2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා

ලෝකෙම පිස්සු වට්ටන රසවෑහෙන පැණිබේරෙන අමුතු චොක්ලට් එකක්!

 2024 සැප්තැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:00 79

මචෝ මේ වෙනකොට ලෝකයේ එක ළඟ එක ළඟ කෑම බීම වර්ග Viral වෙන්න පටන් අරගෙන තියෙනවා. මේ දවස්‍වල ලොකුම හිට් එකක් තමයි Viral Dubai chocolate bars කියන්නෙ. සූදාලට කියන්න මේක දැන් Tik Tok ඇතුළු Social Media වල පට්ට Y Trend එකක් වෙලා තියෙන්නේ. ඒ නිසාම සීන් කෝන් එක ගැන ටිකක් හොයලා බලන්න අපි කල්පනා කළා.

මේ වෙනකොට මචෝ මේ අමුතුම චොක්ලට් එක කන සහ ඒක හදන, ඒ ගැන Reviews කරන වීඩියෝ මිලියන ගාණක් අන්තර්ජාලයේ තියෙනවා. ඒ වගේම මචෝ මේ වීඩියෝ සියල්ලෙම Views එකතු කළොත් බිලියන ගාණක් විතර වෙනවා. සුදාලට මතක ඇති පැරිස් ඔලිම්පික්වල නිර්මාණය වුණු චොක්ලට් මෆින් Trend එක. අපි ඒ ගැනත් කතා කළා. මේ අලුත් චොක්ලට් Trend එක ඒ සීන් කෝන් එකේම දිගුවක් කියලා කිව්වොත් වරදක් නැහැ.
මේ අමුතු චොක්ලට් එක හදන්නේ Fix Dessert Chocolatierකියන ඩුබායිවල නිර්මාණය කරපු ආයතනයක්. මෙහි නිර්මාතෘවරිය වෙන්නේ Sarah Hamouda. මෙයාලා අවුරුදු නවයක් විතර ඩුබායිවල පදිංචි වෙලා ඉන්න පවුලක්. 2021 දී තමයි මේ සන්නාමය නිර්මාණය කරලා තියෙන්නේ. Sarah කියන විදියට තමන්ගේ අරමුණ චොක්ලට් විකුණන එකට වඩා වෙනස්.

 “අපි බොහෝ කාලයක් හා වෑයමක් ගන්නවා, අපගේ බාර්වලට ආදරය ගොඩක් පුරවන්න. එය චොක්ලට් බාර් එකක් පමණක් නොවෙයි, අපිට ඕනෑ අත්දැකීමක් නිර්මාණය කරන්න”

මේ චොක්ලට් එකේ අපූරු රටාවක් නැත්නම් මෝස්තරයක් පිටතින් පේන්න තියෙනවා. මේ චොක්ලට්වල ඇතුළෙ තියෙන පිරවුම තමයි විශේෂ. ගොඩක් වෙලාවට මෙයාලගේ චොක්ලට් ඇතුළෙ තියෙන්නෙ අරාබි සාම්ප්‍රදායික අතුරුපස පිරවුම්. ඒ නිසාමයි ගොඩක් දෙනා මේකට කැමති වෙන්න පටන් ගත්තේ. මේ චොක්ලට් පවුල කියන විදිහට සාමාන්‍ය චොක්ලට්වලට වඩා වැඩි යමක් තමන්ගේ චොක්ලට්වලට එකතු කරන්න මෙයාලා දිගින් දිගටම උත්සාහ කරලා තියෙනවා.

කොහොම හරි මේක මෙච්චර ලොකු Trend එකක් බවට පත්වෙන්න හේතු වුණේ Tik Tok Viral Video තමා මචෝ. Tik Tok එකේ ජනප්‍රිය ආහාර රස බලන්නියක් වන Maria Vehera ගේ වීඩියෝ එකක් තමයි මේ Trend එක නිර්මාණය වෙන්න ලොකුම හේතුව වුණේ. Maria ඇගේ මෝටර් රථයේ ඉඳන් මේ ජාතියේ චොක්ලට් බාර් කන වීඩියෝ එකක් මුදා හැරියා. මේ වෙනකොට ඒ වීඩියෝ එක මිලියන 80 දෙනෙක් බලලා තියෙනවා.

 “මේවා කොච්චර හොඳද කියලා පැහැදිලි කරන්න බැහැ. චොක්ලට් අතුරුපසක් සහ කලා කෘතියක් හමු වූ විට, ඔබට ලැබෙන්නේ මෙයයි”

මේ අපූරු වීඩියෝ එකේ කැප්ෂන් එකට Maria Vehera යොදාගෙන තිබුණු මෙම පාඨයත් වැඩේ නැගලා යන්න ගොඩක් ලොකු හේතුවක් වුණා.

කොහොම හරි මචෝ මේ විදිහට ගිය අවුරුද්දේ අවසානයේ නිර්මාණය වෙන්න පටන් ගත්ත Trend එක පසුගිය ජුනි ජූලි වගේ තමා උපරිමයටම ආවේ. අර මෆීන් සීන් එක සහ පහුගිය කාලේ පැතිර ගිය තවත් කෑම බීම Trend මේ සීන් එක නැගලා යන්නත් ලොකු හේතුවක් වුණු බව පේන්න තියෙනවා.

