කියන්නම නොදන්නා මගේ හදවතේ මොකක්දෝ ඉසව්වක මොකක්දෝ ප්‍රේමයක අක් මුල් ඉන්දියානු මහ පොළොව හා යාවී තියෙන හැටියක්! ඇත්තටම මම ඉන්දියාවට ආදරෙයි... අනන්තයක් යැයි හැඟෙන ඒ විසල් මහ පොළොවේ ඉපදුණු අප්‍රමාණ සාහිත්‍යයට, බෞද්ධ දර්ශනයට, දේව කතා පුරාණයට, ඉතිහාසයේ අසීමිත පරිච්ඡේදයන්ට, උන්මාදනීය රොමාන්තික සිනමාවට, අහස පොළොව අතර ස්වර රටා මැවූ සංගීතයට, ගීතයට වගේම රසාලිස්ත ගීතයක් වැනි වූ මේ ලෝකයේ සුන්දරම භාෂාව මේ යැයි හිතෙන හින්දී භාෂාවට මම ආදරෙයි. රාමායණය කියන්නෙ මගේ ඒ ඉන්දියානු ආදරයේ එක කඩඉමක් විතරයි.
ආහ්.. ඒ සොඳුරු ප්‍රේම පුරාණය. ඔයා දන්නවනේ රාමා - සීතා - රාවණා පුරාණය ආයෙමත් ජීවමාන පරිච්ඡේදයක් වෙසින් හුස්මක් ගන්න හදන්නේ. අනේ ඉතින් කොච්චර ආසද ඒ මතක මඟ දිගේ දැනෙන්න ඇවිදින්න.
මේ අහන්න...
භාරත දේශය හා ශ්‍රී ලංකාව අතර මිත්‍රත්වයේ රුහැන් පට ශතවර්ෂ ගණනාවක් ඈතට දිව යන්නක්. ඒ කතාවල ඇතැම් පරිච්ඡේදයකදි වීරත්වයේ මල් පොකුර තියන්න වෙන්නේ භාරත දේශය පාමුල. තවත් පරිච්ඡේදයකදි වීරත්වයේ මල් පොකුර තියන්න වෙන්නේ ලංකාපුරය පාමුල. මේ මොහොතේ අපේ ලොකු අයියණ්ඩිට ඕනෑ වෙලා තියෙන්නේ අපිට රටක් විදිහට නැගිටින්න රුපියල්වලින් අපට හයියක් වෙන්න. හරිම ලස්සනයි සහෝ ඒ හයියට තෝරාගත්ත මාවත. රාමා සීතා සියක් දහසක් ඈත ප්‍රේම පුරාණයට නව අර්ථකථනයක් සම්මිශ්‍රණය කරන්නේ අන්න ඒ වෙනුවෙන්.
අහන්න...
ශ්‍රී රාමායන් ට්‍රේල්ස් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සපැමිණෙන්නේ ඒ වෙනුවෙන්... යන්න ඔයා www.jaishreeram.lk වෙබ් අඩවියට. පිරික්සන්න. හමුවේවි අලුත් මාවතේ පියවර.
''රත්තරන් නෙත් දෙකින් සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල් නිවන්න රත්තරන්...''
රාමා සීතා ළඟ එසේ සිතුවිලි පුරෝගෙන දැවටෙන්න ඇති. රාවණාටත් එහෙම හිතුණද නොහිතුණද අනේ මන්දා... ප්‍රේමය කියන්නෙම කොන්දේසි විරහිත බැඳීමක්.. ප්‍රේමය ප්‍රේමය වෙසින්ම හදවතින් හදවතක් ස්පර්ශ කරපු තැන... දැනෙන්නෙ ප්‍රේමය විතරමයි. මම ආසයි ඒ අතීත ප්‍රේම කතන්දර අහන්න... ප්‍රේමයේ අප්‍රමාණ ඉසව් මුණගැහෙන්නේ ඒ අතීත ප්‍රේම පුරාණ අස්සේ විතරමද මන්දා... ඒ කතන්දර ඒ තරම් ලස්සනයි.
