2024 ජුනි 22 වන සෙනසුරාදා

හැඟුම් අද්දර සිනාසෙන්නට හඬනු මැන වර්ෂාවියේ...

 2024 ජුනි 22 වන සෙනසුරාදා, ප.ව. 02:00 7

ගසක අතු අග කැකුළු උපදින
කැකුළු මල් වී සුවඳ විහිදන
අහස තෙක් තුරු මුදුන් එසවුණු
වනස්පතියන් කිරුළු උසුලන
දිනක් වෙනුවෙන්
හඬනු මැන වර්ෂාවියේ...

වියළි පොළොවක් තෙමාලන්නට
දූලි පොළොවක සුවඳ විහිදන
නිමා නොවෙනා වසන්තය අග
සරා සුළඟක් හමා එනු ඇත
එදින සරසා පොළොව සිඹිමින්
හඬනු මැන වර්ෂාවියේ...

සඳ එළිය වැව් දියම සිපගත්
රාත්‍රිය රන් මතක සරසන
කවිය නුඹ වී රුයක් හඬවන
හැඟුම් අද්දර සිනාසෙන්නට
හඬනු මැන වර්ෂාවියේ...

• සංජු