සිතින් සිඹිමින් නුඹේ හදවත
ප්‍රේමයේ සඳ බිඳක් ඉල්ලමි
හැර ගියත් හැර යන්නෙ කෙලෙසද
නුඹේ සුළැඟිලි තුඩක එල්ලෙමි
මහා කඳු මුදුනතක තනි වී
සඳ ඇබින්දක් සඳෙන් ඉල්ලන
සාවියක නොව ගැහැනියක මම
හදගැස්ම කවිකමට අමුණන
අසංවාදී සිතුම් ධාරා
කඳුළකට මුහුවෙලා වැගිරෙන
ජීවිතේ ගිනියම්ම දවසක
වහිනු මැන වර්ෂාවියේ මා අස
විසල් දෑසින් නුඹෙන් අයදින
චමත්කාරය ජීවිතය වග
කියා දෙන අක්ෂරය ගිලිහුණු
හෝඩි පොත මට ඉතින් කුමකට
• සංජු