2024 ජුනි 08 වන සෙනසුරාදා

ඇයි කෝවලන් නුඹට හිතුණේ සොයා යන්නට සුන්දරීලා...

 2024 ජුනි 08 වන සෙනසුරාදා, ප.ව. 02:00 16

කෝවලන්ලට සුන්දරීලා
ආලයෙන් උන් රාග තත්පර
ගෙවී අවසන් වෙච්ච මොහොතක
උන්නෙ තනියට කන්නගීලා...

ඉසුරු කුමකට ප්‍රේමයම හැර
හිතුව නම් ඒ සුන්දරීලා...
කිමැයි ප්‍රේමය සොයා යන්නට
හිතන්නෙම නෑ කෝවලන්ලා...

දරා පපුතුර නේක ගින්දර
උහුලනා සඳ කන්නගීලා
ඇයි කෝවලන් නුඹට හිතුණේ
සොයා යන්නට සුන්දරීලා...

හුස්ම ගාණේ මලින් සරසන
දිව්‍ය ප්‍රේමෙන් නුඹව හිඳුවා
සුරුකි කන්නගි අතැර ගියදා
කඳුළු සීතල වැඩිද මන්දා

• සංජු

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00