අසෙනි වැහි එන බවක් කීවත්
ලිහිණියන් හැන්දෑවෙ හෙමිහිට
සඳ නැගෙන තෙක් බලා ඉමු අපි
කන්ද මුදුනත දෙමංසල හිඳ
වචන නැති දිග කතන්දර ඇත
ප්රේමණීයම පෙම් පුරාණෙක
පෙම්බරාණෙනි නිල් දෑස් අස
අදත් දුටුවේ ආදරය මම
තනි මකන්නට සඳ පළුව ඇත
නමක් දන්නැති ඈත තරු ළඟ
අහස කාගෙද නොඅසාම මම
අකුරු හෙව්වේ සසර කවියට
පිරිමි පපුවක අමුතු උණුහුම
කියා දුන්නෙත් ඔය පපුව මට
සැනහෙන්න එක තත්ත්පරය ඇති
තුරුල් වෙන්නම් හීනෙකදි මම
සංජ