ඔන්න මචෝ මේ සතියේ අපි කල්පනා කළා විලාසිතා සම්බන්ධ Y Trendඑකක් සුදාලා වෙනුවෙන් අරගෙන එන්න. මේ වෙලාවේ මුළු ලෝකෙම විලාසිතා සම්බන්ධ තියෙන ප්‍රධානම ප්‍රවණතාවය තමා Oversized Clothing කියන්නෙ. සරලවම කිව්වොත් තමන්ගේ ශරීර ප්‍රමාණයට වඩා විශාල ඇඳුම් ඇඳීමේ පිස්සුව ගැන තමා අපි දැන් කතා කරන්න ලෑස්ති වෙන්නෙ.
මේක එච්චරම අලුත් කතාවක්ද කියලා කාට හරි හිතෙන්න පුළුවන්. ඔව් මචෝ ඉස්සරත් මේ විලාසිතාව ලෝකයේ තිබුණා. ඒත් මේ මොහොතේ ලංකාවේ එච්චරම නැතත් ලෝකයේ ප්‍රධානතම විලාසිතාව බවට Oversized Clothing පත්වෙලා තියෙනවා. ලංකාවේ සුදාලා ගොඩක් ඒ ගැන දන්නෙ නෑ. හැබැයි මචෝ හෙට අනිද්දට අපේ රටේ ගොඩක් අයත් මෙහෙම අඳින්න පළඳින්න ගත්තම ඔයාලට අපි මේ කියන කතාව මතක් වෙයි.
සරලවම කතාව මෙහෙම පටන් ගමු. Oversized Clothing කියන විලාසිතාව නූතන විලාසිතා ලෝකයේ ඉතා ජනප්‍රිය කලාපයක්. මෙය විශාල සහ සුව පහසු Casual Fashion Trend එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. සුව පහසුව තමන් ලබාගන්න අතරේම ලෝකයට තමන් සුව පහසු ලෙස ජීවත් වෙන නිදහස්කාමී පිරිසක් බව පෙන්වීමත් මේ විලාසිතාව ඇතුළේ සිද්ධ වෙනවා. මචෝ සිරාවටම මේක ටිකක් අමුතු වැඩක්.
අපි හොයාගත්ත විස්තර අනුව මචෝ Street wearසහ විශේෂයෙන්ම skate culture එක, hip-hop fashionමේ අපි කියන oversize ඇඳුම් විලාසිතාවේදී ජනප්‍රිය වෙන්න හේතුවක් වෙලා තියෙනවා. ඒ නිසාම මේ සීන් කෝන් එකේ ඉතිහාසයත් පොඩ්ඩක් ගලපගන්න එක වරදක් නෙවෙයි.
Oversized Clothing විලාසිතා 1980 දශකයේදී තමා මචෝ පටන්ගෙන තියෙන්නෙ. Hip-Hop සහ Punk වගේ උප සංස්කෘති නිසා තමයි මේ සීන් එක පෝෂණය වුණේ. ඇත්තටම මේ විලාසිතාව ආරම්භ වුණේ විශාල ප්‍රමාණයේ ඇඳුම් ඇඳලා ඒ කාලෙ තිබුණු සමාජ රීතීන්වලට විරෝධතාවය ප්‍රකාශ කරන්න ගත්ත උත්සාහයක් විදියට. කොහොම හරි මචෝ පස්සේ 1990 ගණන්වලදී මේ විලාසිතාව ප්‍රචලිත වුණා. විශේෂයෙන්ම කලාකරුවන් සහ තරුණ පරම්පරාව අතර ලොකු පිස්සුවක් නිර්මාණය වුණා. පස්සේ 2000 විතර වෙනකොට මේ සීන් එක ජනප්‍රිය සංස්කෘතික ව්‍යාපාරයක් බවට පත් වුණා. විශේෂයෙන්ම සංගීතය සහ කලාවේ බලපෑම මේ සීන් එකට ගොඩක්ම තිබුණු බව කියන්න ඕනෑ.
