මචෝ කතාව නව අවුරුදු නව ආතල් ගැන. පහුගිය අවුරුදු සීසන් එකේ අපි දැක්ක Trend ටික එක මිටට අරගෙන පොඩි චැටක් දාන්න හිතුවා. සුදාලා දන්නවා සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නෙ කවදත් අපි කාටත් සතුට ආතල් උපරිමයෙන්ම තියෙන කාලයක්. ඒත් කාලෙ වෙනස් වෙද්දි මේ ආතල්වල තාලෙත් දැන් සෑහෙන්න වෙනස් වෙලා.
ගොඩක් දෙනා සිංහල අලුත් අවුරුද්දට කතා කරන්නෙ සම්ප්රදාය සංස්කෘතිය අතීත උරුමය වගේ දේවල් ගැන. ඒත් අවුරුද්ද සමරන්නෙ ඊට වඩා වෙනස් විදිහකට. ඒ නිසාම මේ පාර අවුරුද්දෙ සමහරක් දේවල් සොයා බැලීමේදී අපිට කතාව මෙන්න මේ විදිහට තමා පෙනුණෙ.
සාමාන්‍යයෙන් අප්‍රේල් මාසෙ පටන් ගන්නකොටම අවුරුද්දට ලෑස්තිවෙන එක තමයි අපේ සම්ප්රදාය. ඉස්සර නම් මචෝ කැවුම්, මුං අලුවා, අතිරස වගේ ජාති ගෙවල්වල හදලා තෙල් මුට්ටි ළිපේ තියලා කට්ටිය වැඩ ආරම්භ කළා. ළමා ළපටින්ට ඔංචිලි බැන්දා. තරුණ ගැටව් උණ වෙඩි එහෙම හදා ගත්තා. ළමිස්සියොත් පංච කෙළිය, ඔලිඳ කෙළිය වගේ කෙළි සෙල්ලම් එක්ක විනෝද වුණා.
ඒත් මචෝ මේ වෙද්දි ඔය සීන් එකක්වත් ඇත්තට අපිට දැකගන්න ලැබෙන්නේ නෑ. හැබැයි වස්තු හැමදේම TV එකේ අකුරට පෙන්නනවා. සුදාලා දකින්න ඇති පහුගිය කාලෙ ඔය අවුරුදු වැඩ කෑලි, ඉතිහාස සංස්කෘතික ඔක්කොම වැඩ ටික ඇල්ලුවේ ලංකාවෙ නළු නිළියෝ ටික. ඒත් ලංකාවේ බහුතරයක් ගෙවල්වල ඔය කියන ජාතියෙ කිසිම දෙයක් සිද්ධ වුණේ නෑ.
අවුරුද්ද එනවා කියලා කියන්නෙ Shopping කරන්න ලොකුම අවස්ථාව කියලා ලංකාවෙ කාන්තාවෝ දන්නවා. ආයි ඉතින් මොනවද, සූ ගාලා පිරිලා ගියා පහුගිය දවස්වල ලංකාවේ ඇඳුම් කඩ ටික නම්. ඒ විතරක් නෙවෙයි, පමුණුව කොටුව වගේ ප්‍රදේශවලට ඇතුළු වෙන්නවත් බැරි තරම් විශාල පිරිසක් ඇවිල්ලා ඉන්නවා අපි දැක්කා. ඉතින් මචෝ ඒක තමයි දැන් අවුරුද්ද. සරලවම කිව්වොත් මචෝ අද වෙද්දි අති බහුතරයක් දෙනා හිතාගෙන ඉන්න විදිහට අලුත් ඇඳුම් තමයි අලුත් අවුරුද්ද.
මේ විදිහේ තවත් ගොඩක් අවුරුදු Trend තියෙනවා ලංකාව පුරාවටම. අපි ඒ අතරින් ඊළඟට කතා කරන්නෙ අවුරුදු ක්‍රීඩා ගැන. අපේ මචංලට මතක ඇති ඉස්සර නම් අලුත් අවුරුද්දට වෙන්වුණු ජන ක්‍රීඩා කියලා ජාතියක් තිබුණා. පංච කෙළිය, ඔළිඳ කෙළිය, නෙරෙංචි ඇදීම වගේ ක්‍රීඩා ගෙවල් ඇතුළෙ කරද්දි, රබන් ගැසීම, ඔංචිල්ලා පැදීම, චක්ගුඩු පැනීම, අං කෙළිය, පොරපොල් ගැසීම, මේවර කෙළිය වගේ ජන ක්‍රීඩා එළිමහනේ සිදු කළා. ඒ අතර කැට ගැසීම වගේ ක්‍රීඩා යම් ප්‍රමාණයකට දකින්න තිබුණා.
