ඔන්න පැරිස් ඔලිම්පික් නිමා වුණා මචෝ. Olympic වල තිබිච්ච Y Trend ගැන ගිය වතාවේ වගේම මේ වතාවෙත් අපි කතා කරන්න හිතුවා. ඇත්තටම මචෝ පහුගිය පාරට වඩා මේ පාර ඔලිම්පික් එක ආතල් වගේම මඤ්ඤං සීන් කෝන් ගොඩකිනුත් පිරිලා තිබුණා. ඒ නිසාම පිස්සු හැදෙන කතන්දර ගොඩක් තියෙනවා. අපි අපේ සුදාලා වෙනුවෙන් ගලපන්නේ ඒකෙන් බොහොම ටිකක් විතරයි.
Olympic පටන් ගන්න කොටම සාමාන්‍යයෙන් හැමෝම සැලකිලිමත් වෙන දෙයක් තමයි ”ඇඳුම”. ඒ ඒ රටවල්වල ක්‍රීඩා කණ්ඩායම් තමන්ගේ රටේ අනන්‍යතාවය පැහැදිලි වෙන විදියේ ඇඳුමක් ඇඳගෙන තමයි සමාරම්භක උත්සවයට සහභාගි වෙන්නෙ. පැරිස් කියලා කිව්වට පස්සේ විලාසිතාවල උල්පතනෙ. ඒ නිසාමද කොහෙද ඔලිම්පික්වල ඇඳුම් පැළඳුම් ගැන ලොකු කතාබහක් මුලින්ම ඇතිවුණා.
වැඩිපුරම Trend වුණේ මොංගෝලියානු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඇඳගෙන ආපු ඇඳුම. ගොඩක් කට්ටිය ඒ ඇඳුමට පට්ට විදිහට කැමති වුණා. ඒ නිසාම ”මොන්ගෝලියානු” ඇඳුම බොහොම ජනප්‍රියත් වුණා. රජ ඇඳුමක් වගේ ලස්සන ඇඳුමක්. සිරාවටම ඒක සුපිරියක් තමා. ඒත් ඒ අස්සෙ ඉතින් චාටර් ආතල් සීන් එකකුත් වුණා. දන්නෙ නැද්ද මචෝ ‘සෝෂල් මීඩියා’ වල ඉන්න පොරවල් මෙහෙම කියන්න පටන් ගත්තා. “මොංගෝලියානු ඇඳුම තමයි හොඳ.. අනිත් රටවල්වල ඇඳුම් චාටර්”. අන්තිමට මේක රටවල් කිහිපයකම ඇඳුම් විලාසිතා Criticize කරන තැනටම ගියා. විශේෂයෙන්ම ඇමෙරිකාවේ කට්ටිය නිකන් ජර්සිය ඇඳන් හිටපු එකත් ඔස්ට්‍රේලියාවේ කට්ටිය ‘ෂෝට්’ ඇඳන් ගියපු එකත් කට්ටිය කතා කළේ පහළටම දාලා.
ඊට පස්සේ ඔන්න පැරිස්වලින් පටන් ගන්න වැඩේ දී මුලින්ම පන්දම අරගෙන යන එකත් ලොකු කතාබහක් ඇති කළා. ලෝකෙ වටේ විවිධ ජනප්‍රිය සහ වැදගත් චරිතවලට වැඩේට ආරාධනා කරලා තිබුණත් කතාබහට ලොකුම හේතුව වුණේ නම් කොරියානු ජනප්‍රිය සංගීත කණ්ඩායම BTS. සංගීත කණ්ඩායමෙන් ගොඩක් කට්ටිය මේ දවස්වල කොරියාවේ අනිවාර්ය හමුදා පුහුණුවීම්වල නිරත වෙලා ඉන්නේ. ඒ නිසා ළඟදි පුහුණුව නිමා කරලා ආපු ජින් කියන සුපිරි තරුවට ආරාධනාවක් ලැබුණා පන්දම අරගෙන යන වැඩේට. Olympic කෙසේ වෙතත් මේ තරුව බලන්නම හිතාගෙන පැරිස්වලට ගොඩක් කට්ටිය ඇවිල්ලා තිබුණා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ.