ඇත්තටම මචෝ මේක කොච්චර දරුණු Trend එකක්ද කියලා කියනවනම් මේ වෙනකොටSarah Hamouda ම කියලා තිබුණු විදිහට ලෝකය පුරා හිතාගන්නත් බැරි රටවල්වලින් මේ චොක්ලට් ගැන පණිවිඩ ඔවුන්ට ලැබිලා තියෙනවා. ලෝකය පුරා ලක්ෂ සංඛ්‍යාත Tik Tok තරු මේ චොක්ලට් එකක් කන වීඩියෝ එකක් දාන්න ගොඩක් මහන්සි වෙලා තියෙන බවත් හොඳට පේනවා. මීට අමතරව ලෝකය පුරා සූපවේදීන් මේ ජාතියේ චොක්ලට් හදන විදිහ ගැන කරපු වීඩියෝ සැලකිය යුතු ප්‍රමාණයක් Tik Tok, YouTube වගේ සමාජ මාධ්‍ය තුළ දැකගන්න පුළුවන්.

ඒ විතරක් නෙවෙයි, මේ චොක්ලට්වල අනුකරණ පවා වෙළෙඳපොළට ඇවිල්ලා තිබුණා. Dubai Viral Chocolate Bars කියලා එක එක ජාතියේ චොක්ලට් වර්ග ලංකාවේ පවා අලෙවි වුණු බව කියන්න ඕනෑ මචෝ. ඒ අස්සෙ අප්‍රිකාවේ සමහර රටවල්වල ‘බ්ලැක් මාකට්’ එකක් පවා මේ සීන් එක නිසා හැදිලා තියෙනවා චොකලට් වෙනුවෙන්ම. ඇත්තටම මේ චොක්ලට් රසවත්, ඒ වගේම හරිම වෙනස් කියලා පැහැදිලිවම ගොඩක් දෙනා කියනවා. ඒ වගේම මේ ගැන විවේචනය කරන අයත් නැතුවම නෙවෙයි. සමහරු ඇමෙරිකානු චොක්ලට් වර්ග කිහිපයකට මේවා ටිකක් සමාන කරලා කතා කරලා තිබුණා.

පසුගිය මාසවල මේ සීන් එක කොච්චර දරුණුවට පැතිරිලා ගියාද කියනවා නම්, CNN වගේ ලෝකය පුරා අතිශය ජනප්‍රිය ජනමාධ්‍ය ආයතන පවා මේ Dubai Viral Chocolate පිටුපස තියෙන කතාව හොයාගෙන ගිහිල්ලා තිබුණා. සුදාලා අන්තර්ජාලය ටිකක් හොයලා බලනවා නම් මේ ගැන තවත් ගොඩක් කතාන්දර හම්බවෙනවා. සිරාවටම මචෝ මේක පිස්සුවක්.

Fix Dessert Chocolatier වල හිමිකාරිනියSarah කිසිම දවසක හිතලා නෑ, මේ වගේ දෙයකට මුහුණ දෙන්න එයාලට සිද්ධ වෙයි කියලා. සියයට පන්සිය ගුණයකින් විතර ඉල්ලුම ඉහළ ගිය බව තමා එයාලා කියන්නේ. ඒ වගේම ප්‍රමාණවත් සැපයුමක් දෙන්න තවමත් ඒ අයට හැකියාවක් නැති බවත් පේන්න තියෙනවා. කොහොම වුණත් Sarah තමන්ගෙම මහන්සියෙන් මේ චොක්ලට් නිර්මාණය කරපු බව තමා ජාත්‍යන්තර මාධ්‍යවලට කියලා තිබුණේ. පස්සේ ඉල්ලුම වැඩි වෙනකොට දහ දෙනකුගෙන් යුතු කණ්ඩායමක් අරගෙන වැඩ පටන් අරගෙන තියෙනවා. කොහොම හරි දැන් නම් මෙයාලා ලොකු ආයතනයක්.

“මේක ආරම්භයක් විතරයි. අපි තවත් ගොඩක් දේවල් කරන්න බලාපොරොත්තු වෙනවා”

Sarah කියන්නේ එහෙම කතාවක්.

පසුගිය දවස්වල ඩුබායිවල ඉන්න ලංකාවෙ අයත් Dubai Viral Chocolate Bar සීන් එක සෙට් වෙලා වීඩියෝ කරලා තිබුණා. ඒ වගේම ලංකාවෙ තරුණ තරුණියෝ මේ ගැන ගොඩක් Google search කරලා තිබුණා. කොළඹ සහ ප්‍රධාන නගරවල ප්‍රසිද්ධ චොක්ලට් කඩවල මේ චොක්ලට් එක හොයපු අයත් ඉන්නවා. හැමෝටම ඕනෑ වෙලා තිබුණේ ‘ඔරිජිනල්’ එක කාලා බලන්න.

ඉතින් මචෝ රස වෑහෙන, පැණි බේරෙන චොක්ලට් කතාව ඕකයි. සුදාලත් අවස්ථාවක් ලැබුණොත් චොක්ලට් කෑල්ලක් කාලා බලන්න. තාක්ෂණය සහ සමාජ මාධ්‍යයත් එක්ක ලෝකයේ වෙළෙඳපොළ බැඳිලා තියෙන අපූරුව. ඒ ගැනත් මේ කතාවෙන් ඔයාලට හොඳට තේරුම් ගන්න පුළුවන්. කොහොම හරි කමක් නෑ, මේක නම් පිස්සුවක් ආ... ආ...සා හිතෙයි.. කාලා බලන්න.

• චමිඳු නිසල්