දැන් ඔය ක්‍රීඩාවලින් ඉතුරුවෙලා තියෙන්නෙ ඇත්තටම කැට ගැසීම විතරයි. ඒකටත් හේතුව මචෝ සූදුව. සිංහල අලුත් අවුරුද්ද කියලා කියන්නෙ අද වෙනකොට සූදු සීසන් එකක් විදියටත් හඳුන්වන්න අපිට පුළුවන්. පහුගිය කාලෙ ලංකාවෙ ගොඩක් සූදු පොළවල් දැකගන්න පුළුවන් වුණා. සියලුම සූදු කප්පිත්තන් අවුරුද්දට කලඑළි බැහැලා ගේමක් ගහගන්න තමයි උත්සාහ කළේ.
මහා පරිමාණ කැට පොළවල් ක්‍රියාත්මක වුණේ අලුත් මොඩල් එකට. කට්ටිය සෙල්ලම් කළේ විනෝදෙට වගේ පේන්න වීදුරු බඩු, තෑගි බඩු සෙට්වලට. ඒත් අඩු වැඩි ඔට්ටු ඇල්ලුවේ දස දහස් ගණන්වලින් හොරාට. රුපියල් ලක්ෂ විස්ස තිහ කැරකුණු කැට පොළවල් ගැන තොරතුරු අපට පහුගිය කාලෙ දැනගන්න ලැබුණා. සුදාලට තේරෙනවා නේද දැන් අවුරුද්ද කියලා කියන්නෙ වෙනම ආතල් සීන් එකක්.
සූදුව ගැන කතා කරද්දි නම් බූරුවා ගැසීම අමතක කරන්න බෑ. බූරුවා ගැසීමට ලොල් වූ බහුතරයක් බූරුවන් මෙදා පාර අවුරුද්දටත් ගෙවල් දොරවල් යාන වාහනඋකස් තියලා බූරු ගහලා තියෙනවා. කිහිප දෙනෙක් දිනාගත්තත් බහුතරයක් දෙනා මේ වෙනකොටත් පැරදිලා හමාරයි. බූරුවා ගැසීම කියන සූදුව අවුරුද්ද පුරාවටම දකින්න ලැබෙන සූදුවක්. හැබැයි ඒ සූදුව සඳහා වසන්තය උදා වෙන්නෙ සිංහල අලුත් අවුරුදු කාලෙට. ලංකාවේ බහුතරයක් ගම්වල අවුරුද්දට කෙරෙන ලොකුම වැඩේ තමා බූරුවා ගැසීම. ඔය කියන සංස්කෘතික කෙළි සෙල්ලම් දැන් ගම්වල නෑ.
අවුරුදු උත්සව කියලා කියන්නෙත් සිංහල අලුත් අවුරුද්ද කාලෙට දැකගන්න ලැබෙන වෙනම ආතල් සීන් එකක්. ගොඩක් වෙලාවට දේශපාලනඥයන්, ව්‍යාපාරිකයන්, සමිති සමාගම් තමන්ගේ තරම ශක්තිය පෙන්නන්න තමා අලුත් අවුරුදු උත්සව සංවිධානය කරන්නෙ. කොහොම වුණත් ඒකෙ නම් වටිනාකමක් තාමත් ගැබ්වෙලා තියෙනවා.
ගොඩක් වෙලාවට ලංකාව පුරා ගම්වල නගරවල තියෙන සිංහල අලුත් අවුරුදු උත්සව අතර තරගයකුත් තියෙනවා. අරයට වඩා හොඳ තෑගි අපි දෙන්න ඕනෑ. එහෙම තමයි අවුරුදු උත්සව සංවිධානය කරන අය හිතන්නෙ. ඒ නිසා මේ වැඩේට ඒ අය ගොඩක් මහන්සි වෙනවා. මේ අතර අලුත් අවුරුදු උත්සව සංවිධානය කරන මුවාවෙන් ගාණක් කපා ගන්න මාටින්ලත් නැතුවම නෙවෙයි.
