කලා ක්ෂේත්‍රයට ඇවිත් මේ ගත වෙන්නේ කී වෙනි වසරද?
අවුරුදු 40කට අධික කාලයක් වෙනවා දැන්
කලාවේ ආරම්භය ගැන මතක් කළොත් අපි?
මුලින්ම පිවිසෙන්නේ 1976 වසරේදී. මම එතකොට හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ. අපේ ඉස්කෝලේ ඉගෙන ගන්න ළමයින්ගෙන් සංවිධාන වුණා කලා නාට්‍ය සංගමයක්. එතකොට ඒ සංගමයෙන් අපි විවිධ නාට්‍ය කටයුතු ඉදිරිපත් කළා. අපේ නාට්‍ය ගුරුවරයා විදියට කටයුතු කළේ ආරියපාල පතිරාජ මහතා. එතුමා විසින් නිර්මාණය කළා 1976 දී පැවැත්වුණා සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයට කතාවක් අතර හදියක් කියන නාට්‍ය. මේ නාට්‍යයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තේ මාව. හැමෝගෙම හොඳ පැසසුම් ලැබුණා. ඒ විතරක් නෙවෙයි ඒ අවුරුද්දේ 1976 දී පැවැත්වුණා සමස්ත ලංකා අන්තර් පාඨශාලීය නාට්‍ය තරගයේ ප්‍රථම ස්ථානය හිමි වුණා.
ඊට පස්සේ දිගටම කලා කටයුතුවල යෙදුනද?
මෙහෙමයි, ඊට පස්සේ 1978 දී මම තේරුණා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයට. නමුත් මම කලාවට ගොඩක් ආස නිසා මම වැඩි වශයෙන් ප්‍රිය කළේ කලා අංශයේ ගුරුවරුන්ගේ ඇසුර. ඒ කාලේ හිටිය මහාචාර්ය තිස්ස කාරියවසම් මහතා. මම නිවාඩු වෙලාවට එතුමාගෙන් කලාව ගැන ඉගෙන ගත්තා. ඒ වගේම තමා ප්‍රවීණ රංගධරයෙක් වෙන උපාලි අත්තනායක මහතා තමා අපිට ඉංග්‍රීසි ඉගැන්නුවේ ඉතින් එතුමාගෙන් මම රංගනය ගැනත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා.
ඒ කියන්නේ කලාවට තියෙන ආදරය එන්න එන්නම වැඩි වුණා?
ඔව්. මොකද අපි විශ්ව විද්‍යාලයේ ඉන්න කාලේ වැඩි වශයෙන් අවස්ථාව ලැබුණා කොළඹ නගරය අවට තියෙන වේදිකා නාට්‍ය නරඹන්න. විශේෂයෙන්ම ලුම්බිණි රඟහලට ගත්තා. ඒ අවස්ථාවලදී මම තරුණ, ප්‍රවීණ නාට්‍යවේදීන් හඳුනා ගන්නවා. ජයලත් මනෝරත්න, සිසිල් ගුණරත්න, හේමසිරි ලියනගේ, ඩග්ලස් සිරිවර්ධන වැනි ප්‍රවීණ නාට්‍යකරුවන්ව හඳුනා ගන්න ලැබුණා.
එතකොට ප්‍රසිද්ධ වේදිකාවට සම්බන්ධ වුණේ කොහොමද?
මම කිව්ව අර දැන හැඳුනුම්කම් මත මට මුලින්ම ලබෙනවා සිසිල් ගුණරත්නගේ නාට්‍යක රඟපාන්න. ඊට පස්සේ මට ලැබුණා ජයලත් මනෝරත්න මහතාගේ පළවෙනි නාට්‍ය වන මහ ගිරි දඹ නාට්‍යයේ වේදිකා පරිපාලනය කරන්න. වේදිකා පරිපාලනය කියන්නේ වේදිකාවේ හතර කොන ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ කෙනෙක්. ඉතින් මට මේ නාට්‍යයේ සියලුම දෙබස් පවා කටපාඩම් වුණා. නාට්‍ය දුර පැතිවලට යද්දී සහ යම් යම් කාරණා නිසා එන්න බැරි වෙන ප්‍රධාන භූමිකා නිරූපණය කළ චරිත ඒ අය නැති නිසා ඒ අවස්ථා නිරූපණය කරන්න මට වාසනාව ලැබුණා. ඒ හරහා ජීවිතයට ලොකු අත්දැකීමක් එකතු වුණා.
ඔබටම වේදිකාවේ චරිතයක් ලැබුණේ?
ඔව් මේ දේවල් දකිනකොට ඩග්ලස් සිරිවර්ධන මහතා මාව තෝරා ගන්නවා අඹු සැමියෝ නාට්‍යට. ඒ වගේම සුබ සැන්දෑවක් නාට්‍යට සහ හිට්ලර් නාට්‍යට හිට්ලර් නාට්‍යයේ නම් මම ප්‍රධාන භූමිකාවක් කළේ.
ඒ වගේම ඔබ අතිනුත් බොහෝ සේ ජනප්‍රිය වේදිකා නාට්‍ය නිර්මාණය ව්‍ුණා?
