ජීවිතයේ හැම දෙයක්ම අවසානයේ මේ ලෝකයේ හැම මනුස්සයෙක්ම ඉල්ලා සිටින යම් දෙයක් වෙත්නම් ඒ සතුටයි.. කොළඹ ලස්සන කරන්න තම දෑතත් දහඩියත් දිය කරන ඒ හුඟාක් අයට සමහරවිට සතුටෙන් සැහැල්ලුවෙන් ගෙවන්න දවස් හමුවෙන්නෙත් නැතුව ඇති නිතරම.. ඒත් එදා මේ අය වින්දේ පුදුමාකාර සතුටක්... ඒ සතුට අපි දුටුවේ සමාජ මාධ්‍ය තුළ සංසරණය වුණු වීඩියෝ ඔස්සේ.. නෙත්මි රොෂෙල් හරි ආදරණීය විදිහට ඒ අය එක්ක නැටුව සිනාසුණු ගැවසුණු හැටි හරි ආදරණීයයි. ඒ අය එක්ක ඒ සතුට ඒ විදිහට බෙදාගත්ත හැම කෙනෙක්ටම ඇත්තටම ස්තූතියි... Marketing කියන්නෙ ලෝකයේ හැමතැනම අද පවතින දෙයක්... එහෙත් ඉන් එහා යම් දෙයක සුන්දරත්වය ප්‍රශංසනීයව ඇගයීම අපි හිතුවා අපේ යුතුකමක් කියලා...
I සංජු
සේයාරූ I අන්තර්ජාලයෙන්