හැබැයි මචෝ දැන් අලුත් අවුරුදු උත්සවවල තියෙන්නෙ අමුතු අමුතු ජාතියේ තරග. සම්පූර්ණයෙන්ම අවුරුදු උත්සවවල තරග විකෘති කරපු බව තමයි පහුගිය කාලයේ සංස්කෘතික ලොක්කොත් කියලා තිබුණෙ. ගොඩක් වෙලාවට ලෝකය පුරා ක්‍රියාත්මක වෙන විනෝද ක්‍රීඩාවලින් ආභාෂය අරගෙන තමා මේ අමුතු ක්‍රීඩා නිර්මාණය වෙලා තියෙන්නෙ. ගොඩක් වෙලාවට මේ ක්‍රීඩාවල සභ්‍යත්වය ගැන ප්‍රශ්නයක් තියෙනවා. සුදාලා දකින්න ඇති Social media වල අර අමුතු ජාතියේ බනිස් කෑමේ තරග එහෙම. ඇත්තටම ඒ සීන් නම් විකාරයක් තමා.
කොහොම වුණත් අවුරුදු උත්සව හොඳටම කරන්නෙ නම් ලංකාවෙ රූපවාහිනී නාලිකා ටික. නළු නිළියන්ගේ අවුරුදු උත්සව, යූටියුබර්ස්ලාගේ අවුරුදු උත්සව, පිටරටවල්වල අවුරුදු උත්සව, මේ හැම දෙයක් හරහාම මේ බොහෝ මාධ්‍ය ආයතනවල මල්ල තමා පිරෙන්නෙ. ගොඩක් වෙලාවට ඔය සංස්කෘතිය සදාචාරය පිළිබඳ පවත්වන සාකච්ඡාවල පවා පිටිපස්සෙ තියෙන්නෙ වාණිජ අරමුණු.
මේ අස්සෙ අවුරුද්දෙ ලොකුම ආතල් Trend එක තමා අවුරුදු කුමරා, අවුරුදු කුමරිය තේරීමේ තරග ටික. මේකෙ මචෝ වෙනම ආතල් කෝටියක් විතර සිද්ධ වෙනවා. මේ තරගවලට ගොඩක් වෙලාවට යන්නෙ නළු හීනය තියෙන, Molding කරන, නැත්නම් කරන්න ආසාවෙන් ඉන්න කෙල්ලෝ කොල්ලෝ ටික. ඒ නිසාම ඒ අයටත් මේ අවුරුදු කාලේ කියලා කියන්නෙ තමන්ගෙ හීනයට යන්න අවස්ථාවක් ලැබෙන කාලයක්.
හැබැයි ඉතින් මචෝ දැන් බොහෝ අවුරුදු කුමරා කුමරිය තරග ඉස්සර වගේ නෙවෙයි, ඒවා හරියට Fashion show, නැත්නම් Pageant වගේ. ඇත්තටම මචෝ අවුරුදු කුමරා කුමරිය කියන සංකල්පය භාවිත කරලා Modern විදියට වෙනම සීන් කෝන් එකක් මේ වෙනකොට අපේ Fashion felid එකේ අය සහ මාධ්‍ය ටික create කරලා ඉවරයි.
හැබැයි මේකේ අනික් පැත්තට තියෙන ලල් එක එක තමයි මේක බලාගෙන ඉන්න අය ගන්න ආතල් එක. මේ හා සම්බන්ධව පහුගිය කාලේ සමාජ මාධ්‍ය ඇතුළෙ Post සෑහෙන්න ප්‍රමාණයක් Viral වුණා සුදාලා දකින්න ඇති. ඒ වගේම සමාජ මාධ්‍ය ඇතුළෙ අවුරුදු කුමරා කුමරිය තෝරගන්න Like, Comment, Share හොයන ආතල් එකත් ලොකු Trend එකක් වෙලා තිබුණා. ගොඩක් යාළුවො අතර Massage යවලා මාව අවුරුදු කුමරා කුමරිය කරන්න, නැත්නම් අරයව අවුරුදු කුමරා කුමරිය කරන්න කියලා කට්ටිය ඉල්ලනවා අපි දැක්කා.
ඉතින් මචෝ සම්ප්රදාය සංස්කෘතිය මොකක් වුණත් දැන් ඕක තමා අවුරුද්ද කියලා අපේ කට්ටිය කියන්නෙ. තිත්ත වුණත් ඇත්ත ඕක නිසා අපි කතාව කෙටියෙන් ගැලපුවා. හොඳ නරක, ගුණ දොස් විචාර බුද්ධියෙන් තේරුම් ගන්න එක අපේ සුදාලගෙ වගකීමක්.
I නිසල්
සේයාරූ I අන්තර්ජාලයෙන්