ඔන්න මචෝ අද කතා කරන්න හදන්නේ ලංකාවේ වගේම ලෝකෙ පුරාම බොහොම ජනප්‍රිය Y Trend එකක් ගැන. තාරුණ්‍යයේ තරු හීනය සැබෑ කරන Reality Shows ගැන තමා අද කතාව. සීයක් දෙසීයක් දාහක් ලක්ෂයක් විතර පිරිසක් එක කිරුළක් වෙනුවෙන් තරග කරන Reality කියන්නේ අපේ සුදාලට නුහුරු දෙයක් නෙවෙයි. දැන් දශක දෙකක විතර ඉඳලා ලංකාවෙත් මේ සීන් එක බොහොම ජයට කෙරෙනවා. ඒත් ලංකාවට වඩා ලෝකේ මේ සීන් කෝන් එක වෙනස් වෙනස් විධිවලට කෙරෙනවා අපි දැකලා තියෙනවා. ඒ නිසාමයි මචෝ අපි මේ විදියේ කතාවක් ගලපන්න කල්පනා කළේ.
අපේ සුදාලට කියන්න Reality Show කියන්නෙ බිස්නස් එකක්. Competition-based reality shows මේ වෙනකොට ලෝකේ ඉහළම ආදායමක් ලබන රෑපවාහිනී වැඩසටහන් විශේෂයක්. සුදාලා දන්නවා රෑපවාහිනී වැඩසටහන්වලට මීට කාලෙකට කලින් ලොකු තැනක් තිබුණා. ඒත් දැන් රෑපවාහිනී වැඩසටහන්වලට තියෙන තැන එන්න එන්න අඩුවෙලා. ප්‍රවෘත්ති, ටෙලිනාට්‍ය, සම්මුඛ සාකච්ඡා ඇතුළු විශේෂාංග ගොඩක් දැන් රෑපවාහිනී ඔස්සේ නරඹන්න මිනිස්සු එච්චර උනන්දු වෙන්නේ නෑ. Reality Show වලට තාම ලොකු තැනක් තියෙනවා. ඒ නිසාම Reality වැඩසටහන් කියන්නේ හරියට කළොත් මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ සාක්කුවලට සල්ලි පොම්ප කරන වැඩසටහන් විශේෂයක්.
මචෝ සාමාන්‍යයෙන් ලංකාවේ අපි දන්නේ ගායන තරග ගැන විතරයි. ලංකාවේ ජනප්‍රිය ගායකයෝ සැලකිය යුතු ප්‍රමාණයක් Reality වේදිකාවෙන් ආපු අය ඉන්නවා. ඒ වගේම Reality වැඩසටහන්වල කිරුළ දිනලා පස්සේ ක්ෂේත්‍රයෙන් අතුරුදන් වුණු චරිතත් ඕනෑ තරම් ඉන්නවා. ඒ නිසාම ලංකාවේ අයට රියැලිටි ගැන තියෙන්නේ තරමක අමුතු අදහස් ටිකක්. සමහරු මේවා බාල්දු කරලා තමා කතා කරන්නේ. ඒ කියන්නේ මචෝ Reality ආපු අය එච්චර කොලිටි නැහැ කියලා එයාලා හිතනවා. විශේෂයෙන්ම මේ සීන් කෝන් එක වෙලා තියෙන්නේ ගායක ගායිකාවන් අතර.
මෙතැනින් මචෝ ලංකාවේ ගොඩක් අය කියන කතාවක් තමා ලංකාවේ රෑපවාහිනී ආයතන පවත්වන Reality වැඩසටහන් ප්‍රමිතියකින් තොරයි කියන එක. තමන්ගේ ජනප්‍රියත්වය වර්ධනය කරගන්න එක එක සෙල්ලම් දාන්න අපේ අය පෙළඹිලා ඉන්නවා කියලා ලොකු චෝදනාවක් තියෙනවා. ඒ වගේම අසාධාරණ විදිහට ඇතැම් චරිත ඉස්මතු කරන්නත්, තවත් චරිත කපා දමන්නත් මේ වැඩසටහන් කරන රෑපවාහිනී ආයතන කටයුතු කරන බවට තවත් චෝදනාවක් තියෙනවා.