මම විශ්ව විද්‍යාලයෙන් පිට වෙද්දී මට දැනුණා දැන් මට නාට්‍යයක් කරන්න අත්දැකීම් තියෙනවා නාට්‍යක් කරන්න ඕනේ කියලා. මගේ තාත්තා සිරිසේන ප්‍රේමලාල් තාත්තා ගුරැවරයෙක් එයත් පාසල් විවිධ ප්‍රසංගවලට එහෙම නාට්‍ය නිර්මාණය කළා. ඉතින් මම නාට්‍යක් කරන්න ඕනේ කිව්වම තාත්තා ලිව්ව කෙටි නාට්‍ය පිටපතක් මට දුන්නා අබුද්දස්ස කෝළම කියලා. මම බැලුව පිටපත හොඳයි මේකෙන් දිගු නාට්‍යක් ලියලා දෙන්න කිව්වම තාත්තා ලියලා දුන්නා. ඒකට රංගනයෙන් දායක වුණා සරත් කුලාංග, රවීන්ද්‍ර යසස්, සරත් චන්ද්‍රසිරි, දීපානි සිල්වා සහ සද්ධා උත්පල මේ අයගෙන් බොහෝ දෙනෙක්ගේ පළමු ප්‍රසිද්ධ වේදිකා නාට්‍ය බවට පත් වුණේ අබුද්දස්ස කෝළම. ඒ වගේම කියන්න ඕනේ අද වෙද්දී වසර 33ක් වෙනවා මේ නාට්‍යට තවම මුල් රංගන ශිල්පීන්ම තමා රඟපාන්නේ. ඒක එක විශේෂයි ඒ වගේම 84 දී යෞවන සම්මාන උළෙලේ සම්මාන 7ක් ලැබුණා. ඊට පස්සේ 88 දී මම රාජකපුරු නාට්‍ය කළා. ඒකත් රාජ්‍ය නාට්‍ය උළෙලට තේරිලා ප්‍රධාන සම්මාන 3ක්ම ලැබුණා. එතැනින් පස්සේ 2000දී රජගහේ නාඩගම, 2004 දී සක්වල කැළඹිලා වගේ නාට්‍ය මම නිර්මාණය කළා.
එතකොට විශ්ව විද්‍යාලයෙන් පස්සේ රුකියාවක් කරන ගමන් නේද මේ හැම දෙයක්ම කරන්නේ?
ඔව් ඔව්. මම විශ්ව විද්‍යාලයෙන් පස්සේ ආර්ථික විද්‍යා ගුරුවරයෙක් විදියට පත් වීම් ලැබුවා. වසර 30ක කාලයක් සේවය කළා. දැන් නම් විශ්‍රාම ගිහින් පුර්ණ කාලීනව තමා මේ කලා කටයුතු කරගෙන යන්නේ.
හරි එතකොට පුංචි තිරයට අාෙව් කොහොමද?
වේදිකා නාට්‍ය හරහා ලබපු ආභාෂය පන්නරය අත්දැකීම් නිසා මට වේදිකා රංගන ශිල්පියෙක් විදියට ස්‌ථාවරයක් ඇති වෙනවා. ඒ ඔස්සේ තමා මට පුංචි තිරයට එන්න අවස්ථාව ලැබෙන්නේ. මට මුලින්ම ලැබෙන්නේ ඉතාම සුළු චරිතයක්. ජාතික රූපවාහිනියේ විකාශය වුන හත්පණ කියන ළමා නාට්‍යයේ ඉන්පසුව මට ලැබුණා. සුදත් සේනාරත්න මහතා අධ්‍යක්ෂණය කළ සිවමංසල නාට්‍යයේ උප ප්‍රධාන චරිතයක්. ඒක මම කළේ ඒ නාට්‍යයේ පෙමවතාගේ චරිතය නිසා බොහෝ දෙනාගේ මතකේ රැඳුනා. ඊට පස්සේ 93 අවුරුද්දේ පරාක්‍රම නිරිඇල්ල මහතා කරපු සඳගිරි පව්ව කියන නාට්‍යයේ මම රඟපෑවා. මේ නාට්‍ය මගේ රංගන ජීවිතේ හැරවුම් ලක්ෂයක් කිව්වොත් හරි මොකද මම කළේ ප්‍රධාන පිරිමි භූමිකාව මගෙත් එක්ක මේ නාට්‍යයේ රඟපෑව රවීන්ද්‍ර රන්දෙණිය, ශ්‍රියාණි අමරසේන, චාන්දනී සෙනවිරත්න, නීල් අලස්, අශෝක පීරිස්, යශෝධා විමලරත්න වගේ ප්‍රවීණ අය. එතැන් සිට අද දක්වා මම හිතන්නේ ටෙලි නාට්‍ය 400කට වැඩි ප්‍රමාණයක රඟපාලා තියෙනවා.
චිත්‍රපටවලට ආරාධනා ලැබුණේ කාගෙන්ද?
මුලින්ම විජය ධර්ම ශ්‍රී අධ්‍යක්ෂණය කළ ගුරු ගෙදර චිත්‍රපටය තමා මගේ මුල්ම චිත්‍රපටය. ඊට පස්සේ වසන්ත ඔබේසේකරගේ සලෙළු වරම, උදයකාන්ත වර්ණසූරියගේ බහුභාර්යා, ඩෙන්සිල් ජයවීර ගේ වස්සානේ සිහිනය, ධම්මික සිරිවර්ධනගේ කළ සුවඳ දැනුණා ජීවිතේ සහ මෑතදී තිරගත වූ චත්‍ර වීරමන්ගේ ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ රඟපෑවා. තව මට ආරාධනා ලැබිලා තියෙනවා සුජීව ප්‍රියාල් ගේ අලුත්ම චිත්‍රපටය වන සුපර්ණා චිත්‍රපටයට.
ඔබ සම්මානනීය රංගන ශිල්පියෙක් අපි ඒ ගැනත් මතක් කරමු?
ඔව්, සම්මාන හරහා අපි මේ කරන දේ සාර්ථකයි කියන දේ ගැන අපිටම තෘප්තියක් ලැබෙනවා. මම ඒ අතින් වාසනාවන්තයි කියලා හිතෙනවා මොකද මට හොඳම නළුවාට හිමි සම්මානය 7 වතාවක්ම ලැබුණා.
►Text – Anusha Ranasinghe / Pic - Internet