හිමි සණරාමර මලින් පුදන්නට
සිලි සිලිලාරේ බෝපත් සෙවණක
සංසාරණ්‍යයේ සුවඳ විදාහල
බැතිබර මතකය මා අස හිතවත...
යොදුන් ගණන් දුර පසුකර ආ දුර
සුසුවඳ මල් මිටියාවත් පසුකර
ඒ සා අසෙනිය වැහිත් දරාගෙන
සුසුම් හීත ස්වර ඉවසා බැතියෙන...
නොරිදෙන්න රිදවන්න දන්නවද සුපෙම්වත
ඉසියුම්ද කොයි තරම් ප්‍රේමයේ නවාතැන
හදවතේ ලේ නහර ගැඹුරටම කිඳා බැස
ආදරෙයි නොකියන්න - සංසාරෙ දුරයි තව
මලක් මට එපා දැන් සෙනසුනක රඳන්නට
අවැසි නෑ පැතුම් මල් කිනිති තව
නුඹට හිතැති හිත සොවින් දරාගෙන
මතක මං දිගේ ඇවිද යමි තනියමම
I සංජු