මචෝ මේ වෙනකොට ලෝකයටම පිස්සු හදවන අමුතු ජාතියේ Y Trend නිර්මාණය කරන රට තමා දකුණු කොරියාව. සුදාලට කොරියාවෙන් පටන් ගත්ත අමුතු උමතු ආතල් සීන් කෝන් ගැන අපි කියලා තියෙනවා. මේකත් කොරියාව ගැන අහන්න ලැබෙන පිස්සු හැදෙන කතාවක්. කවදා හරි දවසක ලංකාවටත් මේ සීන් කෝන් එක වෙයි කියලා හිතෙන නිසාම තමා මේ කතාව ගලපන්නෙ.
කොරියාවම පිස්සු වැටිලා ඉන්නෙ ප්ලාස්ටික් සර්ජරි Trend එකට. ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ පිස්සු හැදෙන මේ විදියේ Y Trend ටිකක් තියෙනවද කියලත් සමහරු අහලා නැතුව ඇති මචෝ. ඒත් මේක සිරා කතාවක්. දකුණු කොරියාවේ තරුණ තරුණියන් අතර ප්ලාස්ටික් සැත්කම් (plastic surgery) පිළිබඳ තියෙන Y Trend එකට ගැහැනු පිරිමි මිනිසුන්ගේ සෞන්දර්ය, සමාජීය සම්මතයන් සහ ව්‍යාපාරික ප්රවණතා තමා හේතු වෙලා තියෙන්නෙ.
සුදාලට තේරෙන විදිහට සරලව කිව්වොත් කොරියානු සමාජය ඇතුළේ ජීවත් වෙන කෙල්ලෝ කොල්ලෝ, ලස්සන කියන දේ විග්රහ කරගන්න විදිහ තමා මේ සීන් කෝන් එකට හේතු වෙලා තියෙන්නෙ. මේකට මචෝ ශරීර සෞන්දර්ය පිළිබඳ මනෝභාවය කියලත් කියනවා. උපතින්ම ලබන ලස්සන ගැන ඇත්තටම ගොඩක් කොරියානු කෙල්ලෝ තෘප්තිමත් වෙන්නෙ නෑ. එයාලා හැමෝම උත්සාහ කරන්නෙ තාක්ෂණය සහ වෙන වෙන දේවල් ඔස්සේ තමන්ගේ ශරීරය දැන් ලස්සනයි කියලා විශ්වාස කරන, Trend එකට අනුව හදාගන්න.
අපිට මේක එච්චර තේරෙන සීන් කෝන් එකක් නෙවෙයි මචෝ. අලුතින් සල්ලි හම්බවෙලා ලොකු රටක් බවට පරිවර්තනය වුණු කොරියාව ඇතුළෙ තියෙන නව සංස්කෘතික ගොබ්බ ආතල් ටිකක් තියෙනවා. සමහර ඒවා සුදාලා විශ්වාස කරන්නෙ නැති තරම්. කොරියාවේ ලස්සන කියලා කියන්නෙ ජීවත්වීම සඳහා අවශ්‍ය ප්‍රධානම සාධකයක්. ලස්සන නැත්නම් වැඩිවියට පත්වෙච්ච තරුණියකට උසස් පාසල ඇතුළේ පිළිගැනීමක් ලැබෙන්නෙ නෑ. කොල්ලො විශ්වාස කරන ලස්සන සම්මතයන්ට ගැලපෙන ශරීර පෙනුමක් නැත්නම්, හොඳ රැකියාවක් ලබාගන්න බැහැ, මිතුරන් අතරේ පිළිගැනීමක් ලැබෙන්නෙ නැහැ. පවුල්වලින් පවා කරදර බාධා ඇතිවෙනවා. විවාහ වෙන එක සම්බන්ධව විශාල ප්‍රශ්නයක් නිර්මාණය වෙනවා. මේ වගේ එකී මෙකී නොකී විශාල ප්‍රශ්න ගොඩක් මේ ලස්සන කියන සීන් කෝන් එකත් එක්ක කොරියාවෙ නිර්මාණය වෙලා මචෝ. පිළිගන්න බැරිනම් ඔයාලට පුළුවන් Google දෙයියන්ගෙන් අහලා බලන්න. ඕනෑ තරම් Research තියෙනවා මේ සීන් කෝන් එක ගැන.
