නිල්ල පිරුණු ආකාසේ හිමිදිරියේ මම
පුළුන් වලා ඕවිල්ලේ ගිම් නිවනා සඳ
පින්න වහින අනන්තයේ දේදුන්නක රුව
මතු වෙනවා අරුණු රැසක් රන් තරුවක් ළඟ
දම් පාටින් සඳ දියවෙයි මේ කුළු සයුරෙක
පින් බෝමැයි කුසලානෙත් මී විත උතුරන
සිත් පෑරෙයි කියා බයයි අතුරේ යනකොට
යා යුතුමැයි යන තැනකට සසර පුරුද්දට
මල්කම් කළ වියමනකට පාට එකතු කර
සිතුවම් කළ රූ පෙරහර කෙම්මුර දවසක
රඟ දෙනවා හිත අද්දර පිරුවට ඇඳගෙන
ආතුර වෙයි මා සිතුවිලි බෙර සක් හඬ මැද
ළඟක නොවෙයි හුඟක් දුරයි ආ මඟ තනියම
සුසුමක උණුසුම දැනෙනවා සියොළඟ සනසන
ප්‍රාර්ථනා මල් වැස්සේ හිරිකඩ එනකොට
මම නිදියමි සිත පොපියන සමනළ සිහිනෙක
• සංජු