අහසකට තනි දැනුණු
දිනක් තිබුණෙම නෑලු
සඳ ආවේ නැතත්
කොහේ හරි අනන්තෙක
තනිවෙච්ච තරු තිබුණා
දිලිසෙන්න හිරු නේන
දවස් මඟහැරුණු තැන
අනෝරා වැනි ඇවිත්
අඬ අඬා ළඟ උන්නා
රාත්‍රිය උදා වී කළුවරට ඇහැරෙද්දි
කවි ලියන හිත් අස්සෙ
අහස ඉහළින් තිබුණා...
හඬන ඇස් කොනිත්තන
වැහි අරන් තනියටම උන්නා...
කාත් කවුරුත් නැතිව
හිත් හෙමින් පිරිමදින
කළුම කළු කළුවරක
අහස කවියක් වුණා
අඬන්නම දන්නෙ නැති
වස්සාන ඍතුවක
පැතුම් මල් දලුලන්න
අහස තනි තරු එව්වා
• සංජු