එතකොට දැන් තියෙන ප්රශ්නය තමයි මෑත කාලීනව කොහොමද මේ විලාසිතාව නැවතත් ජනප්‍රිය වුණේ කියන එක. ඇත්තටම වස්තු ඒ සම්බන්ධවත් ඉතාම හොඳ පැහැදිලි කිරීමක් තියෙනවා.
Oversized Clothing විලාසිතාව මෑත කාලීනව නැවත ජනප්‍රිය වීමට ප්‍රධාන හේතු කිහිපයක් අපිට හඳුනා ගන්න පුළුවන්. මුලින්ම කිව්වා වගේ පළවෙනිම කාරණාව තමා සුව පහසු බව වැඩි වීම. විශේෂයෙන්ම පසු කාලීනව COVID-19 කාලය තුළ මේ විලාසිතාව වේගයෙන් ජනප්‍රිය වෙන්න ගත්තා. මේක කාන්තා-පුරුෂ භේදයකින් තොර ජීවිතයට සුව පහසුව සැලසෙන විලාසිතාවක් කියලා විශ්වාසයක් මිනිස්සු තුළ ඇතිවුණේ වසංගතය හේතුවෙන් නිර්මාණය වුණු පීඩනය නිසාම වෙන්න ඇති.
ඊළඟට වැදගත්ම පැත්ත තමයි සුදෝ Tik Tok සහ Instagram වැනි සමාජ මාධ්‍ය වේදිකාවල මේ විලාසිතාවට ලැබුණු තැන. සමාජ මාධ්‍යවල මේක පිළිබඳ අවධානයක් ලැබෙද්දි Gen Z සහ Millennial පරම්පරාවල අය මේ සීන් එකට පුදුම විදිහට ආකර්ෂණය වුණා. ඒ වගේම ඒ සඳහා වන වෙළෙඳපොළ පුළුල් කරන්නත් විලාසිතා නිර්මාණකරුවන් වේගයෙන් කටයුතු කළා. ඉතින් ඔන්න ඔහොම තමයි මෑත කාලීනව අපි මේ දකින Oversized Clothing විලාසිතා මෙච්චර ජනප්‍රිය වෙලා තියෙන්නෙ.
Oversized Clothing විලාසිතාව වර්තමානයේදී ප්‍රධාන වශයෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව, සහ ජපානය වැනි රටවල් තුළ වේගයෙන් ජනප්‍රියව පවතිනවා. විශේෂයෙන්ම මචෝ දකුණු කොරියාවේ K-pop සහ K-fashion සංස්කෘතික බලපෑමෙන් මේ සීන් කෝන් එක වේගයෙන්ම ලෝකය පුරා ජනප්‍රිය වුණා. කොරියානු බලපෑම නිසා ලොකු ඇඳුම් ඇඳීමේ විලාසිතාව තරුණ පරම්පරාව අතර රටවල් විශාල ප්‍රමාණයක මේ වන විටත් ජනප්‍රිය වෙලා ඉවරයි.
එතකොට මචෝ නූතනයේ මේ විලාසිතාව ලෝකෙට අරගෙන ගියපු ප්‍රධානම තරු පිළිබඳවත් අපි චුට්ටක් කතා කරන්න ඕනෑ. Oversized Clothing මෑත කාලීනව ජනප්‍රිය කිරීමට සහය වූ ජනප්‍රිය පුද්ගලයන් සහ සංගීත කණ්ඩායම් අතර, K-pop ලෝකේ රජවරු වගේ ඉන්න BTS සහ BLACKPINK වගේ සංගීත කණ්ඩායම් හඳුන්වන්න පුළුවන්. ඇත්තටම ඔවුන් බොහෝ වෙලාවට අඳින්නේ පළඳින්නේ තමන්ගේ සිරුරුවලට වඩා විශාල ඇඳුම් ආයිත්තම්.
කොරියාවේ විතරක් නෙවෙයි මචෝ, ඇමෙරිකාවේ Billie Eilish, Justin Bieber, Kanye West වගේ කලාකරුවන් වුණත් වඩා සුව පහසු සහ තමන් නිදහස් ආරයේ මිනිස්සු බව පෙන්වන්න oversized විලාසිතා භාවිත කරමින් ඉන්නවා. මේවා බලාගෙන ලෝකය පුරා තවත් බොහෝ රටවල්වල කලාකාරයෝ සහ වෙනත් ජනප්‍රිය පුද්ගලයන් මේ විදියට අඳින පළඳිනවා අපේ සුදාලා ඕනෑ තරම් දැකලා ඇති.
