2017 ජුනි 24 වන සෙනසුරාදා

සිඳු තෙර

 2017 ජුනි 24 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 120

ආදරේ කළේ මං විතරමද
අහස කෙළවර තරුවකට
දුර වැඩිද ඒ විසල් අහසට
පොළොව කෙළවර ළපල්ලක් මම

ජීවිතේ දුර හීන තිබුණට
හීන නිදියන ඇස් පියන් යට
සතුට නෑ දුක් කඳුළු බිඳු මිස
මං අඬන්නෙත් මගේ තනියට

ලියූ කවි පද දහස් ගණනක
නුඹ හිදී ළඟ එදා වාගේම
දුර වැඩිද අපි ආව මේ දුර
කතර නිරුදක ගෙවා මඟ තොට

අරන් යනවද තුන් හිතම නුඹ
මගේ තනියට මා ඉතිරිකර
ආත්මය ඉකිගසන මොහොතක
සොඳුර නුඹ මිස මා එතන නැත

saara

 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 අප්‍රේල් 05 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00