ඔන්න මචෝ අදත් අරගෙන ආවා සිරා Y Trend එකක්. මේ කතාව චීන ටෙලිනාට්‍ය සංස්කෘතිය ගැන. අපේ තරම සුදාලා දන්න විදිහට කිව්වොත් මේකත් C Drama ගැන. මේක ටිකක් අමුතු ජාතියේ කතාවක්.
ලෝකයේ බොහොම ජනප්‍රියම ටෙලි culture එක තියෙන්නේ මේ වෙනකොට කොරියාවේ බව අපි මීට කලින් සුදාලා එක්ක කතා කරලා තියෙනවා. K Drama කියලා කියන්නේ කොරියාවේ විතරක් තියෙන පිස්සුවක් නෙවෙයි. ලෝකෙ වටේම ගොඩක් දෙනා මේ ටෙලි නිර්මාණ රස විඳිනවා පිස්සුවෙන් වගේ. ඔන්න ලංකාවෙ තත්ත්වයත් ඒකම තමා.
කොරියාව සිනමාවෙන් සංගීතයෙන් ටෙලි නිර්මාණවලින් ලෝකය දැන් ආක්‍රමණය කරලා කිව්වොත් හරියට හරි. කොරියාවේ ගායක ගායිකාවෝ, නළු නිළියෝ වගේ ජීවත් වෙන්න, එයාලව follow කරන්න ලෝකෙ පුරා මිලියන සංඛ්‍යාත තරුණයෝ, තරුණියෝ පෙළඹිලා ඉන්නවා. මේ සීන් කෝන් එක ගැන අපි අවස්ථා කිහිපයකදීම සුදාලා එක්ක දීර්ඝව කතාබහ කළා. හැබැයි මචෝ කොරියාවේ මේ ආතල් එක ඉවසන්න බැරි සෙට් එකක් ඉන්නවා. ඒ තමයි චීනය. කොරියාව කොපි කරගෙන කොරියාවට ගේමක් දෙන්න මේ වෙනකොට චීනේ පටන් අරගෙන හමාරයි. C Drama කියන මාතෘකාව අපිට කතා කරන්න වෙන්නේ මෙන්න මෙතැනදී.
සුදාලට මතක ඇති මීට අවුරුදු හත අටකට ඉස්සෙල්ලා ලංකාවෙත් ඉඳලා හිටලා චීන ටෙලිනාට්‍ය විකාශනය වුණා. කොහොම නමුත් මුල් කාලේ චීන ටෙලිනාට්‍යවලට ලොකු ඉල්ලුමක් තිබුණෙ නැහැ. සාම්ප්‍රදායික සහ මායාකාරී කතාන්දරවලට තමා චීනය මුල්කාලීනව උනන්දු වුණේ. ඒවා බලන්න ආසා වෙනම පිරිසක් තමයි නිර්මාණය වෙලා තිබුණේ. හැබැයි මචෝ ඒක මෑත කාලීනව හරිම වේගයෙන් වෙනස් කරන්න චීනය කටයුතු කරලා තියෙනවා.
පහුගිය අවුරුදු හය හත ඇතුළත චීන නාට්‍ය, චීනයේ පොහොසත් සංස්කෘතික උරුමයන් ගැන සොයා බලන ඓතිහාසික නාට්‍යවල ඉඳලා නූතන ගැටලුවලට මුහුණදෙන සමකාලීන නාට්‍ය දක්වා පුළුල් තේමා පරාසයක විහිදෙන්න පටන් ගත්තා. ආදරය, පවුල් ගැටුම්, යුද්ධය, රහස් පරීක්ෂණ වගේ හොලිවුඩය සහ කොරියාවේ ජනප්‍රිය හැම තේමාවක් යටතේම චීනයත් තමන්ගේ නිර්මාණ කළා. සුදාලා දන්නවා ලෝකයේ ආර්ථික බලවතෙක් විදිහට නැගී සිටින චීනයට අලුත් වෙළෙඳපොළවල් හොයාගන්න අපූරු දක්ෂතාවයක් තියෙනවා. ඔවුන් මෙතැනදි කළෙත් ඒකයි.
ලෝකයේ විශාලම ජනගහනයක් ඉන්න චීනයේ මිනිසුන්ටත් ලෝකයේ වෙනත් රටවල ඉන්න මිනිසුන්ගෙ රුචි අරුචිකම්වල විවිධ වෙනස්කම් තියෙනවා. ඒ වගේම ඔවුන්ට බලපාන සීමා මායිමුත් තියෙනවා. මුලින්ම මේවා ගැන දැඩිව හිතලා මේ අයට ගැලපෙනම කතා විතරයි චීනය නිර්මාණය කළේ. ධනේශ්වර ආර්ථික කාරණා ගැන කියැවෙන කතාවලට ඉස්සර ලොකු ඉඩක් තිබුණේ නැහැ. ඒත් පස්සෙ චීනය තේරුම් අරගෙන තියෙනවා දේශපාලනයේදී ආර්ථිකය වගේම කලාවෙදිත් සමබරව වැඩේ කරගන්න ඕනෑ විදිය.
