2024 මැයි 04 වන සෙනසුරාදා

වැස්සක් කියන්නෙම වැස්සකට විතරමද?

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 33

දල්වන්න රතු පාට 
ඉටි පන්දමක්
අඳුරුතම කළුවරක
මා ළඟින් හිඳ
මා දෑස් පියවෙන
හුදෙකලා ඇසිල්ලක
තනිකමට...

සඳත් මෝරා නේන වග දැන
කළුවරක් කවි ලියයි
අහස මත චිත්‍රයක
හුස්මටම යා වෙච්ච
හුස්ම හරි දුරයි අද
රතු පාට මතකයන්
විතරමයි පපුව මැද...

අකුණු සර ලස්සනටම
දිලිහෙන්නෙ කළුවරක
කවුරුත්ම නාඳුනන
හදගැස්ම හැඳිනුවෙත්
රාත්‍රිය විතරමද?
තැවි තැවී දැවි දැවී
කඳුළු තුරුලට ගත්තේ
කාත් කවුරුත් ළඟින්
නැති බවත් දැන දැනම...

වැස්සක් කියන්නෙම 
වැස්සකට විතරමද?
නොවැසි වැසි අවැසි සඳ
අවැසි වැසි නොවැසි සඳ
වැස්සක් කියන්නෙම
වැස්සකට විතරමද...

දල්වන්න රතු පාට 
එකම ඉටි පන්දමක්

I සංජු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00