2024 මැයි 04 වන සෙනසුරාදා

සිහිනයෙන් එහාට සිහින සමීකරණ

 2024 මැයි 04 වන සෙනසුරාදා, ප.ව. 02:00 76

සසික හේරත්ගේ කුළුදුල් සිනමා අධ්‍යක්ෂණය වූ ,මහාචාර්ය චරිත් ජයතිලක සහ ධම්මික ගීකියනගේ ගේ නිෂ්පාදනයක් වූ "සිහින සමීකරණ" සිනමා නිර්මාණයේ මාධ්‍ය දර්ශනයේ දිගහැරුම පසුගියදා ලිබර්ටි සිනමා ශාලාවේදී තිරගත වුණා.. සජිත ඇන්තනී, කසුනි කාවින්දි, අෂාන් ඩයස්, රන්දික ගුණතිලක, වසන්ත විට්ටච්චි, පූජන දන්දෙනිය, මොරින් චාරුනී, රෙබෙකා දිල්රුක්ෂි සහ නයනා හෙට්ටිආරච්චි රංගනයෙන් දායක වන "සිහින සමීකරණ" දර්ශන විද්‍යා අරවින්දගේ තිර රචනාවක්.

තාරුණ්‍යයට  ජීවිතයේ මග වරදින්නට ගතවන්නේ අංශුමාත්‍රික කාලයක් විය හැක. එලෙස ජීවිතයේ මඟ වැරදුනද ජීවිතය අවසන් වන්නේ නැත .නැවත ජීවිතය. හමුවන්නටද පුළුවන. එවන් වූ ජීවිතයක් වටා ගෙතුණු,සැබෑම වූ මිනිස් සබඳතාවයන් ගැන කියවෙන "සිහින සමීකරණ" නුදුරේදීම සිනමාහල්වල තිරගතවීමට නියමිතයි.

I දිශානි