අඳුරුතම තත්ත්පර මඟ නොහැර සිපගනිමි
ජීවිතයේ අතු අගිසි
අග බොහෝ මල් පිපුණු
වසන්තය කොහි ගියේදැයි සොයමි....
සුවඳ සුසුවඳ මතක මල් අස
සුවඳ සොයමින් හීන්සැරයේ නුඹට
අඬගසමි....
පපුව පතුලම කොනිත්තාලන වියෝ ගී ඇත
නින්නාද දී අදත් හඬවන
රුදුරු දුරු සංසාර සෙනසුන
පර මලකවත් සුවඳ නොදැනෙන
පල්ලියේ නුඹ සොහොන අද්දර
තබා කඳුළක් යන්න අවසර
කඳුළු මිස නුඹ නමට දන් දෙන
මල් නොහේ දැන් හදේ සුපිපෙන....
පෙම්බරාණෙනි ජීවිතය දැන
ප්‍රේමයේ මුල් අකුරු උගනින
දවස් අවැසිය හීනෙකට මට
ඇහැරෙන්න මොහොතක් නොපැමිණෙන
හීන සෑහේ දැන් ඉතින් මට
පිරිමි පපුවක තිබුණෙ ප්‍රේමය
හමුනොවෙන තැන්වලදි විතරය
• සංජු