2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා

සංසාර කතන්දර අවසන ප්‍රේමයත් චිත්‍රයක්

 2024 නොවැම්බර් 09 වන සෙනසුරාදා, ප.ව. 02:00 24

ඉස්සී ඇඟිලි තුඩු අග්ගිස්සෙන්
කළු වී ගිය වෙහෙසකර නළලත
ආදරෙන් ඉඹගන්න
මගේ සුදු මහත්තයෝ
මම කොච්චර ආසද
තැනින් තැන පැසුණු
ලස්සන පිරිමි රැවුල අස්සෙන්
හිනා වෙද්දි ඒ හිනාවට
මගේ සුදු මහත්තයෝ
මම කොච්චර ආසද

ඇස් ඇරගෙන නිදිවරාගෙන
මම එනකම් බලා උන්නු
ඒ රාත්‍රින් හැංගුවේ කොහෙද දැන්
ආදරෙන් කතා කළ
ස්නේහයෙන් සිනාසුණ
තත්ත්පර කෝ ඉතින්
සුදු මහත්තයෝ
මගේ ගිම් නිවාලූ
මගේ පණ කෝ ඉතින්

ඒත් මම හරි ආදරෙයි
අපි හමුවුණ සැප්තැම්බරයේ
වැහි දා රළු රාත්‍රියට
පළමු උණුහුම් හාදුවට
වොඩ්කා තරමටම උණුහුම්
අමුතු උමතු උණුහුමට
නතර කර රිය මොහොතක්
මා වැළඳගත් සෙනෙහසට

ඉතින් සංසාර
කතන්දර අවසන
ප්‍රේමයත් චිත්‍රයක්
එදා වාගෙම අදත්
තනියෙන්ම මම අඳින

• සංජු

 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2025 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 02:00