කොරියාවේ සෙට් එක වැඩිපුරම සිදු කරගන්න ප්ලාස්ටික් සැත්කම් පිළිබඳව හොයලා බැලුවොත්, ඒකෙත් වෙනම ආතල් එකක් තියෙනවා. සුදාලා දන්නවා කොරියානුවන්ගේ ඇස් සිහින් ඒවා. ඒත් එයාලා ඇත්තටම කැමති ඇහි පිහාටු තියෙන තරමක් විශාල ඇස්වලට. ඒ නිසා ගොඩක්ම කොරියානුවන් උත්සාහ කරනවා, තමන්ගේ ඇස්වල ස්වරූපය වෙනස් කරගන්න ප්ලාස්ටික් සැත්කම් සිදු කරන්න. ඒ නිසාම Double Eyelid Surgery (Blepharoplasty) කොරියාවේ සෑහෙන්න ප්‍රසිද්ධයි. මේගොල්ලෝ විශ්වාස කරනවා සතුටු පෙනුමක් තියෙන මුහුණක් ලබාගන්න මේ සැත්කම් හරහා පුළුවන් කියලා.
ඊළඟට ලොකුවටම තියෙන පිස්සුවක් තමයි නහය වෙනස් කර ගැනීම. ඉහළ නාසයකට (High Nose Bridge) කොරියාව ඇතුළෙ තියෙන්නෙ ඉහළ වටිනාකමක් මචෝ. ඒ කියන්නෙ කොරියානු සමාජයේ නාසය “ඉහළ” සහ ”දිගු” පෙනුමක් තිබීම Beauty Stranded එකක් විදිහට හඳුන්වනවා. නහය වෙනුවෙන් ලොකු වටිනාකමක් දෙන කොරියාවේ සෙට් එක නාසයේ හැඩය වෙනස් කිරීම සඳහා ප්ලාස්ටික් සැත්කම් (Rhinoplasty) කිරීමට දක්වන්නෙත් පිස්සු හැදෙන උනන්දුවක්.
ඊළඟට මුහුණේ හැඩය වෙනස් කරන සැත්කම් කොරියානු තරුණියන් අතර ගොඩක් ජනප්‍රියයි. Jawline Surgery (V-line Surgery) කියන මේ ඔස්සේ සිදුවෙන්නෙ මුහුණට V හැඩයක් ලබා දෙනවා වගේ වැඩක්. මුහුණේ පරිපූර්ණත්වය සඳහා මේ හැඩය ඕනෑ කියලා විශ්වාසයක් කොරියාවේ සෙට් එක අතර තියෙනවා. ඒ නිසා තමා මේ සැත්කමත් ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නෙ මචෝ. කුඩා ලස්සන මුහුණක් ලබාගන්න කරන මේ වගේ තවත් සැත්කමක් තියෙනවා. ඒකට කියන්නෙ Cheekbone Reduction (Zygoma Reduction) කියලා. ඒ සීන් එකත් ගොඩක් ජනප්‍රියයි. ඇත්තටම මචෝ මුහුණ විතරක් නෙවෙයි, ශරීරයේ හැඩය වෙනස් කර ගැනීමටත් ප්ලාස්ටික් සැත්කම් කිරීම කොරියාවේ නිරන්තරයෙන්ම සිද්ධවෙන දෙයක්.
සිහින් හැඩැති සිරුරක් ලබා ගැනීම සඳහා සිදු කරන Fat Grafting, Liposuction වගේ ප්‍රතිකාර, එතකොට පියයුරු විශාල කිරීම හෝ තමන්ගේ ශරීරයට ගැලපෙන ලෙස සකසා ගැනීම සඳහා කෙරෙන Breast Augmentation හරිම ජනප්‍රියයි. ඊට අමතරව මේ කාලේ මචෝ කොරියාවේ ඉහළ පන්තිය අතර ගොඩක් ජනප්‍රිය සීන් කෝන් එකක් වෙමින් තියෙනවා. ඒ තමයි පශ්චාත් භාගයේ හැඩය වෙනස් කිරීම සඳහා සිදු කෙරෙන Buttocks Augmentation කියන ප්‍රතිකාරය.