ලංකාවේ එහෙම වුණත් ලෝකෙ තත්ත්වය ඊට වඩා ගොඩක් වෙනස්. ඇත්තටම ලෝකයේ විවිධ ක්ෂේත්‍රවල අතිශය ජනප්‍රිය චරිත ඉන්නවා Reality වැඩසටහන් හරහා මතුවුණු. එයාලට ලැබෙන පිළිගැනීමේ අඩුවක් පාඩුවක් නැහැ. අනෙක් අතට ලෝකේ අතිශය ජනප්‍රිය වැඩසටහන්වල ඉහළ ප්‍රමිතියක් ආරක්ෂා කරගන්න ඒ අය කටයුතු කරනවා. ඒ සඳහා සකස් කරපු නීති රීති, ආචාරධර්ම පද්ධති පවා මේ වෙනකොට නිකුත් වෙලා අවසන්. හැබැයි ඉතින් මචෝ ලංකාවේ ගොඩක් වෙලාවට කරන්නෙ ඔය ලොකු එකක් බලලා චුට්ටක් කොපි කරලා ඒ වගේ වැඩක් කරන්න ට්‍රයි කරන එක. එතකොට නම් අර කොලිටි එක ගන්න අමාරුයි තමා.
ඒත් මචෝ මේ වෙනකොට ලෝකේ ඉහුම් පිහුම් කලාවේ ඉඳලා කම්මල් කර්මාන්තය දක්වාම Competition-based reality shows පැවැත්වෙනවා. උදාහරණයක් විදිහට ගොවිතැන, ගෙවතු වගා, කායික ශක්තිය, ව්‍යාපාර, ඉවුම් පිහුම්, මාර්ග සොයා ගැනීම්, අන්තර්ජාල පරිහරණය ආදී විවිධ ක්ෂේත්‍රවලට අදාළව Reality ලෝකෙ පුරා දැකගන්න පුළුවන්. ඇත්තටම මේ වගේ ක්ෂේත්‍ර උදෙසා මේ වගේ ජනප්‍රිය වැඩසටහන් සංවිධානය වීම ඒ ක්ෂේත්‍රවල දියුණුවටත් හේතු වෙනවා.
මේ වැඩසටහන් ආකෘතියේ මහ ගෙදර තමා ඇමෙරිකා එක්සත් ජනපදය. එයාලා තමා රෑපවාහිනී මාධ්‍යයට මේ Reality වැඩසටහන් ආකෘතිය අරගෙන ආවේ. මේක 1940 දශකය දක්වා දිව යන කතාවක්. Reality ඇතුළේ ඇත්තටම වෙන්නේ සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිතය නිරෑපණය කිරීම. ඒ නිසා තමයි ඒවාට Reality වැඩසටහන් කියන නම ලැබිලා තියෙන්නේ. හතළිස් ගණන්වලදී මඟ තොටේ ඉන්න නොසැලකිලිමත් මිනිස්සු වීඩියෝගත කරපු Allen Funt ගේ Candid Camera වැඩසටහන තමා මේ ආකෘතියේ ආරම්භය විදිහට සැලකෙන්නෙ. Queen for a Day (1945–1964) වැඩසටහනත් මේ ඉතිහාසය ගැන හොයලා බලද්දී මේ ව්‍යාපෘතිය බිහිවෙන්න ලොකු හේතුවක් වුණා.
ලංකාවේ අපිට මේ සීන් කෝන් එක ගොඩක් අලුත් දෙයක් වගේ තේරුණාට මේ සීන් එක ගොඩක් පරණයි. Reality වැඩසටහන් සඳහා ගවේෂණය කළ යුතු තරම් ලොකු ඉතිහාසයක් තියෙනවා. ලංකාවේ මුල් කාලීන රෑපවාහිනී වැඩසටහන් අතර පවා මේ ආකෘතිය ගුරු කරගත් වැඩසටහන් තිබුණු බව අපිට මතකයි. ගීතයෙන් ගීතය, වොන්ඩලයිට් කුමර කුමරියෝ වගේ රෑපවාහිනී සහ ගුවන්විදුලි වැඩසටහන් මේ ආකෘතිය හරහා කරළියට ආපු ඒවා. ඒත් මේ වැඩසටහන් ආකෘතිය ලෝකයේ ඉහළ අවධානයක් දිනා ගත්තෙ පහුගිය දශක තුන ඇතුළෙ.
