හිස් පිටුවක් ඇත
මා කවි නොලියූ
පෙරවදනක් මිස
පසුවදනක් නැති
ප්‍රේම පුරාණේ
මගේ කතාවේ...
යොදුන් ගණන් දුර
ආවද සසරේ
පුරුදු සුවඳ
පපුවට මට දැනුණේ
මතක ඉතිරි කර
යයි යළි දවසක
කවිකම් ගොතන්න
කතා තිළිණ කර
කඳුළක් වත්කර
කවියක් ලියන්න
එපා කතන්දර
ආයෙත් කියන්න
සසර සරා මට
දුන්නු මතක ඇති
සංසාරෙම මට
කවිකම් ගොතන්න...
I සංජු