ඉපදුණු හැඩයෙන්ම මැරිලා යන අපේ රටේ සෙට් එකට කොරියාවෙ කට්ටිය මේ ගන්න ආතල් එක ඇත්තටම විහිළුවක් වගේ තමා. වැඩි වුණොත් අපේ සුදාලා ක්‍රීම් ටිකක් ගාවි, ව්‍යායාම කරයි, ජිම් එකකට යයි. හැබැයි ඔය වැඩේ කරන්නෙත් හරිම අතළොස්සක් දෙනෙක් විතරයි. ඒ නිසා අපිට මේ වගේ පිස්සුවක් ගැන තියෙන Y Trend එක එච්චරම තේරෙන්නෙ නැහැ.
ඒත් වස්තුලට කියන්න ඕනෑ කොරියාවෙ තියෙන Beauty Stranded එක ඒ රටේ ජීවත්වෙන තරුණ තරුණියන් මුහුණ දෙන අංක එකේ ප්‍රශ්නයක් බවට ශරීර ස්වරූපය පත් වෙලා. අම්මලා තාත්තලා, නව යෞවනයට පිවිසෙන තමන්ගේ දරුවන්ට උපන්දින තෑග්ගක් විදියට පිරිනමන්නෙ, ප්ලාස්ටික් සැත්කමක්. පුංචි රස්සාවක් කරලා කොරියන් කෙල්ලො කීය කීය හරි ඉතුරු කරන්නෙ ප්ලාස්ටික් සැත්කමක් කර ගන්න. ප්ලාස්ටික් සැත්කම් කරන්න බැරිවෙලා ශරීර ස්වරූපය තිබුණු විදියටම තිබිලා ඒකට අපහාස උපහාස විඳලා ජීවිතය අතහැරලා යන අයත් ඉන්නවා. ඉතින් මචෝ මේක වෙනම ජාතියක පිස්සුවක්.
K-pop හා K-drama හරහා ලෝකයෙම ජනප්‍රිය වන තරුවල බලපෑමත් මේකට ලොකුවටම හේතු වන බව අමතක කරන්න බැහැ. කොහොම වුණත් මේ සීන් එක කොරියාව ඇතුළේ කොච්චර ජනප්‍රියද කියනවනම්, ඇමෙරිකාවෙන් සහ යුරෝපයෙන් පවා කොරියාවට ඇවිල්ලා ප්ලාස්ටික් සැත්කම් කරගන්න අය ඉන්නවා. මචෝ කොරියාවේ පාරක් පාරක්, හන්දියක් හන්දියක් ගාණෙ මාතර බත් කඩ වගේ ප්ලාස්ටික් සැත්කම් සම්බන්ධ දැන්වීම් පුවරු, ආයතන දැකගන්න පුළුවන්.
සමස්තයක් විදිහට මේ සීන් කෝන් එක නිසා ඇතිවෙලා තියෙන බලපෑම අති විශාලයි මචෝ. එක පැත්තකින් සෞඛ්‍ය අවදානම. ජීවිත කාලයම මුහුණු, ශරීර විකෘති වීම් ගැන අහන්න ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි සාමාජීය ගැටලු, මානසික ගැටලු විශාල වශයෙන් කොරියාවේ දැන් වාර්තා වෙනවා. වස්තු තේරුම් ගන්න ඕනෑ එකම දේ තමයි, සමාජයක් එකපාර දියුණු වෙද්දි ඒ සමාජය මේ වගේ උමතු Trend ඔස්සේ ගමන් කිරීමේදී ලොකු අවදානමක් තියෙනවා කියන එක.
සුදාලා දැන් මේ සීන් කෝන් එක ගැන ඔයාලට කොරියාවේ මිනිස්සුන්ට බණින්න හිතෙනවනම් ඇත්තටම මචෝ ඒක තේරුමක් නැති දෙයක්. මොකද මේ වෙනකොටත් ඒගොල්ලන්ගෙ සමාජ සම්මතයක් බවට පත්වෙලා තියෙන මේ Trend එකෙන් වාණිජ ලෝකය ආක්‍රමණය කරලා ඉවරයි. මේක දැවැන්ත ව්‍යාපාරයක්. මේ ව්‍යාපාරය නඩත්තු කරන්න සමාජ සම්මතයක් තවදුරටත් ඒ අය ස්ථාපිත කරමින් ඉන්නවා. ඒවායින් ඈත්වෙන කොරියානුවන්ට සමාජය තුළ අත්වෙන්නෙ නරක ඉරණමක්.
• චමිඳු නිසල්