ඔන්න මේ පාර පැරිස් ඔලිම්පික්වල තවත් ආතල් එකක් නිර්මාණය වුණා, ක්‍රීඩකයන්ට ලබා දීපු ඇඳන් ගැන. Viral cardboard beds සීන් කෝන් එකට ඇත්තටම ඉතිහාස කතාවකුත් තිබුණා. පහුගිය වතාවේ ජපානේ තිබුණු ඔලිම්පික්වලදී ලබා දීලා තිබුණු ඇඳන්වලට ක්‍රීඩකයෝ කැමති වුණේ නෑ. ඒ ඇඳන් නිර්මාණය කරලා තිබුණේ ප්‍රතිචක්‍රීකරණය කරපු කාඩ්බෝඩ් වලින්. ගොඩක් ක්‍රීඩක ක්‍රිඩිකාවෝ කියලා තිබුණා, ඒවා සවි ශක්තිය අතින් අන්තිම දුර්වලයි කියලා. ඒ කාලෙත් සීන් එක Trend එකක් වෙලා ඇඳන්වල ශක්තිය පරීක්ෂා කිරීමSocial media වල වයිරල් වුණා. Anti-sex ඇඳන් තමන්ට ලබා දුන්නා කියලා තමයි ගොඩක් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඒ කාලෙ කියලා තිබුණේ.
ඒ සීන් කෝන් එක මතක තියාගෙන මේ පාර පැරිස් ආපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තමන්ට ලැබුණු ඇඳන් පරීක්ෂා කරන්න පටන් ගත්තා. කාඩ්බෝඩ්වලින් හදලා තිබුණත් ජපානයට වඩා හයියයි කියලා මේ ඇඳන් ගැන කට්ටිය වීඩියෝ කරපු ක්‍රීඩක ක්‍රීඩිකාවෝ කිව්වා. දැන් ගොඩක් ක්‍රීඩක ක්රීඩකාවෝ සමාජ මාධ්‍යවල තරු නිසාම ඒගොල්ලන්ගේ මේ ඇඳන් වීඩියෝ ගොඩක් වෛරල් වුණා. කඩන් වැටෙන්නෙ නැති විදිහට හොඳට ශක්තියට තිබුණත් මේවායේ එච්චර සුව පහසුවක් නැහැයි කියලා කියන අයත් ගොඩක් හිටියා. Anti-sex කතාවට නම් තිත තියලා මේ පාර ඔලිම්පික් අතර කොන්ඩම්ස් ලක්ෂ දෙකක් විතර බෙදා දුන්නා කියලා තමයි පැරිස්වලින් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කළේ.
මේ පාර පැරිස්වලින් වැඩිපුරම Trend වුණු කෑම ජාතිය තමා “චොක්ල්ට් මෆින්”. ඒක පිටිපස්සෙත් තිබුණු ටිකක් අමුතු ජාතියේ කතාවක්. මේ පාර ඔලිම්පික්වල කෑම එච්චර හොඳ නැහැ කියලා කතාවක් නිර්මාණය වෙලා තිබුණා. සමහර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ මේ ගැන මැසිවිලි නගලත් තිබුණා. කතාව පැතිර යන අතරේ ඔලිම්පික් ආපු ජනප්‍රිය චරිතයක් වීඩියෝ එකක් දැම්මා. නෝර්වීජියානු පිහිනුම් ක්‍රීඩක හෙන්රික් ක්‍රිස්ටියන්සන් “muffin man” හඳුන්වමින් දාපු ටික් ටොක් වීඩියෝව මිලියන ගාණක් නැරඹුවා. ඊට පස්සේ මෙයා “Choccy muffin” ඇතුළත් වීඩියෝ මාලාවක් සමාජ මාධ්‍යයට එකතු කළා.
