2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා

ලොක්කා කවුද? බුකිය අස්​සේ කතා ගොඩායි!

 2024 සැප්තැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00 18

ඡන්ද ළඟයි ආතල් කෝටියයි. ඉස්සර තමා වලි බලි ඔක්කොම. දැන් ඉතින් හුදී ජනතාව ඡන්දෙ කාලෙට පට්ට ආතල්නේ ගන්නේ. Specially Social Media වල. එනිසා සුදා Y Trend වගේම Normal Trend එහෙමත් Automatic හැදෙනවා මේ කාලෙට. අපි බැලුවේ මේ පාර දැනටමත් Line වෙලා තියෙන, හෙට අනිද්දාට තවත් Line වෙන්න පුළුවන් ජනාධිපතිවරණ Digital Y Trend ටිකක් ගලපන්න. අවුලක් නෑනේ පැංචෝ. හුදී ජන පහන් සංවේගය පිණිස දාන මේ ආතල් එකට ලේබල් නම් ගහන්න ඔට්ටු නැහැ.

ඔන්න මචෝ මේ පාරත් Social Media තමා ජනාධිපතිවරණයේ අංක එකේ මාධ්‍ය වෙලා තියෙන්නේ. ඔය දේශපාලන අනම් මනම් සීන් කෝන් බුකිය පුරා අම්බානෙට පේන්න තියෙන්නේ? හා නැද්ද? හා ඇත්ත කියපන් මචන් facebook එකට ගියාම දැනෙන්නේ සර්ව පාක්ෂික ජනරාල් එකට ගියා වගේ ආතල් එකක්. ඇච්චෝ පැච්චෝ ලොක්කෝ සොක්කෝ හැමෝම දැන් සීන් එකට Enter වෙලා.

එක එක ජාතියෙ Trending සීන් මතු වෙනවා බුකී ලෝක ඇතුළේ. අපි බලමුකෝ මොනවද ඒ කියලා මගේ සත්තරං. ආයෙ දෙකක් නෑ මුලින්ම මේ පාර ආතල් සීන් එක තමයි Comment දැමීම. කොලුවෙක් මුත්‍රා කරන වීඩියෝ එකකට වුණත්, අදාළ පක්ෂවල අය ගිහිල්ලා ‘අපි මේක’, ‘අපි අරකට’ කියලා ‘කමෙන්ට්’ දානවා. ඒ අස්සෙ අපේක්ෂකයන්ගේ නම් ගමුත් දන්නවා. සුදාලට කියන්න social media ඇතුළේ ලංකාවේ සිද්ධවෙන හැම Live Stream එකක් ඇතුළෙම මේක බලාගන්න පුළුවන්. සිරාවටම මේක පට්ට ලොකු Trend එකක්.

Cricket Match එකක් Live යනවා නම් Game එකක් කවුරු හරි Live Stream කරනවනම්, නළුවෙක් නිළියෙක් Live ඇවිල්ලා ඉන්නවනම් අනිවා ඩෙපා මේ ආතල් එක දෙන උන් සෙට් එකක් එතැන ඉන්නවා. වෙලාවකට මේක සිරාවටම බොක්කෙන් දේශපාලනය කරන උන් කළත්, තවත් වෙලාවකට මේක ආතල් එකක් විදියට කරන සෙට් එකකුත් ඉන්න බව නම් බොහොම පැහැදිලියි මචෝ.

කොහොම හරි මේ අපේක්ෂකයන්ගේ ලකුණු, පක්ෂ ගැන දාන ‘කමෙන්ට්’ නිසා බුකී වලි නිර්මාණය වන එකත් වෙනම ආතල් සීන් කෝන් එකක් තමා. ඒ වලි බලාගෙන ඒවට පොහොර පස් දාලා ඒවා ඇතුළට බැහැලා වෙනම ආතල් එකක් ගන්න උනුත් ඉන්නවා. සිරාවට මචෝ මේක පිස්සුවක්.

මේ පාර ලොකු Trend එක තමා Poll Create කරන එක. Poll එකකින් වෙන්නේ බුකිය ඇතුළේ මත විමසුමක් කරන එක. මචෝ ඔය ඔයාලගේ Account එකකින් වුණත් මේ වැඩේ කරන්න පුළුවන්. ඒත් Page එකකින් මේ වැඩේ කරනකොට තමා ලොකුවට Trending වෙන්නේ. සුදා මේවා දැම්මාම අපිට තියෙන්නේ Vote කරන්න අපි කැමති අපේක්ෂකයට. එතකොට එයා ලබාගෙන තියෙන Vote වල ප්‍රතිශතය පෙන්නනවා. ඔන්න මේ දවස්වල මචෝ ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නෙක් දෙපැත්තට දාලා මතේ අහන සීන් එක බුකිය පුරා අපිට පේන්න තියෙනවා. අපේ පැංචෝ පැංචියෝ දැකලා ඇති, Vote කරලත් ඇති සමහර විට.

Poll Create කිරීම කියලා කියන්නෙත් මේ දවස්වල ඩිජිටල් මීඩියාවල දකින්න ලැබෙන ආතල් එකක්. සුදාලට කියන්න වැරදිලාවත් ලංකාවේ සිංහලෙන් දෙමළෙන් තියෙන ‘වෙබ් සයිට්’ එකක් ඇතුළට යන්න බෑ, සයිට් එකේ සෙට් එක එතැන වෙනම ජනාධිපතිවරණයක් තියනවා. ඡන්ද විමසනවා. සමීක්ෂණ කරනවා. සමහරු ඒවා එක එක්කෙනාට කඩේ යන්නත් පාවිච්චි කර ගන්නවා. කොහොම වුණත් මචෝ මේකත් මේ වෙනකොට ලොකු ආතල් එකක් වෙලා තියෙන්නේ.

