ඔන්න මචෝ අපි අදත් අරගෙන ආවා ලෝකෙ ජනප්‍රියම විලාසිතාවක් සම්බන්ධ Y Trend එකක්. මේක මචෝ 2024 වර්ෂයේ වේගයෙන්ම ජනප්‍රිය වුණු විලාසිතා මාදිලිය විදිහටත් සමහරු හඳුන්වනවා. සමහරවිට මේ ස්ටයිල් එක ගැන දැනටමත් ඔයාලා අහලා ඇති Polished Preppy කියන්නේ සාම්ප්‍රදායික පැරැණි විලාසිතා රැල්ලක අලුත් ආගමනයට.
සුදාලට නිකම් සරලවම කියනවා නම් මීට කාලෙකට කලින් කාර්මික යුගයේ යුරෝපෙ මිනිස්සු ඇඳුම් පැළඳුම් ඇඳපු විදිය, ඒ වල තිබුණා සාම්ප්‍රදායික ගති ලක්ෂණ සහිතව තමයි මේ විලාසිතා රැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. 2024 Polished Preppy විලාසිතාව ජනප්‍රිය වෙන්න පටන් අරගෙන වැඩි කාලයක් නැහැ. Preppy Style පිළිබඳ Trend එක නිර්මාණය වෙන්නේ COVID-19 වසංගතයත් එක්ක. වඩාත් පහසු ඇඳුම් විලාසිතාවක් විදිහට ජනප්‍රිය වුණත් මේ වෙනකොට ඒ සීන් එක ටිකක් අනිත් පැත්ත පෙරළිලා. නිර්මාණශීලි, වටිනා පෙනුමක් සහිත අලංකාර ඇඳුම් විලාසිතාවක් විදිහට ඉහළ සමාජ පන්තිය ඉලක්ක කරගෙන තමයි මේ රැල්ල නිර්මාණය වෙලා තියෙන්නේ.
Polished Preppy විලාසිතාව යටතේ පුළුල් කොළර්, විවිධ රතු සහ නිර්මාණාත්මක වර්ණ භාවිත කරන ලද පැහැපත් ඇඳුම්, වයෝවෘද්ධ කපාට සහිත ශරීරයට ගැලපෙන විලාසිතා දක්නට ලැබේ. මෙය කාර්මික පෙනුමක් සහිත පේප් ආකාරයක් නිර්මාණය කරයි. මෙහිදී තාපයෙන් රැකගත් විලාසිතා, කාර්මික බොටන් සහ පුළුල් හෝ දිග ඇඳුම් සමග සුපිරි පෙනුමක් ලබා දෙයි.
2024 Polished Preppy විලාසිතාව යනු සම්භාවිතා සහිත පේප් විලාසිතා (preppy style) අලුතින් විශාල ප්‍රවණතාවක් ලබා ඇති එකකි. COVID-19 සමයේ වඩාත් පහසු ඇඳුම් විලාසිතා ජනප්‍රිය වූ අතර, දැන් එයට විරුද්ධව, නිර්මාණශීලි වටිනා පෙනුමක් සහිත අලංකාර ඇඳුම් නැවතත් ජනප්‍රිය වෙමින් පවතිනවා. මේ රැල්ලේ ඇඳුම් මෝස්තර මොනවද කියලා ටිකක් පැහැදිලි කළොත් ඔයාලට මේ සීන්කෝන් එක හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. සාමාන්‍යයෙන් මේ සීන් එකේ ප්‍රධාන අංගයක් විදියට සලකන්නේ Blazers සහ Sport Coats. විශේෂයෙන්ම මචෝ නේවි බ්ලූ බ්ලේසර්ස් ගොඩක් ජනප්‍රියයි. පරණ විදිහට කාර්මික සාම්ප්‍රදායික පෙනුමක් තමයි මේ වලින් ලැබෙන්නෙ.
එතකොට මචෝ Oxford Shirts සහ Polo Shirts කියන්නෙත් මේ Trend ඒකේම කොටසක්. ලා නිල් සුදු රෝස වගේ පාටත් එක්ක තමා මේ ඇඳුම් මෝස්තර භාවිත වෙන්නේ. ඊළඟට මචෝ යුරෝපයේ සහ ධනවත් ආසියාතික රටවල්වල ගැහැනු ළමෝ ප්‍රිය කරන Pleated Skirts කියන්නෙත් මේ පිස්සු හැදෙන Trend එකේම කොටසක්. විශේෂයෙන් pleats සහිත skirts කාන්තාවන්ගේ ප්‍රධානතම preppy විලාසිතාංග විදියට හඳුන්වන්න පුළුවන්. පැරැණි උසස් පාසල්වල ශිෂ්‍යාවන්ගේ ඇඳුම් මෝස්තර ඇසුරෙන් තමයි මේක නිර්මාණය වෙලා තියෙන්නේ. මේ සීන් එක ඇතුළෙත් පෙන්නුම් කරන්නේ වැදගත් සාම්ප්‍රදායික ධනවත් පෙනුමක්.
අපේ මචං ලා මේ ගැන වැඩිදුරටත් හොයලා බලනවානම් අපි ඔයාලට මේ ෆැෂන් එක සම්බන්ධ ජනප්‍රිය මෝස්තර කිහිපයක් කියන්නම්. Chinos සහ Khakis එතකොට Oxford Shirts එක්කම භාවිතාවෙන Sweater Vests සහ Cardigans කියන්නෙත් මේ සීන් එකේ ප්‍රධාන කොටසක්. ඇඳුම් විතරක් නෙවෙයි මේ සීන්කෝන් එකත් එක්ක යන සපත්තු පළදනාවන් වගේ ගොඩක් දේවල් දැන් දැන් නිර්මාණය වෙමින් තියෙනවා. සුදාලට අන්තර්ජංජාලයේ පැත්තට ගොඩ වැදුනොත් මේ මොහොතේ මේ ට්‍රනේඩ් එකේ තත්ත්වය පිළිබඳ හොඳ අධ්‍යනයක් කරන්න පුළුවන් වෙයි.
