අකුණු පුපුරා
මගේ හිත් මල
සුණු විසුණු විය
එක මොහොතක්
මහද හැරදා ඔබ ගිය දවස!
අසෙනි වැසි දැන් කුමට
නිවෙන්නට දැන් බිමක් නැත
පිපෙන්නට දැන් මලක් නැත
පාළු වී ගිය සිත් මඬල මත
මතක පමණක්
දළුලමින් ඇත...
අස්වසන්නට හීත වැහි ඉස
දාහයෙන් ඇවිලිච්ච බිම්කඩ
ප්‍රේමයේ වරුසාව කුමටද?
වැහි වහින්නෙම පායන්න බව
දන්නවා මම
හොඳටෝම අද....
ඉපල් වී ගිය අතු අගිසි මත
මලක් පිපුණොත් ඒ වසන්තය
ඇවිත් යන්නට එන ඍතු මිස
නිමා නොවෙනා ඍතුවක් නැත
I සංජු