Political Group වල Poll Share වෙනවා. ඔන්න තර‍ගෙට කට්ටිය Vote කරනවා. මේකේ යටින් Comment දාන්න පුළුවන්නේ. Poll වගේම තව සීන් එකක් තමයි මේ අපේක්ෂකයට React එක දාන්න කියලා Photos දාන සීන් එක. ‘හාට් එක අරයට’, ‘ලයික් එක මෙයාට’, ‘වාව් එක තවත් කෙනෙක්ට’, ‘අහ්හා.. වෙනම කෙනෙක්ට දන්න’ කියලා එක පෝස්ට් එකක් දානවා. මේකත් ඉතින් සමීක්ෂණයක් වගේම ආතල් එකක් තමා.

මේ දවස්වල තව Trendඑකක් තමයි මචෝ තමන් කැමති අපේක්ෂකයාගේ Frames තමන්ගේ Profile Picture වලට එකතු කර ගන්න එක. සුදා අර ‘ප්‍රොෆයිල්’ එක යටින් අපේක්ෂකයාගේ Photo එක පොඩියට දාලා චූටි වදනක් දාන සීන් එක තමයි මේ. මේකත් ඉතින් බුකියේ තියෙන පහසුකමක් මත නිර්මාණය වුණ Trend එකක්.

මතකද පැංචයොන්ට කාලෙකට කලින් තමන්ගේ ඉස්කොලේ Frame එකක් Profile Picture දාන Trend එකක් තිබුණා. අන්න ඒ සීන් එකම තමා මේ. ඔය Frames කවුරු හරි හදලා තමා Option එකක් විදිහට බුකීගත කරලා තියෙන්නේ. අපේ අයියලා පොර වගේ තමන්ගේ දේශපාලන මතේ පෙන්නන්න මේවා දාගන්නවා. එතකොට විරුද්ධවාදීන් Ha ha React දානවා. මේවා තමයි මචෝ රියල් කලටි පොල් ආතල්. දැන් මේක අවුරුදු ගණනාවක ඉඳලා මැතිවරණ කාලෙට ගන්න ආතල් එකක් වෙලා. මේ පාර තරමක් සාපේක්ෂව අඩුයි. ඒත් මේ වගේ ආතල් එකකුත් අරගෙන Cover එකටත් තමන්ගේ අපේක්ෂකයෝ දාගෙන ඉන්න අපේ යාළුවෝ ඉන්නවා.

ඔන්න ඊළඟට තව සීන් එකක්. මේක නම් කාලෙක ඉඳන් තියෙන Trend එකක්. දැන් දරුණුයි ආ. බුකී දේශපාලන විචාර. බුකියේ සරනකොට ඔය විචාරකයෝ ඕනෑ තරම් අපිට බලාගන්න පුළුවන් සුදා. රිදෙන්න දෙන්නේ කියලා හිතාගෙන මෙයාලා පල් හෑලී ලියන්නේ. මේ හෑලිවල එක එක ජාතියේ සීන් තියෙනවා. සමහරු ආතල් ගන්නවා. සමහරු සිරා අරගෙන ඉන්නවා. තවත් සමහරු වෛරයෙන් ඉන්නවා. මේවා බල බල මේවත් එක්ක ගැටෙන පැටලෙන ආතල් ගන්න තව සෙට් එකකුත් ඉන්නවා.

සමහරු ෆේස්බුක් එකේ, සෝෂල් මීඩියාවල ‘පොලිටිකල් ටෝක්’ දුන්නම, තමන් පොරවල් කියලයි හිතාගෙන ඉන්නේ. ආචාර්ය ලෙවල් එකේ දේශපාලන විද්‍යා උත්තමාචාරය ලැබුවා වගේ තමා වැඩ. කොහොම වුණත් මෙයාලටත් Fans ලා ඉන්නවා බුකියේ. සමහරු බුද්ධි අංශ ප්‍රධානීන් වගේ කතා කරන්නේ. තවත් සමහරු ජාත්‍යන්තර සමීක්ෂකයෝ. පව් බං මේ සුදු පුතාලා දුවලා. ඒත් ඒගොල්ලන්ගේ ආතල් කඩන එක නම් බොහොම නරක වැඩක්. එහෙම කරන්න එපා අපේ වස්තුලා.
 
මේ වෙනකොට තවත් ආතල් එකක් දෙකක් තුනක් නෙවෙයි ගොඩක් හැදෙන ගමන් තියෙන්නෙ. ගිය පාර ජනාධිපතිවරණය වෙලාවෙත් අපි Y Trend එකෙන් ඒ වගේ ආතල් සෙට් එකක් ගැනම කතා කළා. අපේ පැංචෝ පැංචියෝ වස්තුලා සුදාලා මචංලා කැමති අපේක්ෂකයකුට තමන්ගේ කතිරේ ගිහිල්ලා ගහන්න. බුකියේ කැමති ආතල් එකක් ගන්න. අපෙන් කිසි බලපෑමක් නෑ. සුදාලගෙන් ඉල්ලන්නේ එකම එක දෙයයි. අනික් අයගේ මතයන්වලටත් ගරු කරන්න ඉගෙන ගන්න. එච්චරයි.

• චමිඳු නිසල්

 2025 මාර්තු 22 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2025 මාර්තු 29 වන සෙනසුරාදා, ප.ව. 02:00