මේ කාලේ නිර්මාණය වෙන ගොඩක් විලාසිතා රැළිවලට ඉතිහාසයක් තියෙනවා. ඉතින් මචෝ මේකටත් එහෙමයි. Preppy fashion style එකේ ඉතිහාසයට අනුව 1900 දශකයේ අගභාගයේ Ivy League විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මේ සීන් එක ආරම්භ වුණ විදිහට තමයි තොරතුරු වාර්තා වෙලා තියෙන්නෙ. මේක සාම්ප්‍රදායික වූ උසස් පවුල්වල විලාසිතා මාදිලියක් වෙලා තියෙනවා.
උසස් පාසල් විශ්වවිද්‍යාල හරහා මේ සම්ප්‍රදායික විලාසිතා ඒ කාලේ ජනප්‍රිය වුණු බව තමයි කියවෙන්නේ. polo, rugby, golf, සහ tennis ආදී ක්‍රීඩාවල බලපෑම සහ ඒවාට නිර්මාණය වුණු ඇඳුම් පැළඳුම් මේ විලාසිතා මාදිලියේම කොටසක් බවට පරිවර්තනය වෙලා තියෙන බව පැහැදිලි. 1950 වගේ වෙනකොට විශ්වවිද්‍යාල හරහා පැතිර ගියපු මේ රැල්ල බාහිර සමාජය තුළත් Fashion Culture එකක් නිර්මාණය කරන්න හේතු වෙලා තියෙනවා. සරලවම කිව්වොත් මචෝ අපි දන්න ඉතිහාසේ හැමදාමත් මේ විදියේ ඇඳුම් පැළඳුම් ලෝකෙ මිනිස්සු ඇන්දා. විලාසිතා පොත්පත්වල විලාසිතා ප්‍රදර්ශනවල වගේම ඉහල සමාජය තුළත් මේ වගේ දේවල් පහුගිය අවුරුදු 20ක 30ක කාලය තුළ දැකගන්න ලැබුණා. ඒත් මට ඇත්තටම අන්තිම අවුරුදු දෙක තුන ඇතුළත වුණේ වෙන සීන් කෝන් එකක්. මේ සාම්ප්‍රදායික මෝස්තරය ලෝකෙ ප්‍රධාන තැනකට එන්න පටන් ගත්තා. නළු නිළියන් ලෝකෙ පුරා ගායක ගායිකාවන් මේ මේ විලාසිතා භාවිත කරන්න පටන් ගත්තා. ඒ වගේම මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වුණු චිත්‍රපට මාලානාටක වගේ දේවල් ඇතුළේ මේ විලාසිතාව වැඩියෙන් භාවිත වුණා.
ඔන්න ඔහොම තමයි මචෝ දැන් අපි දකින Preppy විලාසිතාව Trend එක නිර්මාණය වෙලා තියෙන්නේ. කොහොම වුණත් මේ සීන් කෝන් එක නිර්මාණශීලී, අර්ථයක් තියෙන කැලසිල් ආතල් එකක් විදියට හඳුන්වා දෙන්න පුළුවන්. මේ වෙනකොට සමාජ මාධ්‍යයත් විශාල බලපෑමක් මේ විලාසිතා රැල්ල ප්‍රවර්ධනය කරන්න සිදුකරමින් ඉන්නවා. මචං දැන් ලෝකෙ තියෙන ප්‍රධානතම විලාසිතා නිර්මාණ ඉදිරිපත් කරන ආයතන Preppy විලාසිතාව සඳහා වැඩි අවධානයක් ලබා දීලා තියෙන බව ඉතාම පැහැදිලියි.
අපි සොයා බලපු තොරතුරු වාර්තා අනුව 2023 වසර විතරක් සමස්තයක් විදියට මේ විලාසිතා සම්බන්ධ වෙළඳපොළ ඇමරිකානු ඩොලර් බිලියන 600 ක් විතර වෙන බව තමා කියන්නේ. ඇත්තටම ඒකනම් ටිකක් හිතාගන්නත් අමාරු අගයක්. ඇමෙරිකාව යුරෝපය මේ හා සම්බන්ධව දක්වන ඉහළ උනන්දුව, මිලේනියම් සහ ජෙන් සී මේ පිළිබඳව දක්වන විශේෂ උනන්දුව මේ ප්රවණතාවට හේතුවක් බව කියවෙනවා. ඒ වගේම සුපුරුදු විදිහට ආසියාවේ මේ රැල්ල නිර්මාණය කරන්න කොරියාව ජපානය සහ චීනයේ නැඹුරුතාවක් හේතු වුණු බව පැහැදිලියි.
කොහොම වුණත් මචෝ ලංකාව නම් තාම මේ සීන් කෝන් එකේ එච්චරම ගැඹුරට ගිහිල්ලා නෑ. අපි තාම ඉන්නේ වෙනම ශානරයක් ඇතුළේ. හැබැයි මචෝ ඉතාම පැහැදිලියි තවත් මාස කිහිපයක් හෝ වසර කිහිපයක් ඇතුළත මේ විලාසිතා රැල්ලට අපිත් නතුවෙනවා. එහෙනම් වස්තුව මේක කියවලා මතක තියාගෙන බලාගෙන ඉන්න, ඔයාලත් මේ ඇඳුම් ආයිත්තම් අඳින දවස වැඩි ඈතක නැහැ.
• චමිඳු නිසල්