විශාල වශයෙන් ලෝකය වාණිජකරණය වීමත් තාක්ෂණිකව දියුණු වීමත් ඒකට හේතු වුණා කියලා හිතන්න පුළුවන්. මේ තරග සඳහා ලැබෙන විශාල ත්‍යාග මුදල්, ඒ වගේම මේ තරග සඳහා ලැබෙන ඉහළ ජනප්‍රියත්වය Competition-based reality shows විශාල මහජන ආකර්ෂණයක් ලැබෙන්න හේතු වුණා. ගොඩක් ක්ෂේත්‍රවල අය තමන්ගේ හීනයට යන්න හොඳම පාර විදිහට Reality වැඩසටහන් දකින්න පටන් ගත්තා. ඊට පස්සේ මචෝ මේක ලොකු සංස්කෘතියක් බවට පත් වුණා.
ඒ නිසාම වැඩසටහන් පාදක කරගෙන චිත්‍රපට, ටෙලි සීරිස් පවා නිර්මාණය වෙන්න පටන් ගත්තා. පොත්පත් පවා ලියැවුණා. දැන් සාමාන්‍යයෙන් රෑපවාහිනී නාලිකාවල විතරක් නෙවෙයි, Netflix වල පවා මේ වැඩසටහන් විකාශය වෙනවා. ඒ වගේම වේගයෙන් Social Media ඇතුළටත් මේ සීන් එක එනවා. මේ වැඩසටහන්වල ජනප්‍රියත්වය මෑත කාලීනව සමාජ මාධ්‍ය හරහා වැඩි වුණා කියලා කිව්වොත් නිවැරදියි. මේ හරහා මතුවුණු චරිත පස්සේ සමාජ මාධ්‍ය චරිත බවටත් පත් වුණා. දැන් මචෝ Reality වැඩසටහන් ඇතුළේ ඇත්තටම යථාර්ථය තියෙනවද කියන එකත් ප්‍රශ්නයක් වෙලා.
මේ වැඩසටහන් ආකෘතියේ භයානක බව පිළිබඳව කතාන්දරත් ඕනෑ තරම් තියෙනවා. ඕනෑම දෙයක් අතිශය ජනප්‍රිය වෙද්දී, වාණිජකරණය වෙද්දී මේ වගේ දේවලුත් සිද්ධ වෙන්න පුළුවන්. පහුගිය කාලේ ලෝකේ පුරා Reality වැඩසටහන් නිසා විටින් විට ජීවිත අනතුරු, සියදිවි නසා ගැනීම් ආදිය වාර්තා වෙලා තිබුණා. ඒ වගේම අපරාධාත්මක ස්වරෑපයක් ගත් වැඩසටහන් පවා නිර්මාණය වෙන්න පටන් ගත්තා. අඳුරු වෙබ් අඩවිවල තියෙන භයානක වැඩසටහන් පිළිබඳ කතාන්දරත් ඕනෑ තරම් අහන්න ලැබිලා තියෙනවා. ඒ වැඩසටහන් පාදක කර ගනිමින් සිනමා පට පවා නිර්මාණය වුණා සුදාලට මතක ඇති.
මචංලට මතක නම් පහුගිය කාලෙ ලංකාවෙත් ඔය වගේ සිදුවීම් වාර්තා වුණා. ළමයින් සම්බන්ධ රියැලිටි වැඩසටහනක සිද්ධ වුණු අපචාර ගැන ලොකු කතාබහකුත් නිර්මාණය වුණා. ඒ වගේම සමහරක් වැඩසටහන් අවසානයේ තරගකරුවන් එළියට ඇවිල්ලා ඒවා ඇතුළේ තියෙන කුණු කන්දල් ටික එළියට දැම්මා. ඒ වුණත් කිසි වෙලාවක මේ වැඩසටහන් නම් නතර වුණේ නැහැ.
කොහොම වුණත් අපි කියන්නේ නම් නෑ, මේ වැඩසටහන් නතර කරලා දාන්න ඕනෑ, ඒවා වැඩක් නැහැ කියලා. ඒත් මචෝ මේ වැඩසටහන් ආකෘතිය හරි ප්‍රමිතියකින් කරන්න ඕනෑ කියලා නම් අපි කියනවා. නැත්නම් මුළු ලෝකයටම සමාජ සංස්කෘතිමය වශයෙන් ලොකු හානියක් වෙන්න පුළුවන්. මොකද ජනප්‍රිය වීම වගේම මුදල් කියන්නෙත් මිනිස්සුන්ගේ ලොකු හීනයක්. ඒ වගේම ලොකු දුර්වලතාවයක්. ප්‍රමිතියක් නැතිවුණොතින් ඒ වෙනුවෙන් මිනිස්සු ඕනෑම දෙයක් කරයි.
• චමිඳු නිසල්