සඳ කත් මිණි පිනි
වෑහෙන මහ රෑ
එනවද හමුවෙන්න
නිවාලන්න ගිම්
මොහොතක් දිවියේ
යස උරහිස දෙන්න...
දෑඟිලි පටලා සඳ වැහි වැස්සක
වැව් තාවුල්ලක ඇවිදින්න
ගින්දර පපුවක
උණුහුම විඳිමින්
දෙනෙත් පියා ඉන්න
සඳ කත් මිණි පිනි
වෑහෙන මහ රෑ
එනවද හමුවෙන්න...
හදගැස්මට හදගැස්මක් හමුවෙන
කළුවර විඳගන්න
කළුවර විතරයි හිතකට
ළෙන්ගතු
ඔබ එය දන්නවද
වචන මොකුත් නැති කතන්දර දිගේ
සිතු සේ ඇවිදින්න
සඳ කත් මිණි පිනි
වෑහෙන මහ රෑ
එනවද හමුවෙන්න
I සංජු