2024 මැයි 18 වන සෙනසුරාදා

එළිසමය නැති කවිය - තමයි හරි ලස්සනම

 2024 මැයි 18 වන සෙනසුරාදා, ප.ව. 02:00 17

සංසාර ගිරි දුර්ග
මතක මහ අසෙනි මැද
දුල සඳක මතක ඇත
මට අහිමි අහස මත...

ගං දෑල අත්හැරුණු
විහඟ පොව්වන් විලස
අපි බලා ඉන්න ඇති
දුර ඉඳන් හැමදාම

මම ලියන කවියකට 
අකුරු දුන්නේ නුඹය
එළිසමය නැති කවිය
තමයි හරි ලස්සනම

කවියකට මුහු වුණේ
මගෙ පපුවෙ ආදරය
ජීවිතයෙ පාර දිග
හැමතැනම කවිකම්ය

I සංජු