මෙතැනදි සිද්ධ වුණේ චොක්ලට් පිරුණු චොක්ලට් මෆින් කාලා මූණ පුරා චොක්ලට් ගා ගත්තු වීඩියෝ ජනප්‍රිය වෙන්න පටන් ගත්ත එක. ඇත්තටම පැරිස්වල දීපු චොක්ලට් මෆින් එක බේක් කරලා තිබුණේ උඩට යටට හැමතැනටම චොක්ලට් දාලා. ඉතින් අපේ යාළුවෝ මේක ගොඩක් කෑවෙ පිස්සුවෙන් වගේ. අන්තිමට මේ සීන් කෝන් එක ලොකු රැල්ලක් බවට පත් වුණා. ලෝකෙ පුරා කෑම හදන වීඩියෝ කරන අය පවා මේ විදිහට චොක්ලට් මෆින් හදලා වීඩියෝ පළ කරන්න පටන් ගත්තා. ඉතින් මචෝ කොහොම හරි පැරිස් ඔලිම්පික් කෑමක් විදියට ලොකුවටම Trend වුණේ චොකල්ට් මෆීන්.
මේ අතර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ගොඩක් දෙනෙක් ලෝකෙ පුරාම Viral වෙන්න මේ පාර ඔලිම්පික් උළෙල හේතු වුණා. එයාලගේ කතා එකින් එක කියන්න බෑ. පොඩ්ඩක් හොයලා බලන්න. සාක්කුවේ අත් දෙක දාගෙන ඉලක්කෙට වෙඩි තිබ්බ තුර්කි වෙඩි තබන්නා... එයා තමයි ගොඩක්ම ජනප්‍රිය වුණු කෙනා. චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර සිද්ධ වෙච්ච Wedding proposal එක. ඒකත් ලොකු අවධානයක් දිනා ගත්තා. දුර පැනපු, උස පැනපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් තමන්ගේ සහකරුවන් බදාගත්ත විදිහත්, උතුරු කොරියානු ක්‍රීඩකයන් අනිත් රටවල්වල අය Selfie ගැනීමත් ලොකු අවධානයක් ලැබුණු සිදුවීම් වුණා. මේ වගේ ක්‍රීඩකයන් වගේම සිදුවීම් ගොඩකුත් මේ පාර Trend වුණා. සුදාලා ඔලිම්පික් ගැන අවධානයෙන් හිටියා නම් ඒවා දකින්නත් ඇති.
හැබැයි මචෝ සමස්තයක් විදියට ගත්තම මේ පාර ඔලිම්පික් උළෙල සම්බන්ධව ගොඩක් දෙනා සතුටු වුණේ නැහැ. සංවිධානය සම්බන්ධව පැවැති දුර්වලතා ගැන ලොකුවට මැසිවිලි නැගුණා. ගොඩක් දෙනා මේ පැරිස් ඔලිම්පික් සහ බීජිං ඔලිම්පික් සංසන්දනය කරලා කතා කරන්න පටන් ගත්තා. ඒ ඔස්සේත් නිර්මාණය වුණේ Trend එකක් තමා. සමස්තයක් විදිහට මේ පාර Olympic වල චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැසිරීම් පවා අගය කරන තත්ත්වයක් නිර්මාණය වුණා. හැමදාම චීනයට බණින යුරෝපය, චීන මිනිස්සුන්ගේ ගති පැවතුම්, හොඳ ගතිගුණ ගැනත් කතා කරන්න පටන් ගත්ත එක පට්ට ආතල් එකක් වුණා. කොහොම වුණත් සමස්තයක් විදියට මේ පාර ඔලිම්පික්වල මොන තරම් අඩුපාඩු තිබුණත් Sportsmanship එක බොහොම ඉහළින් පැවතුණු බව නම් සඳහන් කරන්න ඕනෑ.
ඉතින් අපි බලමු මචෝ.. ලබන පාර ඔලිම්පික් යන්නේ ඇමෙරිකාව පැත්තට. එහෙත් හොඳ හොඳ ආතල් ගොඩක් තියෙයි.
• චමිඳු නිසල්