2024 ජුලි 27 වන සෙනසුරාදා

නොඉල්ලමි කිසිවක්ම ආදරය හැරෙන්නට

 2024 ජුලි 27 වන සෙනසුරාදා, ප.ව. 02:00 26

කවි රහට ලියවෙද්දී
විසල් ඇස් ඉස්මත්තේ
මගෙ කනට මුමුණන්න
පෙරදාක ලියූ කවි

අහස ස්නේහයෙන් සිඹ
මල් හෙමින් ඇහැරෙද්දී
එන්න කඳු මුදුනකට
මගේ සඳ මම සිඹිමි...

වර්ෂාවියේ නුඹ
රතු හීන අතුරාන
මා ළඟට පැමිණෙද්දි
මම මටම තුරුල් වෙමි

ගිරි දුර්ග මත රැඳුණ
ඔබේ පා සටහනක
සුවඳ සිහිනයෙන් සිඹ
මම තනිව සිනාසෙමි

ජීවිතය දැනෙන්නෙම
ආදරය ඇති තැනක
නොඉල්ලමි කිසිවක්ම
ආදරය හැරෙන්නට...

• සංජු