කොහොම වුණත් ලංකාවේ රැප් සහ හිපොප් සංගීතය කරන තරුණ කොටස්වල බලපෑමෙන් මේ විලාසිතාව යම් ප්‍රමාණයකට ජනප්‍රිය වෙලා තියෙනවා. ඒ වගේම 2000 මුල් කාලයේ ලංකාවට මේ සංගීතය හඳුන්වා දුන්න අපේ කලාකරුවන් අතරෙත් මේක ජනප්‍රිය වෙලා තිබුණු බව ඕගොල්ලන්ට මතක ඇති. ඒත් මචෝ අපි මේ මොහොතේ කතා කරන ලෝක මට්ටමේ නව ප්‍රවණතාව හරියටම අපේ රටට තාම ඇතුළු වෙලා නැහැ. ඉස්සෙල්ලා කිව්වත් වගේ හෙට අනිද්දට ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා.
මේ අමුතු විලාසිතාව සම්බන්ධව ලෝක වෙළෙඳපොළ තත්වයත් සුදාලට ටිකක් පැහැදිලි කරන එක වරදක් නෑ. Oversized Clothing වෙළෙඳපොළ පසුගිය වසර කිහිපය තුළ විශාල වර්ධනයක් පෙන්නුම් කළ ක්ෂේත්රයක්. 2023 වසර වන විට, මේ වෙළෙඳපොළ අගය ඇමෙරිකානු ඩොලර් බිලියන 114.1 ක් වශයෙන් සටහන් වෙලා තිබුණා. සුදාලට කියන්න මේ සම්බන්ධව වෙළෙඳපොළ පර්යේෂණ වාර්තා පෙන්වා දෙන ආකාරයට 2032 වන විට බිලියන 178.2 ක් දක්වා මේ වෙළෙඳපොළ වර්ධනය වීමට ඉඩ තියෙනවා. Oversized Clothingවෙළෙඳපොළ 5.1% ක වාර්ෂික වර්ධන අනුපාතිකයකින් වර්ධනය වෙනවා කියලා ඒ වාර්තා පෙන්වා දෙනවා.
වෙළෙඳපොළේ විශාලම වර්ධනය පෙන්නුම් කරන්නේ උතුරු ඇමෙරිකාව සහ ආසියා ප්‍රදේශවලින්. Nike සහ Adidas වැනි ප්රමුඛ වෙළෙඳ ලේබල් පවා මේ විලාසිතාවලට අනුගත වෙලා තමන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ඉදිරිපත් කරන ආකාරය පහුගිය කාලෙ දකින්න ලැබුණා. දැනට මේ ගැන දන්නෙ නැති සුදාලත් ඊළඟ අවුරුද්ද ඇතුළේ මේ විලාසිතාවේ කොටස්කරුවකු වෙයි කියලා අපි විශ්වාස කරන්නේ ඒ නිසා මචෝ.
ඇත්තටම මචෝ ඇඳුම්ම විතරක් නෙවෙයි, මේ විලාසිතාවට අනුව තමන්ගේ රූපය සහ අනෙක් ආයිත්තම් සකස් කර ගැනීමත් වෙනම ආතල් එකක්. විශාල හිස්කෙස්, හුඩීස් සහ අමුතු බෑග් වගේ අංගවලින් මෙම විලාසිතාව සිරා Y Trend එකක් බවට පත් කරලා තියෙන්නෙ. ඒ වගේම මේ සීන් එක ලිංග භේදයකින් තොරව ජනප්‍රිය වෙලා තියෙන බවත් සඳහන් කරන්න ඕනෑ. ඒ වගේම ලිංගිකත්වය පිළිබඳ නොතකා හැරීම් සිදු කරන ප්‍රජාව අතරේ මේ විලාසිතාවට ලොකු තැනක් ලැබිලා තියෙන බවත් පැහැදිලියි.
• චමිඳු නිසල්