පට්ට Y Trend එකක්. ඔයාලටත් මේ ගැන තවත් විස්තර හොයලා දැනගන්න පුළුවන්. මේ හා සම්බන්ධ Movies, TV Series එහෙමත් ඕනෑ තරම් තියෙනවා.
I නිසල්