අනේ... රාමායණයත් එහෙමයි.
ඉතින් අහන්න...
ඉන්දියාවේ අයෝධ්‍යා පුරය කියන්නෙ රාම දෙවිඳුන් ජන්ම ලාභය ලද පූජනීය බිමයි. එහෙම තමයි කෝටි ගණනක් රාම බැතිමතුන්ගේ විශ්වාසය. ඔයා දන්නවද අයෝධ්‍යා පුරවරයේ මෑතකදී ඉදිවූ සුවිශාල ශ්‍රී රාම පූජස්ථාන පරිශ්‍රයට දවසකට ලක්ෂ හතරකට වැඩිය වන්දනීයන් එනවා ශ්‍රී රාම නමදින්න වගේම විඳින්නත්. ශ්‍රී රාම බලන්න සපැමිණෙන ලක්ෂ 4ක් වෙච්ච බැතිමතුන්ගෙන් ලක්ෂයක් විතර විදෙස් සංචාරකයන්.
අයෝධ්‍යාවේ ශ්‍රී රාම් ජනම් භූමි තීර්ත් ක්ෂේත්රා භාරයේ භාණ්ඩාගාරික භාරකරු සහ මතුරා හි ශ්‍රී ක්රිෂ්ණ ජන්ම භූමි භාරයේ උප සභාපති භාරකරු සහ පූනේ හි මහර්ෂි වෙද් ව්‍යාස් ප්රතිෂ්ඨාන් භාරකාර සභාපති ගෞරවපූර්ව අතිඋතුම් ස්වාමි ශ්‍රී ගෝවින්ද දේව් ගිරි ජී මහරාජ් ස්වාමිතුමා සපැමිණියේම රාමායණ පුරාණයේ නව හුස්ම ලාංකික පොළොවේ පැළ කරන්න.
ස්වාමිතුමා කරන්න හදන්නේ මොකක්ද?
ලංකා පුරවරයේ රාමායණය ඇසුරින් නම් කරන ලද භූමි ස්ථාන හා පූජනීය ස්ථාන වඩාත් විධිමත්ව නවීකරණය කරමින් නව තාක්ෂණයේ උපරිම නිර්මාණශීලීත්වය යොදා ගනිමින් ජාත්‍යන්තර පුරවරයේ ආධ්‍යාත්මික සංචාරක ව්‍යාපෘතිය උදෙසා පෙරමුණ ගනු පිණිස මෙහෙවරක යෙදෙන්නයි හදන්නේ.
ස්වාමිතුමා එහෙම කරන්න හදන්නේ ඇයි?
නුදුරේම දිනෙක ඉන්දියාවේ රාම බැතිමතුන් ලක්ෂ ගණනින් ශ්‍රී ලංකාවේ මේ ස්ථාන දැකබලා ගන්න සපැමිණේවි. නමදින්න විතරක් නෙවෙයි, අධ්‍යයනය කරන්න අවැසි පහසුකම්ද සලසාලූ පසුබිමක් මේ ස්ථාන සංකේන්ද්‍රණය කරගනිමින් ගොඩනගන්නේ නම් නිතැතින්ම ඉන්දියානු දේශය ඔස්සේ ලංකා දේශයට නව සංචාරක මාවතක් තැනේවි!
ඔයා දන්නවනේ රාමායණය කියන්නේ සියක් අසංඛ්‍යයක් හදවත්හි පුරාණ වීර කාව්‍යයක්! රාමායණ කතන්දරය හා යාවුණු නවාතැන් නවයකට නව ජීවයේ හුස්මක් එක් කරමින් ඒවායෙහි ආධ්‍යාත්මික සාරය කිසිදු වෙසෙකින් නොකෙළෙසමින් නවීනත්වය රිසි ලෙස මුහු කරන්නයි මේ සූදානම.