මේ වෙනකොට චීනය තමන්ගේ රුචි අරුචිකම්වලට ගැලපෙන, ඒ වගේම ලෝකයත් එක්ක තරග කරන්න පුළුවන් C Drama නිර්මාණය කරන්න පටන්ගෙන තියෙනවා. මේ වෙනකොට චීන ටෙලිනාට්‍ය මෙච්චර ජනප්‍රිය වෙන්න තවත් හේතු කාරණා ගොඩක් තියෙනවා. පහුගිය කාලෙ ජනප්‍රිය වුණු C Drama වල අමුතු cool ගතියක් තියෙනවා. ඒවා බැලුවම කවුරුත් Stress වෙන්නෙ නෑ. ඉතාම සරල කතා තේමාවන් තමයි චීනය තෝරගන්නේ. කොරියාවෙත් මේ සීන් එක දැකගන්න පුළුවන්. ඒත් කොරියාවටත් වඩා චීනය දැන් ඒ ලයින් එකේ ඉන්නවා.
හැබැයි මචෝ මෙහෙම දෙයක් තියෙනවා. C Drama වලට දැඩි විරෝධයක් දක්වන, ඒවා හෙළා දකින, මෙලෝ රහක් නැහැ කියලා කියන විශාල පිරිසකුත් ලෝකයේ ඉන්නවා. ඉස්සර නිර්මාණය වුණු විකාරරෑපී කතා වගේම තාමත් දැකගන්න පුළුවන් එවන් කතා නිසා තමා එහෙම වෙලා තියෙන්නේ. මේ විවේචන අසාධාරණයි කියලා කියන්න බැරි තරමට විකාරරෑපී කතා අදටත් ඔයාට ඕනෑ නම් හොයාගන්න පුළුවන්. ඒත් මචෝ මේ මොහොතේ තත්ත්වය වෙනස් වෙමින් තියෙනවා කියන එක අපි කාටත් පිළිගන්න වෙනවා.
ලෝකයේ අනිත් රටවල්වල ජනප්‍රිය වෙන්නේ ගොඩක් වෙලාවට සීමිත කොටස් ප්‍රමාණයක් තියෙන C Drama. Season කිහිපයක් ඉදිරියට ගිය නිර්මාණත් ප්‍රසිද්ධ වෙච්ච අවස්ථා තියෙනවා. සුදාලා කැමති නම් හොයලා බලන්න මෙන්න මේ කතා ගැන.
මෙතැන තියෙන විශේෂත්වය තමයි තමන්ගේ ආර්ථික ශක්තිය, සමාගම් පිළිබඳ කතාන්දර චීනය තමන්ගේ නිර්මාණය තුළදි හෙමිහිට ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම ව්‍යවසායකත්වය දිරිගන්වනවා. ලිංගිකත්වය වගේ දේවල් ගැන ලොකුවට කතා නොකර වෙනස් වෙනස් විදිහට ආදරය ප්‍රේමය ගැන කතා කරන්න හදනවා. සදාචාර රාමුවක් චීනයට තියෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නැහැ.
විශේෂයෙන්ම මේ වෙනකොට චීන Television Channel ඍජුවම තමන්ගේ කතා YouTube වෙත මුදාහරිමින් ඉන්නේ. මේක වෙනම ආතල් එකක්. හොඳ තරගකාරී තීරණයක්. විශාල ලාභ අපේක්ෂාවෙන් කොරියාව, ඇමෙරිකාව, ජපානය වගේ මෙයාලා තරග කරන රටවල් වෙනම Platform වලට තමා තමන්ගෙ නිර්මාණ දාන්නෙ.
ඒ අයත් එක්ක තරග කරන්න ඕනෑ නිසා චීනය තමන්ගෙ නිර්මාණ ලොකු ලාභ අපේක්ෂාවකින් තොරවම ඩෝං ගාලා YouTube දානවා. මොකද එතැන තමයි විශාල පිරිසක් ගැවසෙන්නේ. We TV, Mango TV, YoYo වගේ රෑපවාහිනී නාලිකාවල යූටියුබ් අවකාශයට ගිහිල්ලා බැලුවොත් සුදාලට ඒ සීන් එක හොඳටම තේරෙයි.
කොහොම වුණත් Netflix වගේ Platform වුණත් දැනටමත් චීනයට විවෘත වෙලා ඉවරයි. මේ යන විදියට හෙට අනිද්දට චීනයේ කලාවත් ලෝකය ආක්‍රමණය කරන බව ඉතාම පැහැදිලියි. දැනටමත් අපේ කොරියානු නිර්මාණ රසවිඳින තරුණියෝ අතර C Drama සඳහා ඉහළ ආකර්ෂණයක් තිබෙන බව අපි නිරීක්ෂණය කළා. ඒ වගේම ඔවුන් චීනයේ නළු නිළියන්ටත් දැන් කැමති වෙන්න පටන් අරගෙන. ඉතින් මචෝ චීනය කොහොමත් සුළු කොට තකන්න නම් බැහැ. අනාගතයේදී චීන කතාවක් බලාගෙන චීන සින්දුවක් අහගෙන සුදාලටත් ආතල් එකේ ඉන්න පුළුවන් වේවි.
I නිසල්