සිතින් සිඹිමින් නුඹේ හදවත
ප්‍රේමයේ සඳ බිඳක් ඉල්ලමි
හැර ගියත් හැර යන්නෙ කෙලෙසද
නුඹේ අතැඟිලි තුඩක එල්ලෙමි
මහා කඳු මුදුනතක තනි වී
සඳ ඇඹින්දක් සඳෙන් ඉල්ලන
ගැහැනියක නොව සාවියක මම
හදගැස්ම කවිකමට අමුණන
අසංවාදී සිතුම් ධාරා
කඳුළකට මුහුවෙලා වැගිරෙන
ජීවිතයෙ ගිනියම්ම දවසක
වහිනු මැන වර්ෂාවියේ මා අස
විසල් දෑසින් නුඹෙන් අයදින
චමත්කාරය ජීවිතය වග
කියා දෙන අක්ෂරය ගිලිහුණ
හෝඩි පොත මට ඉතින් කුමකට
• සංජු