ඔයා දන්නවද?
මන්නාරම් ද්‍රෝණියේ පුරාවෘත්තෙහි සඳහන් ආදම්ගේ පාලමේ ඉඳන් නුවරඑළියේ පූජනීය සීතාඑළිය තෙක් විහිදෙන මෙම නවාතැන් ජාලය විශ්වීය මුහුණුවරක ආධ්‍යාත්මික සහ සංස්කෘතික ස්මාරක බවට පරිවර්තනය කරමින් කාලයේ මාවත් දිගේ සපැමිණෙන දිනෙක නුදුරේම පූජනීය වන්දනාවන් පිණිස නරඹන්නන්ට ආරාධනා කරනු ලබන ස්ථාන බවට පරිවර්තනය කරන්නයි මේ ලෑස්තිය.
මන්නාරම් ද්‍රෝණියේ ආදම්ගේ පාලම : එකමුතුකම සහ ශක්තිය සංකේතවත් කරමින්, රාම් දෙවියන්ගේ හමුදාව විසින් ඉදිකරන ලද පුරාවෘත්තයෙහි සඳහන් පාලමේ විශ්මය දනවන ශිල්පීය හැකියාවන් දැකබලා ගැනීමට.
අශෝක වතික, සීතාඑළිය : සශ්‍රීක හරිත හා නිස්කලංක පරිසරයක් මධ්‍යයේ, රාවණාවන් විසින් සීතා දේවිය සිර කරගෙන සිටි ශාන්ත වූ අභයභූමිය ආවර්ජනය කර ප්‍රබෝධමත් වන්න.
වැලිමඩ, දිවුරුම්පොල : දරාගැනීමේ හැකියාව සහ දැහැමි බව පිළිබඳ සාක්ෂියක් වන අග්නි පරීක්ෂණය පැවැත්වුණු ස්ථානයේ සිට සීතා දේවියගේ චරිතයේ නිර්මලත්වයට උපහාර දක්වන්න.
උස්සන්ගොඩ ජාතික වනෝද්‍යානය : ඔහු මුලින්ම ලංකාවට ගොඩබසින ලද ස්ථානයේ සිට හනුමාන්ගේ වීර ගමනට ගෞරව කරන අතරතුර ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සමරන්න.
ගාල්ල, රූමස්සල : සංජීවනී ඖෂධ පැළෑටිය සෙවීමේ හනුමාන්ගේ ගවේෂණයෙන් ලද උද්භිද උද්‍යාන මධ්‍යයේ වූ සාකල්‍ය සුව වීම සහ නිරෝගි සුවය අත්විඳින්න.
ත්‍රිකුණාමලය කෝනේශ්වරම් විහාරය : ශිව දෙවියන් වන්දනාමාන කරන මෙම පෞරාණික විහාරස්ථානයේ වාස්තු විද්‍යාත්මක තේජස සහ අධ්‍යාත්මික වැදගත්කම ගැන මවිත වන්න.
හලාවත, මානවරි විහාරය : කරුණාවේ සහ භක්තියේ සංකේතයක් වන රාම් දෙවියන් විසින් ස්ථාපනය කරන ලද පූජනීය ලිංගය ඉදිරියේ දිව්‍ය ආශිර්වාද ලබාගන්න.
ඇල්ල, රාවණාගේ ගුහාව : සීතා සඟවා තැබූ ස්ථානයේ මිනිස් ස්වභාවයේ සංකීර්ණතා සහ මිදීමේ බලය පිළිබඳ විශ්වාසය ගැන සොයා බලන්න.
'කතරගම' නොහොත් දකුණු කෛලාශය : බුදු දහම සහ හින්දු ආගම අතර ගැඹුරු සම්බන්ධයක් ඇති කරන ශ්‍රී ලංකාවේ හින්දු ආගමේ මෙම කේන්ද්‍රස්ථානය වෙත ආධ්‍යාත්මික වන්දනාවක් ආරම්භ කරන්න.
ඔයා දන්නවද?
නවීන තාක්ෂණයේ නෙක මෙවලම් උපයෝගීත්වයෙන් රාමයන්ගේ විචිත්‍ර දර්ශනයන් හදවත්හි ප්‍රතිනිර්මාණය වෙන වර්ණ හුස්මකට සේම ආධ්‍යාත්මික සහ ඓතිහාසික මාවත් සමුදායක ඔයාට ඇවිදින්න කියා දෙන්නයි මේ සූදානම...
ඔයා තේරුම් ගන්න
රාමායණ මංපෙත අනාවරණය කිරීම පූජනීය මෙහෙවර කියන්නෙ ඉන්දියාවත් ලංකාවත් යා කරන තවත් එක් සංචාරක ව්‍යාපෘතියක් විතරක් නම් නෙවෙයි. තාක්ෂණයෙන්ද තැනෙන මාවත් දිගේ අප්‍රමාණ අතීත අභිමානවත් කියවීමකට ඔයත් මමත් ස්නේහයෙන් කැටුව යාමක්...
එයාලා කියනවා මෙන්න මෙහෙමත්...
එය පැරුණි ආධ්‍යාත්මිකත්වය නවීන ගෘහ නිර්මාණ ශිල්පයේ ආශ්චර්යයන් සහ AI තාක්ෂණයෙන් නිර්මාණය වන වර්ධිත යථාර්ථය සහ අතථ්‍ය යථාර්ථය (Virtual reality) ඇතුළු අති නවීන තාක්ෂණය සමඟ මිශ්‍ර කර මැකී ගිය ඓතිහාසික සිද්ධීන් සජීවීකරණය කර ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමක්!
මෙම අතීත සිදුවීම් විචිත්‍රවත් ලෙසින් ජීවිතයට ගෙන එන වර්ධිත යථාර්ථය ඔස්සේ ආදම්ගේ පාලම ඉදිකිරීම හෝ සීතාගේ අග්නි පරීක්ෂණය අත්විඳීම ගැන ඔබට දකින්න ලැබෙන අවස්ථාවක් ගැන සිතිය හැකිද? ඔබත් එම ස්ථානයේ සිටි කෙනෙක් ලෙසින් එම අත්දැකීම නව තාක්ෂණය ඔස්සේ විඳගන්නට ලැබෙන ශ්‍රී ලංකාවේ පළමු අවස්ථාව මෙය වනු ඇත. AI තාක්ෂණය ඔස්සේ ක්‍රියාත්මක වන මාර්ගෝපදේශ සහ අතථ්‍ය රියැලිටි අත්දැකීම් ඒකාබද්ධ කිරීම, සෑම සංචාරයක්ම අභ්‍යවකාශය හරහා පමණක් නොව කාලය හරහා යන ගමනක් බවට පත් කරමින් අසමසම ගැඹුරත් මෙම තාක්ෂණික ක්‍රියාන්විතය හරහා ලබා දෙනු ඇත.
ස්වාමි ශ්‍රී ගෝවින්ද දේව් ගිරි ජී මහරාජ්ට ස්තූතියි: ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ඡාහ්ට, නිරංජන් දේව් ආදිත්‍ය ඇතුළු ඉන්දීය ශ්‍රී ලාංකික මේ අලුත් හුස්ම වෙනුවෙන් සෙත් පැන් ඉසලූ ඉන්දීය - ශ්‍රී ලාංකික සැම දෙනාටමත්, දෙවුර දැරූ මහා වගකීම වෙනුවෙන් සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සන්නාමයටත්.. ස්තූතියි!
එන්න දවසක...
ප්‍රේමණීය වීරණීය රාමායණ ආදරවේදයේ මතක සමුදා පපුවටම තුරුල් කරගෙන ඇවිද යන්න... දකින්න විඳින්න සහ ආදරය කරන්න.
I සංජීවිකා සමරතුංග